ඇල්කඩුව වතුයායේ වත්මන් වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයාට විරුද්ධව පැවැති විනය පරීක්ෂණය සම්බන්ධයෙන් ලබා දුන් නිර්දේශ පිළිබද වාර්තාවක් සති 2ක් ඇතුළත කෝප් කාරක සභාවට ලබා දෙන ලෙසට කළ විගණකාධිපතිවරයා විසින් කළ නිර්දේශය මේ දක්වා ඉටු කොට තිබේද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රශ්නයක් පැන නැගී ඇති බව එම වතුයායේ සේවකයෝ ප්‍රශ්න කර සිටිති.Sri Lanka Latest News
ඔවුන් පෙන්වා දෙන්නේ වත්මන් වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයාට විරුද්ධව ඇති චෝදනා 6ක් පිළිබදව කාරක සභාවේ සභාපති වෙත එවන ලද වාර්තාවේ සදහන් කරුණු පිළිබදව විගණකාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම නිර්දේශය නිකුත් කොට තිබිණු බවකි.
එමෙන්ම මාස 2ක් ඇතුළත නව සාමාන්‍යාධිකාරීවරයකු බදවා ගත යුතු බවටද කෝප් කමිටුව මගින් නිර්දේශ කොට තිබිණ.
කෙසේවෙතත් මෙම කෝප් කමිටු රැස්වීමෙන් පසු එම වතුයායේ සේවකයන් චෝදනා කරමින් කියා සිටියේ කෝප් කමිටුවට තොරතුරු ලබා දුන් බව කියමින් සමාගමේ ඇතැම් ප්‍රධානීන් විසින් සේවක දඩයමක් ආරම්භ කොට තිබූ බවකි.
මේ සම්බන්ධයෙන් සජබ ඉහළ පෙළ නියෝජිතයකු අදහස් දක්වමින් කියා සිටියේ සජබ ආණ්ඩුවක් පිහිටවූ වහා ඇල්කඩුව වතුයායේ සිදුව ඇතැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කරන බවකි.
දැනටමත් වෘත්තීය සමිති නායකයන් විසින් ඊට අදාළ ලිපි ගොනු සජබය වෙත ලබා දී ඇති බව කී සජබ නියෝජිතයා එම දූෂණ වංචාවලට සියලු දෙනාම නීතිය හමුවට පමුණුවන බවද කියා සිටියේය.