ඩලස් අලහප්පෙරුම මහතා මේ දිනවල සිටින්නේ අමෙරිකාවේ සංචාරයක නිරත වෙමිනි.
ඒ පිළිබදව ඒ මහතා තබා තිබූ ෆේස්බුක් සටහන මෙසේය.
ජූනි 11 ලෝක දින දර්ශනයට අපූරු දවසක් වුණා. ආබාධ සහිත ප්‍රජාව ගේ නියෝජිතයන් සහ ලොව පුරා රාජ්‍ය නායකයන්, මහජන නියෝජිතයන් මෙන්ම තානාපතිවරුන්ගෙන් එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් නුවර මූලස්ථානය පිරී ඉතිරී ගියේ ශීලාචාර ලෝකයක අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඉහළ නංවමින්.Sri Lanka Latest News
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආබාධ සහිත සහෝදර ප්‍රජාව වෙනුවෙන්ම නිර්මාණය වූ සංසදයේ සභාපතිවරයා විදිහට මටත් මේ දිනය ඓතිහාසික සිහිවටනයක් වුණා.
එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් මැතිතුමා ගේ පරිණත සහ බහුශ්‍රැත නායකත්වය, ජාත්‍යන්තර ප්‍රජාව තුළ අපගේ හඬට ගෙන දුන්නේ විශාල වටිනාකමක් සහ ගෞරවයක්. නියෝජ්‍ය තානාපති සුගීශ්වර ගුණරත්න මහතා මුලසුන උසුලන සැසියකින් අද විශේෂ සාකච්ඡාව ආරම්භ වීම ශ්‍රී ලංකාවට තවත් අපූරු වටිනාකමක් එකතු කළා. එජා සංවිධානයේ සභාපති සහ නියෝජ්‍ය මහලේකම් අමීනා මොහමඩ් මහත්මිය ප්‍රමුඛ මහා මණ්ඩල නිලධාරීන් මෙන්ම ලොව පුරා රටවල් 184ක නියෝජිතයන් සමඟ තව දින දෙකක් මහා මණ්ඩලය තුළ ගත කරන කාලය, නිසැකවම මානව වංශ කතාවේ ශිෂ්ඨ සම්පන්න අනාගතයක් වෙනුවෙන් කරනු ලබන ස්වර්ණමය ආයෝජනයක් බව අවිවාදිත සත්‍යයක්.
ජූනි 12 මට ජීවිතයේ විශේෂ දවසක්. ඒ, ශ්‍රී ලංකාවේ ආබාධ සහිත සහෝදර ජනතාව ගේ “නිහඬ හඬ” බිලියන අටක මානව වර්ගයා වෙත සන්නිවේදනය කිරීමේ වගකීම මා වෙත පැවරී ඇති නිසා.



















