• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධර්මඩොඩේතුමාගේ නැවත ඉපදීම…

May 16, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
ධර්මඩොඩේතුමාගේ නැවත ඉපදීම…
Share on WhatsAppShare on Facebook

පසුගිය සතිදෙක තුළ මෙම කතාවෙහි කොටස් දෙකක් පළවිය. මේ පළවන්නේ එම කතාවේ අවසාන කොටසය.

‘අපි පරවියාට සලකන්න ඕනෑ, අපේ පුතා විදියටයි. එයාට (පරෙවියා) බුදුවරුන්ට වෙන් කරල තියෙන බුදු කුටියේ (පූජා කාමරය) ඉන්න පිළියෙල කරන්න ඕනෑ. දැන් අපට පරවි පුතා වෙනුවෙනුත්, මියගිය පුතාගේ දේහය වෙනුවෙනුත් කරන්න වැඩකටයුතු බොහොමයක් තියෙනවා, මියගිය පුතාගේ දේහය ආදාහනය කරන්න ඕනෑ. සේරටම ඉස්සර පූජාව තියන්න ඔනෑ. පරවියා පූජා කාමරයට ගෙනියන්න. මිනිය ගෙට ගන්න.’ ආචාර්යවරයාණෝ විධානයක් සේ කීහ.

සියල්ලෝම කීවාක් කරන්නටම යුහුසුළු වූහ.

ආදාහන උත්සවය මරණයෙන් සදා වෙන්වන්නකු කෙරෙහි දක්වන ආකල්පයකින් හැඟීමකින් පවත්වන්නක් නොවීය. හදිසි ස්ථාන මාරුවක් ලබා තාවකාලිකව වෙන්ව යන්නකු නැවත හමුවන අපේක්‍ෂාවෙන් පවත්වන සමුගැනීමේ උත්සවයක් බඳු වූවේය.

චිතකය (දර සෑය) ඉදිකරනු ලැබුවේ ඉඩපාඩු ඇති ස්ථානයකය. ධර්ම ඩොඩේතුමාගේ දේහය දර සෑයට ඇතූළු කිරීමට පෙර මර්පා ලොත්සවාතුමාගේ අනුශාසනා යටතේ දාරක (දරුවන් වැනි) ශිෂ්‍යයන් ඒ ආසන්නයේ “අග්නි” පූජාවක් පවත්වද්දී රැස්ව සිටි පිරිස භක්තියෙන් මුසපත් කළ විස්මයෙන් තුෂ්ණිම්භූත කළ ආශ්චර්යවත් සිදුවීම් මාලාවක් සියල්ලන්ගේම ඇස්පනා පිට සිදුවන්නට පටන් ගත්තේය.

ප්‍රදේශයම ආලෝකවත් කරමින් නබෝගැබේ අට දිශාවකින් වෙන් වෙන්ව පැමිණි ආලෝක ධාරා අටක් එක්වර චිතකයට ඇතුළු වූවේය. අහස් කුසින් ඉමිහිරි සංගීත නාද වෙන් වෙන්ව ඇසෙන්නට විය. සිරි පොද වැස්සක් මෙන් විවිධ වර්ණයේ මල් ගුවනින් වැටෙමින් තිබිණි.

බුදු කුටියේ සිට පරෙවියා පියවිලි මතින් චිතකය දක්වා ගෙන එනු ලැබිණි. අනතුරුව මර්පා ලොත්සවාතුමා මෙසේ කීය. “පුතා දැන් ඔබ ඔබේ චිතකය ප්‍රදක්‍ෂිණා කරන්න. සිල්ලෝම පුදුමයට පත්කරමින් පරෙවියා චිතකය මැදිවන පරිදි අහසේ තුන් වටයක් පියැඹුවේය. මේ අවස්ථාවේදී ධර්ම ඩොඩේගේ මව වැළපෙමින් දිව අවුත් දැල්වෙන දර සෑයට පැන දිවි නසාගන්නට තැත් කළත් අසල සිටියෝ ඊට ඉඩ නොදී ඇය අල්ලා ගත්හ.

ධර්ම ඩොඩේතුමාගේ දේහය පිළිබඳ ආදාහන පූජාව පවත්වා දින තුනක් ගෙවී ගියේය. භාවනා මධ්‍යස්ථානයේ (ආරාමයේ) වැඩකටයුතු සාමාන්‍ය අන්දමට පැමිණෙමින් තිබුණේය. තම ගුරුවරයාගේ දෘශ්‍ය කාය දක්නට නොවීම ඇතැමකුට පශ්චාත්තාපයක් වූවේය. එහෙත් එතුමාගේ විඥානය සහිත පරෙවියා බුදු කුටියේ නිහඬව උන්නේය. ඒ පක්‍ෂියා සිටියේ බොහෝ සෙයින් නිහ`ඬ එමෙන්ම භාවනානුයෝගී ස්වභාවයකිනි.

මර්පා ලොත්සවාතුමා ඒ කාලයේ උග්‍ර භාවනාවක යෙදී සිටියහ. ඒ දින තුන ගතවූ පසුව එතුමා විසින් ඩග්මෙමා, ජෙට්සුං මිලා, සහ මර්පා ගොලෙක් ඇතුළු සිසුහු කැඳවනු ලැබූහ. සියල්ලෝම පැමිණ එතුමාට නමස්කාර කළහ.

ඔහු මෙසේ කීය.

‘දැන් අපි මගේ පුතාගේ සමුගැනීමේ උත්සවය පැවැත්විය යුතුයි. ඒ සඳහා පූජාව තැබිය යුතුයි.’ කී එතුමා මෙසේද කියන්නට වන්නේය.

‘මගේ පුතාගේ විඥානය පරෙවි ආත්මෙන් ගැලවී ඉන්දියාවෙ උපදිනවා. අපි ඒකට කටයුතු කරමු. ඒත් දැන් ගිහින් ආපහු ඇවිත් දෙවැනි සැරේ තමයි යන්නේද කීය.

ඉන්පසු බුදු කුටියෙන් මහත් හරසරින් කැඳවාගෙන එනු ලැබූ පරෙවියා උස් අසුනක තබා ඔහු ඉදිරියේ පූජාව තැබූහ. සියල්ල නිමාකළ මර්පාතුමා පරෙවියාට භාරතයට යාමට අවසර දුන්නේය.
සිල්ලන්ටම නවතින ලෙසට අතින් සන් කළ මර්පා ලොත්සවාතුමා දෙනෙත් පියා භාවනාවක් පටන් ගත්හ. කිසිදු හඬක් නොනැගී සුළු වෙලාවක් ගෙවී ගියේය. භාවනාවෙන් මිදුණු එතුමා ඇස් ඇර බලා කතා කළහ.

‘පුතාට පාර වැරදිලා පුතා ආපසු එනවා.’

පියෑඹීමෙන් මහත් සේ හෙම්බත් වූ බවක් ඇතිව එදින සවස පරෙවියා පියාඹා අවුත් මර්පාතුමාගේ ඔඩොක්තුවේ (උකුලේ) වැසුවේය. මන්දිරය උඩදී තටුසැලූ හඬින් පරෙවියා ආපසු පැමිණි බව අවබෝධ කරගත් මන්දිරයේ සිටි සියල්ලෝම පාහේ මර්පාතුමාගේ කුටියට වන්හ.

‘අද රෑට පරෙවියා බුදු කුටියෙ තියල පූජා පවත්වන්න.’ යැයි කී එතුමා පද්මාසනව සිට දෙනෙත් පියා ගත්තේය.

පරෙවියා මුදාහළ බවත් යළි ආපසු පැමිණ ඇති බවත් ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබුණෙන් විශාල පිරිසක් පරෙවියා බලන්නට ආරාමයට රැස්ව සිටියහ.

මර්පා ලොත්සාවතුමා, සිය බිරිය ඩග්මෙමා සහ දාරක ශිෂ්‍ය ඝනයා සමග පරෙවියාද කැටුව පිරිස ඉදිරියට ගියහ. හෙතෙම සිය පුත්‍ර පරෙවියාට මෙසේ ආමන්ත්‍රණය කළේය.

‘පුතා ඊයෙ ඔබට ආපසු එන්න වුණේ පාර වැරදුණු නිසයි. ඔබට යන්න තිබුණෙ අර සර්පයකු වාගෙ තිබුණු කඳු වැටියෙන් දකුණු පැත්තට ඔබ ගියේ වම් පැත්තට. ඒ හරියෙදි ඇතකු වැතිරී සිටින අන්දමේ කඳුවැටියක් ඔබට දකින්න ලැබෙයි. ඒ කඳුවැටිය දිගේ යන්න. එහි කෙළවරට ගිය විට ඔබට මාර්ගය පෙන්වන ‘සිදම්ගේ’ ආලෝකය දකින්න ලැබේවි. ඔබ ඒ ආලෝකය දිගේ ගියාම ‘සිසිල් සෙවණ’ කියල මිනී පිට්ටනියක් හමුවෙයි. ඔබ එතැනට යන විට අවුරුදු දහ තුනක බ්‍රාහ්මණ දරුවකුගෙ මළ සිරුරක් අවසන් කටයුතු සඳහා ගෙනැවිත් තියෙන අයුරු ඔබට දකින්න ලැබේවි. ඒ ඔබේ අලුත් ආත්මීය සිරුරයි. ඔබේ විඥානය ඒ සිරුරට ප්‍රවිෂ්ට කරවන්න. එතැන් සිට ඔබ සත්වයන්ගේ විමුක්තිය ලබාදීමට ක්‍රියා කරන්න’.

පරෙවියා ඒ සියල්ල සාවධානව අසා සිටි බව දක්නට ලැබිණි. සුළු මොහොතක් නිහඬව සිටි පරෙවියා සිය පියාට සහ මවට ගරුකිරීමට තුන් වරක් ඔවුන් වටා දෙපයින් ඇවිද ගියේය. අනතුරුව ඒ දෙපළ ඉදිරියට අවුත් තුන් වරක් හිස නැමුවේය. රැස්ව සිටි පිරිස මත්තෙන් වරක් පියාසර කෙළේය. ඉන් පසු විදුලි වේගයෙන් නුබ ගැබට නැගී අතුරුදන් වූවේය.

මේ වන විට සියල්ලෝම තුෂ්ණිම්භූතව උන්හ. ඔවුහු විඥාන සංක්‍රමණයේ සත්‍යතාව ප්‍රත්‍යක්‍ෂ කර ගත්හ. ඒ මොහොතේ කඳුළක් නොහෙලූ නෙතක් නොවූ තරම්ය.

මර්පා ලොත්සවාතුමා ප්‍රකාශ කළ මං සලකුණු ඔස්සේ ගිය පරෙවියාට පහසුවෙන්ම සිසිල් සෙවණ මිනීපිට්ටනිය සොයාගත හැකි විය. තම පියා කී අන්දමේ බ්‍රාහ්මණ දරුවකුගේ මළ සිරුරක් ආදාහනය කිරීම සඳහා සියලු වතාවත් කෙරෙමින් තිබුණේය. රැස්ව සිටි පිරිස මළ සිරුර වටා උන්හ.

මියගිය දරුවා ධනවත් පවුලකට අයත්ව සිටියේය. ‘ටි ඵූ’ නම් ඔහු පවුලේ එකම දරුවාය. අනෙක් අතට ඒ දරුවාගේ පියා සෑම සියලු කෙනකුටම නොමසුරුව ඇප උපකාර කළ කෙනකි. ඔහුගේ බිරියද එසේමය. යහපත් පවුලකට මේ අයුරින් පත් විපත පිළිබඳ ඇසූ දුටු සෑම අයෙක්ම දුක් වූහ.
මිනීපිටිය වටා රවුමක් සැරිසැරූ පරෙවියා සිය විඥානය බ්‍රාහ්මණ දරුවාගේ මළ සිරුරට ප්‍රවිෂ්ට කෙළේය. දරුවා නිදා සිට පිබිදියාක් මෙන් දෙනෙත් හැර අවදි වූවේය. සියල්ලෝම පාහේ භීතියට පත්වූහ.

බ්‍රාහ්මණ දරුවාගේ කයින් සිටි ධර්ම ඩොඩේ අන්දමන්දව සිටි පිරිස ඇමතුවේය. සිය පියාගෙන් උගත් ඉන්දියානු භාෂාව ඒ සඳහා ඔහුට පිටිවහලක් වූවේය.

‘මම මැරිල නෑ. පණපිටින් ඉන්නෙ. පුච්චන්න එපා, මාව ගෙදර එක්ක යන්න.’

මියගිය තම දරුවා පණ පිටින්ම යළිත් පෙරහැරකින් නිවෙසට කැඳවා එනු දුටු බ්‍රාහ්මණ දරුවාගේ මාපියන් ඇතුළු නිවෙසේ සිටි සියල්ලෝම මහත් විමතියට පත්ව මුව අයා බලා උන්හ.

සොහොනට ගොස් දරුවා සමග ආපසු පැමිණි පිරිස මෙසේ කීහ.

‘දරුවා ආදාහනය කරන්න ලෑස්ති වුණා විතරයි, එක පාරටම පරෙවියෙක් අහසෙන් පියාඹාගෙන ඇවිත් මිනිය ළඟ වහලා හිස නමලා මැරිලා වැටුණා. එත් එක්කම වාගෙ දරුවාට පණ ඇවිත් ඉඳ ගත්තා.’

මාපියෝ දරුවා වැලඳගත්හ. නිවෙසේ වැඩකටයුතු යථා තත්ත්වයට පත්විය. එලොව ගිහින් මෙලොව පැමිණි දරුවා ගැන ඇසූ දුටු සෑම කෙනෙක්ම කතා කරන්නට වූහ. ඉන් පසු එය පුරාවෘත්තයක් වූවේය.

නිවෙසේ සිටින දරුවාගේ රූපකාය පෙර සිටි තම පුත්‍රයාගේ වුවත් ක්‍රියාකලාපය නම් අහසට පොළොව මෙන් හාත්පසින්ම වෙනස් බව මාපියෝත් පවුලේ සෙසු සාමාජිකයෝත් අසල්වැසියෝත් අවබෝධ කර ගත්හ.

පෙර සිටි “ටිඵූ” දරුවා මෙන් අලුත් “ටිඵූ” දඩබ්බරයෙක් නොවූවේය. ඒ වෙනුවට ධර්මය ගැන කරුණු කාරණා කියා දෙන්නට වූවේය. දරුවා සමග කතාබහ කළ නිවෙස අසල සිටි උගතුන් කීවේ දරුවාගේ ධර්ම ඥානය ඍෂිවරයකුට සමාන බවය.

මේ පිළිබඳ දැනගනු රිසින් දවසක් මාපියෝ සහ පවුලේ වැඩිහිටියෝ එක්ව අලුත් පුතාගෙන් ඒ ගැන විමසූහ.

ඔහු සිය අතීත කතාව බිඳක් හෝ වෙනස් නොකොට විස්තර කෙළේය. එතැන් පටන් සියලු දෙනා ටිඵු දරුවාට සලකන්නට වූවේ තම දරුවා වශයෙන් නොව තම ආචාර්යවරයා වශයෙනි.

එවක් පටන් ටිඵූ දරුවා ‘ටිඵු පා’ ලෙසින් ප්‍රසිද්ධ වූවේය. (පා යන ගෞරව පදය බෝසත් (මතු බුදුවන්නකු) හැඳින්වෙන ලාමාවරයකුට යෙදෙන්නකි)

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඇමැතිකම් ගන්න ගිය ශ්‍රීලනිප පස්දෙනාට වැඩ වරදී! දයාසිරි – රනිල් හමුවෙයි! පක්ෂ කඩන්න එපා කියයි! විපක්ෂයේ සිට සහාය දෙන බවත් කියයි! පක්ෂයේ තීන්දු ගැනීමේ සම්පූර්ණ බලය මෛත්‍රීට!

Next Post

ගෝඨා ගෝ ගමට එල්ල කළ ප්‍රහාරයේ කාගෙවත් ළඟ නැති වීඩියෝ දර්ශන ප්‍රංශ මාධ්‍යවේදියෙක් ළඟ! (VIDEO)

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.