වැස්සත් සමග පාචන රෝගය වැඩි වීමේ ප්‍රවනතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීකෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා. (Sri Lanka Latest News)
මේ නිසා වෙසක් බීම දන්සැල් පැවැත්වීමේදී පිරිසිදු ජලය භාවිතා කරන්නැයි ඔහු ඉල්ලීමක් කළා.
වෙසක් දන්සැල් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා.
වර්ෂාවත් සමග ජල මූලාශ්‍ර දූෂණය වීමේ අවදානම මෙයට හේතුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ අනූව වෙසක් පෝය දිනට පෙර දින දක්වාම සෑම මහජන සෞඛ්‍ය පරීකෂක කාර්යාලයකම දන්සැල් ලියාපදිංචි කිරීම සිදුකරන බවයි ඔහු පවසන්නේ.
වෙනත් වර්ෂ හා සැසඳීමේදී මෙවර දන්සැල් ලියාපදිංචි කිරීමේ අඩුවක් පවතින බවද ඔහු ප්‍රකාශ කළා.
hirunews









