නර්තනය, අධ්‍යක්ෂණය සහ රංගනය සඳහා එකසේ දක්ෂ ඉන්දීය රංගන ශිල්පී ප්‍රභුදේවා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. (Sri Lanka Latest News)
ඉදිරියේදී තිරගත වීමට නියමිත “මුසාසි” චිත්‍රපටයේ ගීතයක් රූගත කිරීම සඳහා ඔහු ශ්‍රී ලංකාවට මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.
ප්‍රභූදේවා චෙන්නායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාවකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහන් කර ඇත.
dinamina










