කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය දැන සිටි බවට අසේල නුවන් රාජපක්ෂ නැමැති අය විසින් “ටෘත් විත් චමුදිත යූටියුබ් නාලිකාවේ” මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග කරන ලද ප්‍රකාශය පිළිබඳව ප්‍රන කිරීම සඳහා දෙවන වරටත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට හෙට දින පෙරවරු 9.00ට කැඳවා තිබෙන බව වාර්තා වේ.Sri Lanka Latest News
මීට සති දෙකකට පමණ පෙරාතුවද මාධ්‍යවේදී චමුදිත මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබීය.
කෙසේවෙතත් මෙම සිද්ධියට අදාලව සමාජ ක්‍රියාකාරී නාමල් කුමාර සහ අසේල නුවන් රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගනු ලැබීය.
චමුදිත සමරවික්‍රම මහතාව මීට පෙර එකම සිදුවීමක් සම්බන්ධයෙන් මෙලෙස දෙවතාවක් කැඳවා නොමැති බව වැඩිදුර තොරතුරු සොයාබැලීමේදී වාර්තා විය.










