• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භයානකයි – අනතුරුදායකයි ආණ්ඩුවට මේ සිග්නල් තේරෙනවද? Sri Lanka Latest News

July 5, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Share on WhatsAppShare on Facebook

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා එක්ව බලශක්ති ඇමැතිවරයාට එවූ ලිපියේ සඳහන්ව ඇති රටට අහිතකර කරුණු පිළිබඳ හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූවා. පහත පළවන්නේ හර්ෂ ද සිල්වා මහතාගේ එම අදහස් දැක්වීමයි. Sri Lanka Latest News

‘මේ අයි.එම්.එෆ්. එකේ ෆස්ට් ඩිපියුටි මැනේජින් ඩිරෙක්ටර් ගීතා ගෝපිනාත් ආවහම අනුර කුමාර ජනාධිපතිතුමාගේ කතාවේදී ඔහු කිව්වා, අපි බලාපොරොත්තු වෙනවා මේ අවසාන වතාවට කියලා ශ්‍රී ලංකාව අයි.එම්.එෆ්. එකට යන්න. එහෙම වෙන්න අපි වගබලාගන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ ඒ ගීතා ගෝපිනාත්ගේ කතාවේදී එතුමිය කිව්වා, ඔව් එහෙම කරන්න පුළුවන්. හැබැයි කොන්දේසියක් තියෙනවා, ඒ තමයි බාරගත්ත ආර්ථික ප්‍රතිසංස්කරණ, ඉකොනොමික් රිෆෝම්, ඒ විදිහට කරගෙන යන්න අවශ්‍යයි. එහෙම වුණේ නැත්නම් ආයෙත් රට පස්සට තමයි ගමන් කරන්නේ කියලා.

මම හිතන්නේ අපේ රටේ බොහෝ දෙනා දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිය ගනුදෙනුවේදී ඒ ලැබෙන්න බලාපොරොත්තු වෙන මුදල් ප්‍රමාණය ගණන් හදන්නේ අයි.එම්.එෆ්. එකේ සල්ලි විතරක් නෙමෙයි, ලෝක බැංකුව, ඒ.ඩී.බී. ජයිකා, ඒ වගේ ඩිවලප්මන්ට් පාර්ට්නර්ස්ලා අපිට කියලා කියෙනවා ඒගොල්ලන්ගේ මුදලුත් ඔක්කොම එකතු කරගෙන ඒ හරහා තමයි මේ බජට් සපෝට්වලට මුදල් ලැබෙන්නේ. මොකද අයි.එම්.එෆ්. එකේ සල්ලිවලින් ඉලෙක්ටි්‍රසිටි ජෙනරේෂන්වලට වියදම් කරන්නවත්, ඩිස්ටි්‍රබියුෂන්වලට වියදම් කරන්නවත්, ට්‍රාන්ස්මිෂන්වලට වියදම් කරන්නවත් බෑ. අයි.එම්.එෆ්. එකේ සල්ලි ලැබෙන්නේ ඒවට නෙවෙයි. එතකොට බජට් සපෝට් සල්ලි තමයි අර අයි.එම්.එෆ්. එග්‍රීමන්ට් එක නිසා ලෝක බැංකුව, ඒ.ඩී.බී. ජයිකා වගේ ඒවායින් ලැබෙන්නේ.

දැන් මම දන්න ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක බැංකුවයි, ඒ.ඩී.බී. එකයි, ජයිකා එකයි තුනම එකතු වෙලා මෙන්න මේ ලියුම එවලා තියෙනවා බලශක්ති ඇමතිට. ඒකේ අස්සන් කරලා තියෙනවා මේ ලෝක බැංකුවේ, ඒ.ඩී.බී. එකේ සහ ජයිකා එකේ ප්‍රධානීන් ලංකාවේ ඉන්න. ඊට පස්සේ ඒක කොපි කරලා තියෙනවා සෙක්ටරල් ඕවර්සයිට් කමිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීලාට සහ මේ රජයේ නිලධාරීන්ට. මේකේ කියනවා, ඔබලා ඉදිරිපත් කරලා තියෙන ඉලෙක්ටි්‍රසිටි ඇක්ට් එක ආපසු හරවා ගැනීමේ වැඩකටයුත්ත, ඒකයි මම ඒ විදිහට කියන්නේ, ඒ කියන්නේ reversing of the reform. ඒ කියන්නේ, 2024 සම්මත වෙච්ච ඉලෙක්ටි්‍රසිටි ඇක්ට් එක රිවර්ස් කරන කාර්යභාරයේ, ඔවුන් ඒ වචනය පාවිච්චි කරන්නේ නැහැ මමයි ඒ වචනය පාවිච්චි කරන්නේ. නමුත් ඒක තමයි අදහස් වෙන්නේ. මූලික කාරණා හතරක් සම්බන්ධයෙන් ඔවුන් කියනවා, මෙහෙම ගියොත් එහෙම බලාපොරොත්තු වෙච්ච ආර්ථික ප්‍රතිසංස්කරණ ඉස්සරහට යනවා වෙනුවට පස්සට යනවා කියලා. මෙතැන කියනවා, පළමු එක හැටියට ඕගොල්ලොන්ගේ ලොජික් එක මොකක්ද, මේ සියලු ජෙනරේටින්, ට්‍රාන්ස්මිෂන් ඇන්ඩ් ඩිස්ටි්‍රබියුෂන් කම්පනිස් සියලු ඒවා 100%ක අයිතිය රජය තියාගන්න ඕනේ කියන එක. ඒකේ ලොජික් එක මොකක්ද කියලා අහනවා. දැන් මම කියන්නම්කෝ පොඩ්ඩක් මේකේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. අපිට තියෙනවා මහවැලිය, රන්දෙණිගල, රන්ටැඹේ, වික්ටෝරියා. මේ මහවැලියේ ඩෑම්වලින් අපි ඉතාමත්ම අඩු මුදලට විදුලිය ජනනය කරනවා. ඊළඟට අපිට තියෙනවා නොරොච්චෝලේ වගේ කෝල්වලින් කරන ඒවා. ඊළඟට අපිට තියෙනවා නොයෙකුත් කම්බයින් සයිකල් ප්ලාන්ට්. ඊට පස්සේ අපිට තියෙනවා සූර්ය බලාගාර, සුළං බලාගාර. මේ ඔක්කොම රජයට අයිති ඒවා. එතකොට මොකක්ද කළේ ඉලෙක්ටි්‍රසිටි ඇක්ට් එකෙන් 2024? මෙව්වා කොටස්වලට කැඩුවා. හයිඩ්‍රෝ, මහවැලියෙන් කරන ඒවා එක කම්පැනියක්, නොරොච්චෝලේ තව කම්පැනියක්, ඊළඟට හුළංවලින්, සූර්ය බලයෙන් කරන ඒවා තව කම්පැනියක්. ඔය වගේ විදුලි ජනන එකට තිබිච්ච ඒවා කොටස්වලට කැඩුවා. කොටස්වලට කඩලා කිව්වා හැමදාටම 100%ක් රජයට අයිති මහවැලියෙන් සහ මේ හයිඩ්‍රෝ එකෙන් කරන ඇසට්. ඒවා කවදාකවත් කිසිම දවසක ඒකේ ෂෙයා ඩිවොලූෂන් එකක් නෑ. අනිත් ඒවා ගැන එහෙම 100%ක් පර්මනන්ට්ලි තියාගන්නවා කියලා නෑ. කවදා හරි දවසක කාට හරි අවශ්‍ය නම් මෙය යම්කිසි විදිහකට පුද්ගලික අයිතියකුත් ලබාගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ නොරොච්චෝලේ ගත්තොත්, මේ දැන් තියෙන සිස්ටම් එක අනුව පුළුවන් කවදා හරි දවසක නොරොච්චෝලේ 5%ක් හෝ 10%ක් කොටස් වෙළෙඳපොළ හරහා ජනතාවගේ මුදල් එයට ලබාගන්න. එහෙම නැත්නම් අපි හිතමු මොකක් හරි රජයට අයිති සුළං විදුලි බලාගාරයක් තියෙනවා, ඒකට පුද්ගලික එහෙම නැත්නම් මහාජන අයිතිය කොටස් වෙළෙඳපොළ හරහා ලබාගන්න 5%ක්, 10%ක්, 15%ක්, 20%ක් ඕනෙ විදිහකට ඒක කරන්න පුළුවන්, ඒ අවශ්‍ය ප්‍රාග්ධනය ලබාගැනීම සඳහා. ඒක එක. දෙවැනි එක තිබුණේ ට්‍රාන්ස්මිෂන්. අපි දන්නවනේ මේ ට්‍රාන්ස්මිෂන් ලයින්වල ලොකු අවුලක් තියෙනවා. වඳුරෝ පැනලා නෙවෙයි ට්‍රාන්ස්මිෂන් ලයින් එක කඩාගෙන වැටිලා තියෙන්නේ. ඒකට ගොඩක් ආයෝජන අවශ්‍යයි ඉස්සරහට අරගෙන යන්න. මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකට.

එතකොට මේකට තිබුණේ 50%කට වැඩිය රජයට අයිති වෙන්න ඕනේ. පසුව කවදා හෝ අවශ්‍ය නම් පුද්ගලික ආයෝජන ඒකට ලබාගන්න පුළුවන් කියලා. දැන් බොහෝ රටවල්වල, ඉන්දියාවේ වගේ ගත්තත්, පවර් ඒ කම්පැනි එක ට්‍රාන්ස්මිෂන් එක එක රටවල්වල එක එක සංයුතියෙන් තියෙනවා. හැම රටේම නෙවෙයි, සමහර රටවල්වල රජයට වැඩි අයිතියක් තියෙනවා. ලංකාවෙත් එහෙම තමයි මේක අදහස් කරලා තිබුණේ. ඊට පස්සේ තියෙනවා ඩිස්ටි්‍රබියුෂන් කම්පනිස්. එතකොට ඩිස්කෝ 1, ඩිස්කෝ 2, ඩිස්කෝ 3 කියලා ඩිස්ටි්‍රබියුෂන් කම්පනිස් තියෙනවා. ඒවා සියලු දේ අයිති සී.ඊ.බී. එකට. හැබැයි කොටස් වශයෙන්, ජියෝග්‍රැෆික් කොටස් අනුරාධපුරේට එකක්, සවුත් එකට එකක්, ඒ වගේ මේ ඩිස්ටි්‍රබියුෂන් ලයින්ස් යන විදිහට මේවා පහකට කඩලා, ඒක අයිතිය 100%ක් තිබුණා සී.ඊ.බී. එකට. ඊට පස්සේ දැන් මේ වගේ අපි අද කතාකරන තැන, මේක වැඩකරන්නේ ලෙකෝ කියන කොම්පැනියෙන්. ලෙකෝ කොම්පැනියේ කොටස් රජයට අයිති නමුත් ආයතනයක් හැටියට වෙනම වැඩකරනවා. එෆිෂන්සීස් තියෙනවා, ඉනෝවේෂන්ස් තියෙනවා. ඉතාමත්ම හොඳට මේක ක්‍රියාත්මක වෙනවා.

දැන් ඉදිරිපත් කරලා තියෙන ඇමෙන්ඩ්මන්ට් එකෙන් කරන්නේ මොකක්ද? අර මම කියපු මහවැලියයි, නොරොච්චෝලෙයි, කම්බයින් සයිකල් එකයි, තර්මල් එකයි, ඩීසල් එකයි, හුළං එකයි, සූර්ය බලයයි ඔක්කොම එක කොම්පැනියක් කරලා, ඒ කොම්පැනිය 100%ක් හැමදාම රජය සතුව තියෙන්න ඕනේ කියන එක තමයි මේ ඇමෙන්ඩ්මන්ට් එකෙන් කරන්නේ. ඊළඟට ට්‍රාන්ස්මිෂන් එකේ 50%ට වඩා නෙවෙයි, 100%ක් හැමදාම රජයට තියෙන්න ඕනේ කියලා ඒක හදලා තියෙනවා. තුන්වැනි එක ඩිස්ටි්‍රබියුෂන් කම්පනිස් ටික ඔක්කොම ආයෙත් එකතු කරලා එක, එක ආයතනයක් හැටියට හදලා, ලෙකෝ එකත් මේක ඇතුළටම අරගෙන, ඒකත් සී.ඊ.බී. එකේම ආයතනයක් හැටියට නම් කරලා තියෙනවා. එතකොට මේ අපේ ඩිවලප්මන්ට් පාර්ට්නර්ස්ලා අහන්නේ, ඕගොල්ලෝ ඇයි මේක කරන්නේ කියලා…’

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

SendShareShare
Previous Post

මේ අය තමිල්නාඩුවෙන් ත්‍රිකුණාමලයට තෙල් ගේන්නයි යන්නේ! මොන ගොන් ආණ්ඩුවක්ද? බලශක්තිය ගැන මාලිමා ආණ්ඩුවට කිසිම ප්‍රතිපත්තියක් නෑ! ලංකාවෙන් ගෑස් ළිං දෙකක් හමුවුණා! පුළුවන් නම් වැඩ පටන් ගන්න! මුළු රටම ගොඩයන වැඩක් චම්පික හෙළි කරයි! Sri Lanka Latest News

Next Post

ඉංග්‍රීසි කියන්නේ මහ ලබ්බක් නෙවෙයි! හඳුන්නෙත්ති දන්න සිංහලෙන් කතා කළා නම් මොකෝ! අනුන්ට කියන දේවල් තමන්ගෙ පැත්තට එද්දී භාරගන්න බැරි නම් පොලිටික්ස් කරන්න එපා! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.