• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රසායනික පොහොර ගහපු බීට් කිලෝව 270යි! කාබනික නම් 630යි! මිල එකට තුනක් වැඩියි! කාබනික වගාවෙන් ‌මිනිස්සුන්ට කන්නවත් නැති වෙයිද?

July 7, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
රසායනික පොහොර ගහපු බීට් කිලෝව 270යි! කාබනික නම් 630යි! මිල එකට තුනක් වැඩියි! කාබනික වගාවෙන් ‌මිනිස්සුන්ට කන්නවත් නැති වෙයිද?
Share on WhatsAppShare on Facebook

රජය රසායනික පොහොර ආනයනය තහනම් කළේ කාබනික පොහොර සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව පවසමිනි. ඒ හරහා රට තුළ විවිධාකාරයේ අර්බුද රාශියක් මේ වන විට නිර්මාණය වී ඇත. ඒ අතරින් ප්‍රධාන වන්නේ ගොවීන්ට අවශ්‍ය තරම් පොහොර වෙළෙඳපොළේ නොමැති වීමය. රජය මගින් ලබාදෙන පොහොර සහනාධාරය පවා නිසියාකාරව ගොවීන්ට හිමි වී නොමැති අතර ගොවීන් පවසන්නේ මුදලට මිලදී ගැනීමට හෝ පොහොර වෙළෙඳපොළේ නොමැති බවය.

රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් මෙරට ආර්ථික බෝගවල අස්වැන්න විශාල වශයෙන් අඩුවීම පිළිබඳවද දැන් ජනතාව චෝදනා නඟමින් ඇත. වී, එළවළු, තේ, කුරුඳු ඇතුළු සියලුම වගාවන් සඳහා මෙම තත්ත්වය දැඩිව බලපා ඇත. තමන්ට අත්‍යවශ්‍ය පොහොර වහාම ලබාදෙන ලෙස ඉල්ලා රටපුරා විවිධ වගාවන්හි නිරත ගොවීන් පවත්වන උද්ඝෝෂණද දැන් දිනපතා දැකගත හැකිය.

රසායනික පොහොර භාවිතය නැවැත්වීම පිළිබඳව කිසිවකු විරුද්ධ නැත. නමුත් මෙම විරෝධතාවන්ට හේතු වී ඇත්තේ නිසි වැඩපිළිවෙළකින් තොරව එක්වරම රසායනික පොහොර භාවිතය නැවැත්වීමය. රසායනික පොහොර භාවිතය නවත්වා කාබනික වගාව සඳහා මෙරට ගොවීන් හුරුකරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේද කරුණු දක්වා ඇත. එහි සඳහන්ව ඇත්තේ එම වැඩපිළිවෙළ වසර 10ක් වැනි දීර්ඝ කාලයක් තුළ ක්‍රියාත්මක කරන එකක් ලෙසිණි. නමුත් එම වැඩපිළිවෙළ ඉතාම කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කිරීමෙන් ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

මේ අතර රසායනික පොහොර භාවිතයෙන් තොරව 100%ක් කාබනික පොහොර භාවිතයෙන් පමණක් ආර්ථික භෝග වගාව සිදු කළ හැකිදැයි යන්න සම්බන්ධයෙන්ද දැන් කතාබහක් නිර්මාණය වී ඇත. ඊට හේතු වී ඇත්තේ රසායනික පොහොර භාවිතයෙන් ලැබෙන අස්වැන්න හා සමාන අස්වැන්නක් කාබනික පොහොර භාවිතයෙන් ලබා ගැනීමට නොහැකි බවට බොහෝ ගොවීන් පෙන්වා දී තිබීමය.

කාබනික වගා සංකල්පය ලෝකය පුරා විවිධාකාරයෙන් ක්‍රියාත්මකවන ක්‍රියාදාමයකි. එය වාණිජමය වශයෙන්ද ක්‍රියාත්මක වන අතර ඒ සඳහා වෙනම වෙළඳපොළක්ද නිර්මාණය වී ඇත. එමෙන්ම එලෙස කාබනික පොහොර භාවිතයෙන් නිෂ්පාදනය කෙරෙන බව භෝග අනෙක් සාමාන්‍ය භෝගයන්ට වඩා ඉහළ මිලකින් යුතු වීමද විශේෂත්වයකි.

මෙරටටද එම තත්ත්වය පොදුය. කාබනික පොහොර යොදා සකස් කළ එළවළු සහ පලතුරු වර්තමානයේදීද ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳසල්වලින් මිලදී ගත හැකිය. නමුත් එම එළවළු සහ පලතුරු අලෙවි වන්නේ සාමාන්‍ය එළවළු සහ පලතුරුවලට වඩා වැඩි මිලටය. එම තත්ත්වය වඩාත් හොඳින් අවබෝධ වන්නේ කාබනික එළවළු සහ පලතුරු මිල ගණන් සාමාන්‍ය එළවළු සහ පලතුරු මිල ගණන් සමඟ සසඳා බැලීමෙන් පසුවය.

පසුගිය සතියේ මෙරට සුපිරි වෙළෙඳසැල්වල සාමාන්‍ය වට්ටක්කා කිලෝ එකක මිල සටහන් වූයේ රුපියල් 130ක් ලෙසිනි. නමුත් එම වෙළෙඳසල් තුළම කාබනික ආකාරයෙන් සකස් කරන ලද වට්ටක්කා කිලෝ එකක මිල රුපියල් 330ක් විය. සාමාන්‍ය කැරට් කිලෝ එකක මිල රුපියල් 280ක් වෙද්දී, කාබනික කැරට් කිලෝ එකක මිල රුපියල් 430ක් විය. පසුගිය සතියේදී මෙරට වෙළෙඳපොළේ සාමාන්‍ය බතල කිලෝවක මිල සටහන් වූයේ රුපියල් 190ක් ලෙසිනි. නමුත් කාබනික බතල කිලෝවක මිල රුපියල් 410ක් විය.

මේ ආකාරයෙන් කාබනික ලෙස වගාකරන ලද එළවළු වර්ග රාශියක මිල සාමාන්‍ය ආකාරයෙන් වගා කරන ලද එළවළු මිලට වඩා ඉතා විශාල වශයෙන් වැඩි බව දැක ගත හැකි විය. සාමාන්‍ය බීට්රූට් කිලෝ එකක මිල රුපියල් 270ක් වෙද්දී, කාබනික බීට්රූට් කිලෝ එකක මිල රුපියල් 630කි. සාමාන්‍ය අල කිලෝවක මිල රුපියල් 230ක් වෙද්දී, කාබනික අල කිලෝවක මිල රුපියල් 660කි. සාමාන්‍ය ලීක්ස් කිලෝවක මිල රුපියල් 320ක් වෙද්දී, කාබනික ලීක්ස් කිලෝවක මිල 520කි. සාමාන්‍ය බෝංචි කිලෝවක මිල රුපියල් 330ක් වෙද්දී, කාබනික බෝංචි කිලෝවක මිල රුපියල් 540කි. සාමාන්‍ය පිපිඤ්ඤා කිලෝවක මිල රුපියල් 220ක් වෙද්දී, කාබනික පිපිඤ්ඤා කිලෝවක මිල රුපියල් 330කි. සාමාන්‍ය ගෝවා කිලෝවක මිල රුපියල් 250ක් වෙද්දී, කාබනික ගෝවා කිලෝවක මිල රුපියල් 430කි. සාමාන්‍ය දඹල කිලෝවක මිල රුපියල් 390ක් වද්දී, කාබනික දඹල කිලෝවක මිල රුපියල් 550කි. සාමාන්‍ය බණ්ඩක්කා කිලෝවක මිල රුපියල් 180ක් වෙද්දී, කාබනික බණ්ඩක්කා කිලෝවක මිල රුපියල් 380කි. සාමාන්‍ය වම්බටු කිලෝවක මිල රුපියල් 290ක් වද්දී, කාබනික වම්බටු කිලෝවක මිල රුපියල් 690කි. සාමාන්‍ය තක්කාලි කිලෝවක මිල රුපියල් 160ක් වෙද්දී, කාබනික තක්කාලි කිලෝවක මිල රුපියල් 470කි. සාමාන්‍ය මිරිස් කිලෝවක මිල රුපියල් 500ක් වෙද්දී, කාබනික මිරිස් කිලෝවක මිල රුපියල් 750කි. සාමාන්‍ය බෙල් පෙපර් කිලෝවක මිල රුපියල් 660ක් වෙද්දී, කාබනික බෙල් පෙපර් කිලෝවක මිල රුපියල් 1180කි. සාමාන්‍ය ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 140ක් වෙද්දී, කාබනික ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 440කි. සාමාන්‍ය පොල් ගෙඩියක මිල රුපියල් 85ක් වෙද්දී, කාබනික පොල් ගෙඩියක මිල රුපියල් 118කි.

සාමාන්‍ය පලතුරු සහ කාබනික පලතුරු මිල ගණන් සැසඳීමේදීද දක්නට ලැබුණේ ඊට නොදෙවැනි තත්ත්වයකි. එම මිල ගණන් මෙසේය. සාමාන්‍ය පේර කිලෝ එකක මිල රුපියල් 240ක් වෙද්දී, කාබනික පේර කිලෝ එකක මිල රුපියල් 420කි. සාමාන්‍ය පැණි කොමඩු කිලෝවක මිල රුපියල් 140ක් වෙද්දී, කාබනික පැණි කොමඩු කිලෝවක මිල රුපියල් 290කි.

සාමාන්‍ය ගස්ලබු කිලෝවක මිල රුපියල් 140ක් වෙද්දී, කාබනික ගස්ලබු කිලෝවක මිල රුපියල් 400කි. සාමාන්‍ය අන්නාසි කිලෝවක මිල රුපියල් 150ක් වෙද්දී, කාබනික අන්නාසි කිලෝවක මිල රුපියල් 370කි.

මේ ආකාරයෙන් කාබනික ක්‍රමයට වගා කරන ලද එළවළු සහ පලතුරු වර්ග මිල ඉහළ යාමට බලපාන හේතු සාධක බොහෝය. රසායනික ද්‍රව්‍ය භාවිතා නොකරන නිසා එම භෝග කෘමි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට විශාල වෙහෙසක් දැරිය යුතුය.

එමෙන්ම රසායනික පොහොර සහ කෘමි නාශක භාවිතකර සිදු කරන වගාවන්ට වඩා කාබනික වගාවේ ඵලදාව අඩු වීමද එම මිල ඉහළ යෑමට තවත් හේතුවක් වී ඇත. වගාවන්හි වර්ධනයට අවශ්‍ය නිසි පෝෂණ ද්‍රව්‍ය රසායනික පොහොර භාවිතයේදී මෙන් කාබනික පොහොර හරහා ලබා දීමට හැකි නොවීම එයට හේතුව බව විශේෂඥයන්ගේ අදහස වී ඇත. වර්තමානයේදී කාබනික වගාව සිදුවන්නේ කුඩා පරිමාණයට වෙන් කළ විශේෂ ගොවිබිම් තුළය. නමුත් ඉදිරියේදී සියලුම වගා බිම් සඳහා යෙදිය යුතු වන්නේ කාබනික පොහොරය. එවැනි තත්ත්වයක මේ තරමටම හෝ අස්වැන්න ලබා ගත හැකි වේදැයි යන්න ප්‍රශ්නයක් බව කෘෂි විශේෂඥයන්ගේ අදහසය.

රජයේ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ඉදිරියට ක්‍රියාත්මක වුවහොත් ලබන වසර වන විට මෙරට වෙළෙඳපොළෙන් මිලදී ගන්නා සියලුම එළවළු සහ පලතුරු කාබනික ආකාරයට වගා කළ ඒවා වනු ඇත. එවිට කාබනික වගාව යන විශේෂ ලේබලය යටතේ එළවළු සහ පලතුරු අලෙවි කිරීමට අවශ්‍ය නොවනු ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ එවිට එම මිල ගණන් කෙසේ වනු ඇතිද යන්නය. බහුතර ජනතාව දැන් මුහුණ දී සිටින්නේ සාමාන්‍ය මිල ගණන් යටතේ හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගත නොහැකි තත්ත්වයකටය. එවැනි පසුබිමක එම මිල ගණන් කාබනික එළවළු මිල ගණන් හා සම වුවහොත් එය කොයි ආකාරයෙන් විඳ ගැනීමට ජනතාවට හැකි වේදැයි යන්නද ගැටලුවකි.

මේ අතර රසායනික පොහොර ආනයනය නැවැත්වීම වී වගාවටද ඉතා විශාල වශයෙන් බලපෑම් එල්ල කර ඇත. වී ගොවීන් පවසන්නේ පොහොර හිඟය හේතුවෙන් ඉදිරියේදී සහල් හිඟයක් ඇති වීම වැළැක්විය නොහැකි බවය. එසේ වුවහොත් තත්ත්වය තවත් බරපතළ වනු ඇත. ඒ ආකාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යද්දී, කිසිවෙකුට අත නොපා තේ, කුරුඳු වැනි ආර්ථික වගාවේ නිරත වෙමින් යහපත් ජීවන තත්ත්වයක් හිමි කර ගෙන සිටි ජනතාවද පොහොර ආනයනය නැවැත්වීම හේතුවෙන් දැඩි පීඩාවකට පත් වී ඇත.

මෙම තත්ත්වය විශාල වශයෙන් බලපා ඇත්තේ කුඩා පරිමාණ තේ වගාකරුවන්ටය. ශ්‍රී ලංකාවේ තේ වගාව මුළුමනින්ම සිදුවන්නේ රසායනික පොහොර භාවිතය මඟිනි. නමුත් රජය දැන් පවසන්නේ ඒ සඳහාද කාබනික පොහොර යොදා ගන්නා ලෙසිනි. රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් පසුගිය මාස දෙකකට ආසන්න කාලය පුරාවට තම වගාව සඳහා කාබනික පොහොර අත්හදා බැලීමට බොහෝ වගාකරුවන්ද කටයුතු කර තිබිණි. ඒ බොහෝ දෙනා පවසන්නේ තම ආදායම පෙරට වඩා බොහෝ සෙයින් අඩු වී ඇති බවකි.

එමෙන්ම තේ දලු නෙළීමේදීද දැඩි දුෂ්කරතාවයන්ට තමන් දැන් මුහුණ පා සිටින බවට එම ජනතාව මැසිවිලි නඟති. ඒ සඳහා පිළියම් ලබා දීමටද කිසිවෙකු ඉදිරිපත් නොවන බවද ජනතාවගේ අදහස වී ඇත.

රජය පවසන්නේ මොනම ආකාරයකින්වත් රසායනින පොහොර ආනයනය නොකරන බවය. පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් සංවර්ධන කමිටු නියෝජිතයන්ට ප්‍රකාශ කළේ ජනතාවගෙන් ගුටි කාගෙන හෝ කාබනික පොහොර සඳහා ඔවුන් උනන්දු කරවන ලෙසටය.

පෙර සඳහන් කළ පරිදිම රසායනික පොහොර ආනයනය සහ කාබනික වගාව සඳහා මෙරට කිසිවකු අකමැති නැත. ප්‍රශ්නය පැන නැඟී ඇත්තේ එය කොයිතාක් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වේ දැයි යන්න සම්බන්ධවය.

වසර 10කට සැලසුම් කළ වැඩපිළිවෙළක් මාස 10කින් ක්‍රියාත්මක කළ නොහැකි බව ඕනෑම කෙනකුට තේරෙන සරල කාරණයකි. නමුත් ලෝකය වෙනස් කර ඇත්තේ ඒ ආකාරයේ ක්‍රියාත්මක කළ නොහැකි වේයැයි සිතූ තීන්දු සහ තීරණ ගත් නායකයන් විසිනි.

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජය ගෙන ඇත්තේ ඒ ආකාරයේ දැඩි තීරණයකි. එය රටේ අනාගතයට බලපාන අන්දම අනුව එම තීන්දු තීරණ ගත් නායකයන්ගේ සාර්ථක අසාර්ථක බවද තීරණය වනු ඇත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මහනුවර පවුලම බිළිගන්න කලින් පුදුම හිතෙන ‌කෝල් එකක් දුන්නේත්-පොතක් ගෙනත් දුන්නේත් කොරෝනා මාරයාද?

Next Post

මෙන්ඩිස්-දික්වැල්ලගේ පොලු ගැලවුණු දුස්රාව දැමූ ලන්ඩනයේ ලාංකිකයා නසීර්!

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.