ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. Sri Lanka Latest News
ඉරාන රජයේ උසස් නිලධාරියකු උපුටමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී ඇති බවය.
ඉරානයේ කඳුකර ප්‍රදේශයකදී මෙම ගුවන් අනතුර සිදුව ඇති අතර දැඩි මීදුම් සහිත තත්වය නිසා යානය කඩා වැටෙන්නට ඇති බවද පැවසෙයි.
ජනාධිපතිවරයා ගමන් ගත් යානය කඩා වැටුණු ස්ථානයද ගවේෂණ කණ්ඩායම් විසින් මේ වන විට සොයාගෙන ඇත.
ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමේ අවස්ථාවකට ඊයේ (19) එක්ව තිබිණි.
එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙළිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී අධික වැසි සහ සුළං තත්ත්වය හමුවේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ වර්සාකාන් සහ ජොල්ෆා නගර අතර ඩිස්මාර් නම් කඳුකර වනාන්තර කලාපයට හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.
පසුගිය අප්‍රේල් 24 වැනිදා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීම සදහා රයිසි මහතා ලංකාවටද පැමිණියේය.









