• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

පොහොට්ටුවෙන් ඩිමාන්ඩ්! ලන්සා ෆේල්! අනුර යාපා රනිල්ව ගොඩගනීද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

September 17, 2023
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
පොහොට්ටුවෙන් ඩිමාන්ඩ්! ලන්සා ෆේල්! අනුර යාපා රනිල්ව ගොඩගනීද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කියුබාවේ හවානා නුවර පැවැත්වෙන සමුළුවකට යන්න ඩුබායි ගුවන් තොටුපළේ වී.අයි.පී. පර්යන්තයේ සිටි රනිල් ඉන්දියාවේ බංගලි ප්‍රාන්ත මහ ඇමැතිනී මම්තා බෙනර්ජි දැක ඇය අසලට පැමිණි බව මම්තා බෙනර්ජි සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත. එහිදී රනිල් මම්තා බෙනර්ජිගෙන් අපූරු ප්‍රශ්නයක් අසා ඇත.Sri Lanka Latest News

‘ඔබතුමියලාගේ විපක්ෂයේ සන්ධානයට නායකත්වය දෙන්නේ කවුද? ඔබතුමියද…?’
මේ, රනිල් අහපු ප්‍රශ්නය ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබූ හැටිය.

‘ඒක තීරණය කරන්නේ මහජනතාව. මහජනතාව කැමැති නම් අපට එතැන ඉන්න පුළුවන්. අපි සිටිය යුතු තැන තීරණය කරන්නේ මහජනතාවයි.’

මේ මම්තා බෙනර්ජි දුන්න උත්තරයය. මම්තා බෙනර්ජි ඇතුළු ඉන්දීය අගමැති මෝදිට එරෙහි පක්ෂ එකට එක්වී සන්ධානයක් හදාගෙන තිබේ. එම සන්ධානයේ නායකයා කවුද කියා තවම තීරණය කර නැත. සන්ධානයේ නායිකාව ඔබදැයි රනිල් අහපු ප්‍රශ්නයට ඇය දී තිබෙන්නේ රනිල්ට රනිල් කවුද කියලා හිතාගන්න පුළුවන් උත්තරයකි.

‘අපි සිටිය යුතු තැන තීරණය කරන්නේ මහජනතාවයි…’

හැබැයි අද රනිල් ඉන්නා තැන තීරණය කරලා තියෙන්නේ මහජනතාව නොව, රාජපක්ෂවරුය. මම්තා නොකියා කියන්නේ මහජනතාව කැමැති නැතිනම් මොනම තනතුරකවත් ඉන්න බැහැ කියාය. ඇය කියන්නේ රනිල්ට හින්ට් එකට නොව මාළුවාට පවතින්න වතුර ඕනා සේ දේශපාලනඥයකුට පවතින්න ජනතාව ඕනා නිසාය. ඇය කියන්නේ මොකක්ද කියලා රනිල් තේරුම් ගත්තා නම් රාජක්ෂලාගේ මාළු ටැංකියේ ජීවත් වෙන්නේ නැතිව රනිල් මහජන මුහුදට පැන දේශපාලන පණ නළ බේරාගත යුතුය.

‘රනිල් මහජන මුහුදට පනියිද?’

මහජන මුහුදට පනින්න රනිල් හොයන්නේ ඡන්ද පදනමක් තියෙන පක්ෂයක්ය.

‘ඇයි පොහොට්ටුව…?’

පොහොට්ටුවේ නායකයෙක්ව හමුවෙන්න පසුගියදා තරුණ මන්ත්‍රීවරයෙක් ගියේය.

‘කවුද සර් අපේ ජනාධිපති අපේක්ෂකයා…?’ ඔහු පොහොට්ටු නායකයාගෙන් ඇසුවේය.

‘අකුරු තුනේ නමක් තියෙනවා. කවුද ඒ නම…?’ ඔහු ඇසුවේය.

‘මීට මාස හයකට කලින් රනිල්ට තිබුණු පිළිගැනීම දැන් තියෙනවද…?’ පොහොට්ටු නායකයා ඇසීය.

‘දැන් නම් මිනිස්සු බණිනවා ජීවත් වෙන්න අමාරුයි කියලා සර්…’ තරුණ මන්ත්‍රී කීවේය.

‘ඒකනේ… රනිල් කියන්නේ දේශපාලන සුයිසයිඩ් බෝම්බයක්. ඒක බඩේ බැඳගෙන ගිහින් අපිට දේශපාලන වශයෙන් සියදිවි නසාගන්න බැහැ…’

පොහොට්ටු නායකයා කීවේය. පොහොට්ටු නායකයා එහෙම කිව්වේ නිකම්ම නොවේ. රනිල්ගේ මාධ්‍යකාරයෝ කියන විදියට රනිල්ට ජනාධිපතිවරණයට එන්න අපේක්ෂකත්වය ගන්න සන්ධානය හදලා දෙන්න භාරදීලා තියෙන්නේ නිමල් ලන්සාටය. රනිල්, ලන්සාට ඒ වැඩේ භාරදුන්නේ පොහොට්ටු අපේක්ෂකත්වය නොලැබෙන බව දැනගෙනය. නිමල් ලන්සාට මන්ත්‍රීවරු 40ක් ඉන්නවා 50ක් ඉන්නවා, හෙට සන්ධානය හදනවා, අනිද්දා සන්ධානය හදනවා කිය කියා රනිල්ගේ මාධ්‍ය නිවුස් ප්ලාන්ට් කළත්, තවම එකදු මන්ත්‍රීවරයෙක්වත් නිමල් ලන්සාගේ සන්ධානයට ‘අපි එකතු වෙනවා’ කියලා නැත. රනිල් සන්ධානයේ නායකත්වයට අනුර ප්‍රියදර්ශන යාපා පත් කළා යැයි රනිල්ගේම මාධ්‍ය වාර්තා කළේ නිමල් ලන්සා වැඩේ අනාගෙන තියෙන නිසා විය හැකිය.

‘කවුද මේ නිමල් ලන්සා…?’

නිමල් ලන්සා මීගමුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නගර සභා මන්ත්‍රීවරයෙක් වන්නේ 1997 පුංචි ඡන්දයෙන්ය. ඔහු ඉන් පසු පළාත් සභා තරග කොට පළාත් සභා ඇමැතිවරයෙක් වී පාර්ලිමේන්තුවට එන්නේ 2015දීය. ඔහුට පෙර මීගමු ශ්‍රීලනිප සංවිධායක වූයේ සරත් කුමාර ගුණරත්නය. ඔහු 1994දී මීගමු ආසනය දින්නේය. ඒත් නිමල් ලන්සාට කවදාවත් මීගමු ආසනය දිනන්න බැරි විය. මහින්ද ජනාධිපති කාලයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය ඔහුගේ නිවෙසට එස්.ටී.එෆ්. යැව්වේ කුඩු තියෙනවද කියා හොයන්නටය. ඒ වෙලාවේ ලන්සාව බේරාගත්තේ බැසිල් රාජපක්ෂය. ලන්සා බැසිල්ට සෙට් වෙන්නේ එතැනින්ය. බැසිල්ට සෙට් වෙලා හිටියත් 2015 මහ ඡන්දයෙන් මන්ත්‍රී වෙන ලන්සා 2015 මෛත්‍රිපාලගේ ආණ්ඩුවට එක්වී රාජ්‍ය ඇමැති ධුරයක් ලබාගත්තේය. 2017දී යළිත් ඔහු මෛත්‍රී-රනිල් ආණ්ඩුවෙන් ඉවත් වී බැසිල්ට එකතු විය. නිමල් ලන්සාගේ මේ අතීතය දිහා බලන විට ඔහු එක තැනක සිටින චරිතයක් නොවේ. ඔහු වාසි පැත්තට හෝයියා චරිතයකි. ඔහු ප්‍රාදේශීය දේශපාලනඥයෙකි.

‘එතකොට කවුද මේ අනුර ප්‍රියදර්ශන යාපා…?’

අනුර යාපා 1994 සිට 2005 දක්වා චන්ද්‍රිකාගේ මිනිහෙකි. ඉන් පසු ඔහු මහින්දගේ මිනිහෙක් විය. මෛත්‍රී 2014 යූ.ඇන්.පී.යේ පොදු අපේක්ෂකයා ලෙස නම්කරන විට හිස්වූ ශ්‍රීලනිප ලේකම් ධුරයට මහින්ද පත් කළේ අනුර ප්‍රියදර්ශන යාපාවය. ඔහු 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීගේ පලු ඇරියේය. 2015 මෛත්‍රී ජනාධිපති වූ විට ඔහු මෛත්‍රීව ශ්‍රීලනිප නායකයා ලෙස පිළිගෙන මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ ඇමැතිවරයෙක් විය. 2015 මහ මැතිවරණයේදී ඔහු මෛත්‍රී සමග සිටින ගමන් යටින් මහින්ද සමග ඩීල් එකක් දමා මහින්ද දිනවා මෛත්‍රීව නායකත්වයෙන් එළවන සටනට එක්විය. මෙය දැන මෛත්‍රී ඔහුව පක්ෂ ලේකම්කමින් පැන්නුවේය. ඒත් 2015 මහ ඡන්දය දින්නේ රනිල්ය. අනුර යාපා පසුව ඇමැතිකමක් ගෙන මෛත්‍රීට එක්විය. ඔහු මහින්දව අතහැරියේය. ඒත් 2018 පුංචි ඡන්දයෙන් මහින්ද යළි ජයග්‍රාහී නායකයා වූ විට ඔහු මහින්දට එක්විය. 2018 අප්‍රේල් 04 පොදුජන පෙරමුණ රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවේ බැඳුම්කර වංචාවට රනිල් වගකිව යුතු යැයි කියමිනි. එම විශ්වාසභංගයේදී මහින්ද අමරවීර, සරත් අමුණුගම, නිමල් සිරිපාල, දුමින්ද දිසානායක ඇතුළු ශ්‍රීලනිපය නියෝජනය කරමින් මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ ඇමැතිකම් කළ 26ක් විශ්වාසභංගයට පක්ෂ හෝ විපක්ෂ නොවී නැගිට ගියහ. හැබැයි අනුර ප්‍රියදර්ශන යාපා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නේය. ඔහු රනිල් පලවා හරින විශ්වාසභංගයට පක්ෂ වී මහින්දට එක්විය.

‘ඉතින් මේ වගේ අතීතයක් තියෙන නිමල් ලන්සලාට අනුර ප්‍රියදර්ශනලාට පුළුවන්ද රනිල්ව ගොඩදමන්න…?’

අනුර ප්‍රියදර්ශන යාපා මෑතකදී විපක්ෂ නායක සජිත්ව විපක්ෂ නායක කාර්යාලයේදී හමුවී පොදු විපක්ෂයක් හදන්න සාකච්ඡා කළේය. ඒ, රනිල්ගේ ආණ්ඩුවට එරෙහිවය. ඒ, 2022 නොවැම්බර් 14ය. එහෙව් අනුර ප්‍රියදර්ශන යාපා අද රනිල්ව යළි ජනාධිපති කරන සන්ධානයේ නායකත්වය භාරගෙන ඇත.

ලංකාවේ ජනාධිපතිවරණ දිනන්න මේ වගේ ප්‍රාදේශීය දේශපාලනඥයන් එක්ක බැරිය. ජේ.ආර්. 1982 දින්නේ ප්‍රේමදාසලා එක්කය. ප්‍රේමදාස දින්නේ කුරේ සහ රන්ජන්ලා එක්කය. චන්ද්‍රිකා දින්නේ අනුරුද්ධ රත්වත්තලා, එස්.බී.ලා, මංගලලා එක්කය. මහින්ද දින්නේ මංගලලා, බැසිල්ලා, ජවිපෙ එක්කය. මෛත්‍රීපාල දින්නේ රනිල්, මංගල, චන්ද්‍රිකාලා එක්කය. ගෝඨා දින්නේ මහින්ද සහ බැසිල්ලා එක්කය. රනිල් ජනාධිපතිවරණය දිනන්න යන ටීම් එක බලනකොට රනිල්ට සොරි ඩොට් කොම්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඉන්දීය සුපිරි නළු ප්‍රභූ දේවා රූගත කිරීමකට ලංකාවට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

අකුරු තුනේ කතා බොරු! පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට අකුරු 4ක අපේක්ෂකයෙක්! බැසිල් දැනටමත් තීන්දුව අරන් අවසන්! EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.