• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කීර්තිමත් නාවික හමුදාපතිවරයෙක්! හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙක්! දයා සඳගිරි සජිත්ට සහාය පළ කරමින් සජබයට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 7, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
කීර්තිමත් නාවික හමුදාපතිවරයෙක්! හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙක්! දයා සඳගිරි සජිත්ට සහාය පළ කරමින් සජබයට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි මහතා (VSV, USP rcds, MSc (DS), psc, FCMI) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සිය දේශපාලන ගමනට සහයෝගය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක් විය.

සමුද්‍රීය හා නාවුක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් එතුමාට ඇති හසල දැනුම හා පළපුරුද්ද නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒ මහතාව සමගි ජනබලවේගයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගත්තේය.

දශක 3ක යුද්ධය වෙනුවෙන් ඒ මහතා නොමසුරුව ලබා දුන් දායකත්වය නිසා 2001 ජනවාරි මස 1 වැනි දා සිට ශ්‍රී ලංකා නාවුක හමුදාපතිවරයා ලෙස පත් කරන ලදී. වසර 53ක නාවුක හමුදා ඉතිහාසයේ වඩාත් පළපුරුදුම නාවුක හමුදාපතිවරයා ලෙස ද ඔහු ඉතිහාස ගත වේ. වයිස් අද්මිරාල් දයා සඳගිරි මහතා නාවික හමුදාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව වසර 4කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රශංසනීය ලෙස මෙහෙය වූ අතර දකුණු ආසියානු කලාපයේ දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගවලට මුහුණ දිය හැකි ප්‍රබල බලවේගයක් බවට තම භට පිරිස් පරිවර්තනය කිරීමට ඒ මහතා කටයුතු කළේය.

ඔහු නාවික හමුදාපතිවරයා ලෙස උසස් කර වසර හතරකුත් මාස අටක් එම තනතුරේ කටයුතු කළේය. විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු 2005 සැප්තැම්බර් 1 වැනි දින අද්මිරාල් නිලය සහිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කරන ලදී. ඔහු 2005 ජුනි 12 වැනි දින එම තනතුරෙන් විශ්‍රාම ගිය පසු 2015 නොවැම්බර් 9 වැනි දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිව්වැනි කුලපතිවරයා බවට පත් විය.

වේයන්ගොඩ දී උපත ලැබූ අද්මිරාල් දයා සඳගිරි මහතා වේයන්ගොඩ ශාන්ත මරියා මහා විද්‍යාලයෙන් සහ කෑගල්ල කෑගලු විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය ලබා 1966 නොවැම්බර් මස 14 වැනි දින එවක රාජකීය ලංකා නාවික හමුදාවට බැදී 1969 ජූලි 1 වැනි දින ත්‍රීකුණාමලයේ නාවික හා සමුද්‍ර විද්‍යාපීඨයට බැඳෙන පළමු නාවික ශිෂ්‍යභට කණ්ඩායමට ඇතුළත් විය. ඉන් අනතුරුව 1972 ජූලි 1 වැනි දින ඔහු නාවික හමුදාවේ උප ලුතිනන්වරයකු ලෙස සේවයට එක්විය.

ශ්‍රී ලංකාවේදී ඔහුගේ පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුල ඔහු උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සහ තුවක්කු ශිල්පය පිළිබඳ විශේෂඥතාව සඳහා ඉන්දියාව වෙත යන ලදී. 1984 වසරේ ඉන්දියාවේ වෙලින්ටන් හි ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයෙන් උපාධිය ලබා ගත් ඒ මහතා නාවික හා සමුද්‍ර විද්‍යාපීඨයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කිරීමේ ගෞරවය හිමි කර ගත්තේය. ඔහු එක්සත් රාජධානියේ ලෝකයේ කීර්තිමත් රාජකීය ආරක්ෂක අධ්‍යයන විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයනයට සහභාගී වූ පළමු නාවික නිලධාරියා ද වේ.

එසේම උතුරු, නැගෙනහිර, බස්නාහිර සහ දකුණු නාවික විධානයන්හි ප්‍රදේශයේ ආඥාපතිවරයා ලෙස කටයුතු කිරීමේ ගෞරවය ද ඔහුට හිමි විය. ඔහුගේ සේවා කාලය තුළ ගජබාහු නෞකාව, නෞකා වික්‍රම නෞකාව, ලංකා නැව් සංස්ථාවේ ලංකා කාන්ති වෙfළඳ නෞකාවේ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මෝටර් ටැංකි මහවැලි නෞකාවේ ද සේවය කර තිබේ.

1985 ජනවාරි 1 වන දින ආඥාපති නිලයට උසස් කරන ලද ඔහු නාවික හමුදා මූලස්ථානයේ නියාමනය සහ ආරක්ෂක නිලධාරියා, මාණ්ඩලික සුභසාධන නිලධාරි, මාණ්ඩලික සන්නිවේදන නිලධාරි, මාණ්ඩලික බුද්ධි නිලධාරි සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ නාවික මෙහෙයුම් වැනි ප්‍රධාන මාණ්ඩලික පත්වීම් දරමින් සිටියේය. පසුව ඔහු පිළිවෙළින් 1989 අප්‍රේල් 1 සහ 1994 මාර්තු 1 යන දිනවල දී කපිතාන් සහ කොමදෝරු නිලයට උසස් කරන ලදී.

එසේම ඔහු 1997 මාර්තු 8 වැනි දින රියර් අද්මිරාල් නිලයට උසස් කරන ලද අතර 1998 අප්‍රේල් 1 වැනි දින මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කරන ලදී. ඔහුගේ සේවා කාලය තුළ පෙන්වූ දක්ෂතා නිසා විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන්, උත්තම සේවා පදක්කම, ශ්‍රී ලංකා ජනරජ සන්නද්ධ සේවා පදක්කම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 50 වැනි සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිගු සේවා පදක්කම, ජනාධිපති පදවි ප්‍රාප්ති පදක්කම, 50 වැනි නිදහස් සංවත්සර සැමරුම් පදක්කම සහ උතුරු නැගෙනහිර මෙහෙයුම් ඇතුළු පදක්කම් රැසකින් පිදුම් ලැබීය.

SendShareShare
Previous Post

පොහොට්ටුව ජනාධිපති අපේක්ෂකයෙක් දානවා! මහලේකම් සාගර ප්‍රසිද්ධියේ කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි! ප්‍රතිපත්ති කතාව ඉදිරිපත් කරයි! සජීවීව බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

2029 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයන් ලෙස තරග වැදීමට සූදානමින් සිටින විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් මුල්කරගෙන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ...

Read more
හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.