සෑම ගමකම ප්‍රජා මුළුතැන් ගෙයක් ඉදිකොට, ආහාර පාන සපයා ගැනීමට අසීරු ගමේ දුප්පත් පවුල්වලට ඒ හරහා ආහාර පාන සපයා දීමේ යෝජනාවක් කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කරනු ලැබ ඇත.Sri Lanka Latest News
‘පොහොසත් ගමක් – පොහොසත් රටක්’ යන තේමාව යටතේ රටේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 12,000 දක්වා ඉහළ නැංවීමේ ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කරමින් ධම්මික පෙරේරා මහතා මේ බව අනාවරණ කොට ඇත.
ඒ අනුව, සෑම ගමකම පන්සල, පල්ලිය, කෝවිල වැනි පොදු ස්ථානයක මෙම ප්‍රජා මුළුතැන්ගෙය ඉදිකිරීමටත්, ඒ සඳහා වැයවන වියදමින් 50%ක් රජය විසින් දැරීමටත්, ඉතිරි 50%ක මුදල ගමේ දානපතියන්ගෙන් සහ සමිති සමාගම්වලින් සපයා ගැනීමටත් ඒ මහතා යෝජනා කර ඇත.
මෙම වැඩපිළිවෙළේ මුල් පියවර වශයෙන් ඉදිරි සති කිහිපය තුළදී තෝරාගත් ගමක මෙවැනි ප්‍රජා මුළුතැන් ගෙයක් ආරම්භ කිරීමට නියමිතව ඇත.
ධම්මික පෙරේරා මහතාගේ මෙම ක්‍රියාකාරී සැලැස්මට යෝජනා 20ක් ඇතුළත්ව තිබේ.