යාපනය දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක් සම්බන්ධව වාර්තා වී ඇති බැවින් එම පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද දින (15) යාපනය පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දී ඇත. (Sri Lanka Latest News)
අද දින පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවැති විශේෂ කෘෂිකාර්මික කමිටු රැස්වීමට සහභාගි වූ අමාත්‍යවරයාට ගොවි ජනතාව මේ ගැන පැමිණිලි කළ අතර මෙතෙක් ඒ සම්බන්ධව පොලීසිය කිසිදු පියවරක් ගෙන නොමැති බව සඳහන් කර තිබේ.
යාපනයේ ගොවීන් තම වගාවන්හි අස්වැන්න යාපනයේ වෙලඳපොලට අලෙවිය සඳහා ගෙන එන විට පිරිසක් සෑම දිනම සංවිධානය වී කප්පම් ලබාගන්නා බව ඔවුන් ඇමතිවරයාට පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් පොලීසියෙන් කළ විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ මේ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් තමන්ට ඉදිරිපත්ව නැති බවය.
අදාල කප්පම් ගැනීමේ තොරතුරු හා පැමිණිලි කෘෂිකර්ම කමිටුවේ දී දැන් ඉදිරිපත්ව ඇති බැවින් මෙම කප්පම් කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් යොදවා තොරතුරු ලබාගෙන නිසි ආකාරයෙන් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
lankasara.










