තම දියණිය අතවරයකට ලක්ව ඇති බවට සැලවීමත්, ඇයගේ හිතුවක්කාරී වැඩ ගැන කලකිරීමත් හේතුවෙන් වැලිමඩ පොලිස් ස්ථානය තුළදීම මවුපිය යුවළක් වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. Sri Lanka Latest News
වැලිමඩ පුහුල්පොළ පදිංචි හතළිස් දෙහැවිරිදි පියා සහ තිස් අට හැවිරිදි මව මෙසේ වස පානය කර තිබේ.
වයස අවුරුදු 12 මාස 8ක් වන මෙම දැරිය මීට දින කිහිපයකට පෙර නිවෙසින් පැමිණ දින ගණනාවක් කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ නතරව සිට නැවත වැලිමඩට පැමිණ තිබේ. වැලිමඩ නගරයේ සැරිසරමින් සිටියදී පොලිසියට ඇති වූ සැකයක් මත ඇය පොලිසියට ගෙන ගොස් තිබේ.
ඇය වැලිමඩ නගරයේ දී තරුණයකු හඳුනාගෙන තිබෙන බවත් එම තරුණයා සොයා ඇය කඩුවෙලට පැමිණ ඇති බවත් පසුව තරුණයා සමඟ දින 5ක් පමණ අඹුසැමියන් ලෙස කාලය ගත කර ඇති බවත් හෙළිව තිබේ.
පසුව මේ තරුණයා විසින් ඇය ඉකුත් 11 දා ආපසු වැලිමඩ දක්වා එවා ඇත. ඇය බස් නැවතුම්පොළේ රැඳී සිටින අයුරු දුටු වැඩිහිටියකු කළ දැනුම්දීමක් මත මෙසේ ඇය පොලිසියට කැඳවා ගෙන පැමිණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඇත. ඒ අනුව ඇය අතවරයට ලක් වී ඇති බව හෙළි වී තිබේ.
මේ දරුවා පාලනය කර ගත නොහැකි බවට මව්පියන් මීට පෙර පොලිසියට පැමිණිලි කර තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කර ඇය පරිවාස භාරයට පත් කර තිබේ. ඇයගෙන් ලද තොරතුරු අනුව සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුලි 4 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුව ඇයගේ පියා දැරිය නැවත නිවෙසට කැඳවා ගෙන විත් තිබේ.
පසුව නැවත පසුගිය 11 වැනිදා මේ දැරිවිය වැලිමඩ නගරයේ සිටිය දී පොලිසියට රැඟෙන විත් ඇත. එහි දී පොලිසියට ඇති වූ සැකයක් මත වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර වාර්තාව ලබාගැනීමෙන් පසු දැරියගේ මාපියන් පෙරේදා (18 )පොලිසියට කැඳවා රෝහල් වාර්තාව අනුව දැරිය දුෂණයට ලක්ව ඇති බව දැනුම් දී ඇත. දැරියගෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගන්නා අතරතුර එතැනින් ඉවතට පැමිණි දැරියගේ මව හා පියා සඟවාගෙන තිබූ වස බෝතලයක් ගෙන පානය කර තිබෙන බව පොලිසිය කියයි.
මේ දරුවාගේ පියා ප්‍රතිකාර ලබමින් සිටිය දී රෝහලින් පැන ගොස් ඇති අතර මව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.