මහ බැංකුව පසුගිය සතියේ තවත් රුපියල් බිලියන 55.95ක් මුද්‍රණය කොට ඇති අතර ඒ සමගම මේ මාසයේ මේ දක්වා මුද්‍රණය කර ඇති මුළු මුදල රු. බිලියන 172.34ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ තත්ත්වය හේතුවෙන් දැඩි උද්ධමනකාරී ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට ජනතාවට සිදුවනු ඇති බව ආර්ථික විශේලේෂකයෝ පෙන්වා දෙති.










