• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැලිගම ‘W15’ හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය පෞද්ගලික උවමනාවකට කරපු එකක්? හෙට අනිද්දාම පොලිසියේ කීපදෙනෙක් අත්අඩංගුවට! උපදෙස් දීපු ඉහළ නිලධාරීන්ටත් වැඩ වරදී! කොළඹ ඉඳන් CCD නිලධාරීන් ගිහින් තියෙන්නේ හොර අංක යෙදූ වාහනයකින්! වැලිගම පොලිසියේ වෙඩිල්ලෙන් මියගිය CCD නිලධාරියාට රනිල් මිලියන 2.5ක් වන්දි ගෙවලා! ටිරාන් මිලියන 1.7ක් වන්දි ගෙවලා! දේශබන්දු මිලියන 1.7ක් වන්දි ගෙවලා! සල්ලි ගෙවපු විදිහ ගැනත් CIDය හොයනවා! I Sri Lanka Latest News

December 16, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
වැලිගම ‘W15’ හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය පෞද්ගලික උවමනාවකට කරපු එකක්? හෙට අනිද්දාම පොලිසියේ කීපදෙනෙක් අත්අඩංගුවට! උපදෙස් දීපු ඉහළ නිලධාරීන්ටත් වැඩ වරදී! කොළඹ ඉඳන් CCD නිලධාරීන් ගිහින් තියෙන්නේ හොර අංක යෙදූ වාහනයකින්! වැලිගම පොලිසියේ වෙඩිල්ලෙන් මියගිය CCD නිලධාරියාට රනිල් මිලියන 2.5ක් වන්දි ගෙවලා! ටිරාන් මිලියන 1.7ක් වන්දි ගෙවලා! දේශබන්දු මිලියන 1.7ක් වන්දි ගෙවලා! සල්ලි ගෙවපු විදිහ ගැනත් CIDය හොයනවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් වැලිගම පිහිටි හෝටලයකට පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා කළ වෙඩි තැබීම කිසියම් අයකුගේ පුද්ගලික උවමනාවක් ඉටුකිරීමක් බවට සැකකරන තොරතුරු රැසක් ඒ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලින් හෙළිවෙමින් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.Sri Lanka Latest News

එම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුම වැඩි කල් යන්නට මත්තෙන් අත්අඩංගුවට පත්වනු ඇති බවද එම නිලධාරියා කීය. ඊට අමතරව එම අනීතික ක්‍රියාවට පොලිස් නිලධාරීන් යොමු කළ ඉහළ නිලධාරීන් හඳුනාගෙන ඒ අයට එරෙහිවද පියවර ගන්නා බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

හෝටලයට වෙඩි තැබූ ගමන සඳහා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ සිට වැලිගමට ගොස් ඇත්තේ ද ව්‍යාජ අංක තහඩු යෙදූ වෑන් රථයකින් බවද හෙළිවී ඇත.

සිවිල් ඇඳුමින් සැරසී ගොස් සිදු කළ මෙම වෙඩි තැබීමත් සමඟ හෝටලයෙන් හදිසි ඇමතුම් අංශයට කළ දැනුම්දීමකට අනුව එම ස්ථානයට වැලිගම පොලීසියේ රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි කැබ් රථයේ සිටි නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ඇත. වැලිගම පොලීසියේ ජංගම කැබ් රථය දුටු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඔවුන් පැමිණි වෑණ් රථයේ නැගී පලායාමට පටන්ගෙන ඇත. එහිදී අවස්ථා කිහිපයකදීම එම වෑන් රථය නතර කිරීමට අණකර ඇතත් එම අණ නොතකා ධාවනය වීම හේතුවෙන් වැලිගම පොලීසියේ ජංගම ජීප් රථයේ සිටි හමුදා සෙබළෙක් විසින් වෑන් රථයට වෙඩි තබා තිබුණේ එහි සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බව නොදැන අපරාධකරුවන් පිරිසක් යැයි සිතාය.

වැලිගම පොලීසියේ නිලධාරීන් සිටි කැබ් රථයෙන් එල්ල කළ වෙඩි පහරවල් හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් රැගත් වෑන් රථය නොනවත්වා පලාගොස් ඇත්තේ එහි සිටි නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි වැදී ඇති පසුබිමකය. වැලිගම රෝහල ඒ ආසන්නයේ තිබුණත් වෙඩි වැදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ජීවිතය බේරාගැනීමට ඔවුන්ව රෝහල්ගත කරනවා වෙනුවට ඉමදූවෙන් වෑන් රථය අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට උත්සාහ දරා ඇත්තේ කොළඹට පලායාමේ අපේක්ෂාව ඇතිවය. ඒ වන විටත් වැලිගම පොලීසියේ නිලධාරීන් රේඩියෝ පණිවුඩ මඟින් පලායමින් ඇති වෑන් රථයේ තොරතුරු ලබාදී තිබී ඇත. වෙඩි වැදී වෑන් රථයේ පිටුපස වීදුරුව බිඳුණු වෑන් රථය අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට අධිවේගී මාර්ග පොලීසියේ නිලධාරීන් ඉඩ නොදී පරීක්ෂා කරන විටත් වෙඩි වැදුණු දෙදෙනා අතර සිටි සැරයන්වරයා සිට ඇත්තේ රුධිරය වහනය වී මිය ගොසිනි. වෙඩි වැදුණු උප පොලිස් පරීක්ෂකවරයෙකු සිට ඇත්තේ ලේ ගලන තුවාල සහිතවය.

මෙහිදී තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බව පවසා එහි සිටි නිලධාරීන් පලායාමට උත්සහා දරා ඇතත් ඊට අධිවේගී මාර්ග පොලිස් නිලධාරීන්ගෙන් ඉඩක් ලැබී නැත. එම අවස්ථාවේදී කොළඹ සිට ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුම දුරකතන ඇමතුම් දෙමින් වෑන් රථය එම ස්ථානයෙන් මුදාගෙන කොළඹට ගෙන්වා ගැනීමට උත්සාහ දරා ඇතත් ඊට අධිවේගී මාර්ග පොලීසියේ නිලධාරින්ගෙන් ඉඩක් ලැබී නැත්තේ ලැබෙන දුරකතන ඇමතුම් සහ වෑන් රථයට වෙඩි වැදී තිබීම ගැන ඇතිවූ යම් සැකයක් මුල්කරගෙනය. අවසානයේදී මෙම සිදුවීම ගැන පොලීසියේ ඉහළ නිලධාරීන් මෙන්ම එවකට සිටි දේශපාලන බලධාරීන් පෙන්වා දෙන්නට වූයේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය නීත්‍යනුකූල වැටලීමක නිරතව සිටියදී වැලිගම පොලීසියේ නිලධාරීන් විසින් අනීතිකව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ වාහනයට වෙඩි තබා ඇති බවය.

ඒ අනුව වෙඩි ප්‍රහාරය එල්ල කළ හමුදා සෙබළා ඇතුළු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස බලපෑම් පවා එකල දකුණේ සිටි පොලිස් ප්‍රධානීන්ට එල්ලවී තිබිණි. එම බලපෑම් ප්‍රතික්ෂේප කරමින් නිසි ලෙස වැලිගම පොලිස් නිලධාරීන්ට දකුණේ පොලිස් බලධාරීන් දැනුම්දී තිබුණේ සිදුවීම සිදුවූ ආකාරයට සටහන් තබන ලෙසය. ඒ අනුව වැලිගම පොලීසියේ නිලධාරීන් සම්බන්ධයෙන් එවකට සිටි ඉහළ පොලිස් නිලධාරින්ට මෙන්ම දේශපාලන බලධාරීන්ට ඉඩක් නොලැබෙන පසුබිමක මෙම වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ නිසි ලෙස ඉටුනොකරන තත්ත්වයක්ද ඇතිවී තිබිණි.

වෙඩි වැදී මිය ගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කිරීමටත් ඔහු වීර ක්‍රියාවක් සිදුකළ නිලධාරියෙක් සේ සලකා මෙතෙක් ඉතිහාසයේ කිසිදු පොලිස් නිලධාරියෙකුට නොලැබුණු ආකාරයට අසාමාන්‍ය ආකාරයට මුදල් ත්‍යාග ද ඔහු වෙනුවෙන් ලබාදී ඇති බවත් විමර්ශනවලින් මේ වන විට පෙනී ගොස් ඇත. රුපියල් මිලියන 2.5ක මුදලක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරිත්‍යාග කළ බව සඳහන් වූ අතර ඊට අමතරව එවකට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් රුපියල් මිලියන 1.7ක මුදලක් සහ එකල වැඩ බලන පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුවෙන් මිලියන 1.7ක මුදලක් පරිත්‍යාග කළ බව මාධ්‍යට සඳහන් කර තිබිණි.

රුපියල් මිලියන 5.9ක් වූ මුදලක් ඒ අනුව මියගිය පොලිස් සැරයන්වරයාට ලැබී ඇත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන්නේ යැයි කියන රුපියල් මිලියන 2.5ක මුදල ඔහුගේ පුද්ගලික මුදලින් ලබාදී තිබේද? එසේත් නැතිනම් ජනපති අරමුදලින් ලබාදී තිබේද? එසේත් නැතිනම් පිටස්තර පුද්ගලයකු විසින් ලබාදුන් මුදලක් ලබාදුන්නේද? යන්න මෙන්ම සෙසු මුදල් ලබාදීම් සම්බන්ධයෙන්ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා බැලීමක නිරතව සිටින්නේ ඒ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සැකයක් මුල්කරගෙනය.

මෙම විමර්ශනය අවසන් වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කොළඹ සිට වැලිගමට ගියේ කුමන කරුණක් සඳහා දැයි පැහැදිලිවම හෙළිවනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කළේය. මෙම විමර්ශනය ඔස්සේ කොළඹ අපරාධ කොට්ඨාසයේ ඇතැම් නිලධාරීන් විසින් සිදුකළ අනීතික ක්‍රියා රැසක් එළියට එනු ඇති බවත් මාධ්‍යවේදීයෙකුගේ නි‍ෙවසකට අසූචි ප්‍රහාරය ඇතුළු බොහෝ සිදුවීම් ගැන තොරතුරු හෙළිවනු ඇති බව විශ්වාසකරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ

SendShareShare
Previous Post

ජනාධිපතිවරණයෙදි සජබය 3ට වැට්ටුවා! මහඡන්දෙදි වැඩි ඡන්ද 76000කින් පැරදුණා! දැන් සමූපාකාර ඡන්දෙදි කඩුවෙල 100න් 100ම මාලිමාව දිනුම්! ප්‍රාදේශික 28න් 22කම සජබ නාමයෝජනා ප්‍රතික්ෂේපයි! අනේ මේ රට අල්ලන්න හදන සජබෙ මහලොකු නායිකාවො! සජබ නායකයාටයි මහලේකම්ටයි ලොකු පැමිණිල්ලක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

ආචාර වෙඩිමුර 21ක්! රාජ්‍යතාන්ත්‍රිකයෝ රැසක්! හමුදා ආචාර පෙළපාලියක්! අශ්වාරෝහකයන් පෙළක්! කරට අත දාගෙන මෝදි අනුරට ලොකු වෙල්කම් එකක් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.