2015 වර්ෂයේදී කොළඹ මහ නගර සභා සීමාවේ ඇති ගස්වල තත්වය පරීක්ෂා කිරීමට රුපියල් ලක්ෂ 74ක මුදලක් වැය කර මිල දී ගත් යන්ත්‍රය (Tree scanner) භාවිතයට නොගැනීම නිසා දිරාපත්ව ඇති බව කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග සඳහන් කරයි.Sri Lanka Latest News
මෙම යන්ත්‍ර මගින් ගසේ ව්‍යුහය පරීක්ෂා කර ගස්වල ආයු කාලය, ඒවායේ ස්වභාවය පරීක්ෂා කළ හැකි වුවද එය ප්‍රයෝජනයට නොගෙන දිරාපත් වන්නට ඉඩහැර ඇත්තේ, එම යන්ත්‍රයෙන් ලබා ගන්නා දත්ත විශ්ලේශණය කර තීරණ ගැනීමට හැකි නිලධාරියකු නොමැති වීම නිසා යැයිද පැවසේ.
පසුගිය සිකුරාදා (06) කොල්ලුපිටියේ දී බසයක් මතට ගසක් කඩා වැටීම නිසා පස් දෙනෙකු මියගිය අතර විවිධ මිනිස් ක්‍රියාකාරකම් සහ වර්ෂාව නිසා මෙම ගසෙහි මුල් බුරුල් වීමෙන් ගස කඩා වැටුණු බව දැනට සිදු කරන පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයිද පැවසේ.










