දැනට ගනු ලබන ක්‍රියාමාර්ග තුළින් මෙම වසර අවසාන වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 03 කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ප්‍රධාන විදේශ විනිමය ලැබීම් අතර මැදපෙරදිග සහ අනෙකුත් කලාපීය මහ බැංකු සමග අමෙරිකානු ඩොලර් බිලියන 02 ක පමණ විදේශ විනිමය හුවමාරු පහසුකම් ඇතුළත් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
රජය විසින් ද්විපාර්ශවික මූල්‍යන පහසුකම් ලබාගැනීම්, ඒකාබද්ධ ණය පහසුකම් ලබා ගැනීම් මෙන්ම බහුපාර්ශවික සංවිධාන තුළින් ණය ගැනීමේ ක්‍රියාවලියක ද යෙදී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
මීට අමතරව බලධාරීන් විසින් ඉහළ මට්ටමේ විදේශ සංචාරවලදී සාකච්ඡා කරන ලද විදේශ විනිමය පහසුකම් ලැබීම් ද ඉදිරියේදී සාර්ථක වනු ඇත.











