• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථික අර්බූදය දරුණුයි! ඉම්රාන්ට අස්වන ලෙස ආණ්ඩුවෙන්-විපක්ෂයෙන් දෙකෙන්ම බලපෑම්! විශ්වාසභංගයකුත් ඉදිරිපත් වෙයි!

March 20, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මානව නිදහස පතා නැගෙන පාකිස්ථානයේ මරහඬ!
Share on WhatsAppShare on Facebook

වහා ධුරයෙන් ඉවත් වෙන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට එරට විපක්ෂයෙන් පමණක් නොව, පාලක පක්ෂයෙන් ද බලපෑම් එල්ල වෙයි.

පාකිස්තාන විපක්ෂ සන්ධානය පමණක් නොව, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නායකත්වය දෙන, ‘පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ඇමැතිවරුන් බොහෝ දෙනකු ද චෝදනා කර ඇත්තේ, වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අර්බුදයට ඉම්රාන් ඛාන් වගකිවයුතු බවටය.

පාකිස්තානයේ විපක්ෂ සන්ධානය ලෙස සැලකෙන්නේ පසුගිය වසර ගණනාව පුරාවට මාරුවෙන් මාරුවට බලයේ සිටි එරට ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙක වන මුස්ලිම් ලීගය නවාස් සහ පාකිස්තාන ජනතා පක්ෂයයි. ‘පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය 2018 දී බලයට පැමිණියේ තෙවැනි බලවේගය ලෙසය. ඒ වනවිටත් පාකිස්තානය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටියේය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රජයේ වියදම් කප්පාදු කරමින්, සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් මූල්‍ය ආධාර ලබා ගනිමින්, චීනයෙන් ණය ලබා ගනිමින් චීන සංවර්ධන ව්‍යාපෘති සඳගා ගිවිසුම් අත්සන් කරමින්, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දැඩි වෙහෙසක් ගත් බව ලොවට රහසක් නොවෙයි.

ඉම්රාන් ඛාන් පෙරළා චෝදනා නගමින් පවසා ඇත්තේ, මුස්ලිම් ලීගය නවාස් සහ පාකිස්තාන ජනතා පක්ෂය මාරුවෙන් මාරුවට බලයේ සිටිද්දී කළ දූෂණ වංචා හේතුවෙන් හටගත් ආර්ථික අර්බුදය විසඳීමට තමන් දැඩි උත්සාහයක නියැලෙන බවය.

මුස්ලිම් ලීගය නවාස් සහ පාකිස්තාන ජනතා පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය මේ වනවිට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ද සූදානම් වෙයි. ඊට අදාල ඡන්ද විමසුම ලබන 28 වැනිදා පැවැත්වීමට ද නියමිත බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට විරෝධය දක්වන ඔහුගේ ‘පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ඇමැතිවරුන් ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ විපක්ෂය ගෙනෙන විශ්වාසභංගයට තමන් සහාය ලබා දෙන බවත්, තමන් විපක්ෂය සමඟ එක් වී අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් නෙරපා දමන බවත්ය.
69 හැවිරිදි ඉම්රාන් ඛාන් නායකත්වය දෙන්නේ සභාග රජයකටය.

පාකිස්තාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 342 කින් සමන්විතය. විශ්වාසභංගය ජය ගනිමින්, ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දැමීමට නම්, විපක්ෂය ඡන්ද 272 ක් ලබා ගැනීම කළ යුතුය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අග්‍රාමාත්‍ය ඉම්රාන්ගේ ‘පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය සතු ආසන ගණන 155 කි.

විශ්වාසභංගය පරාජය කරමින්, දිගටම ධුරයේ රැඳී සිටීමට නම්, අග්‍රාමාත්‍ය ඉම්රාන්ට එකසිය හැත්තෑ දෙදෙනකුගේ සහාය අවශ්‍ය වෙයි. දැනටමත් කුඩා දේශපාලන පක්ෂ 6 ක පමණ මන්ත්‍රීවරුන් 23 දෙනකුගේ සහාය ද අග්‍රාමාත්‍ය ඉම්රාන්ට හිමිවී ඇත.

කෙසේ නමුත්, පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වන විරෝධය හේතුවෙන් ‘පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය තුළ බෙදීමක් හටගෙන ඇති බවත්, එය අග්‍රාමාත්‍ය ඉම්රාන්ට අවාසියක් වනු ඇති බවත් දේශපාලන විහ්ලේෂකයෝ පෙන්වා දෙති.

පාකිස්තානය අතීතයේ හමුදා කුමන්ත්‍රණ රැසක් සිදුවුණු ආසියානු රාජ්‍යයකි. මේ වනවිට එරට හටගෙන ඇති දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් පාකිස්තාන හමුදාව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවක් පෙනෙයි. පාකිස්තාන හමුදා ප්‍රකාශකයකු මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ හටගත් දේශපාලන අර්බුදයේ දී හමුදාව කිසිදු පාර්ශ්වයකට සහය නොදී මධ්‍යස්ථව කටයුතු කරනු ඇති බවය.

මෙම ප්‍රකාශය අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. කයිබර්-පක්තුන්ක්වා හි පැවැති දේශපාලන රැලියකට එක්වුණු අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියා සිටියේ කිසිදු පැත්තක් නොගෙන පැත්තකට වී සිටින්නේ සතුන් මිස මිනිසුන් නොවන බවය.

SendShareShare
Previous Post

ඉන්දියාවෙන් පිදුම් ලබන ලංකාවේ පුදබිම…

Next Post

මහබැංකුව තවත් බිලියන 56ක් අච්චු ගහයි! ගෙවුණු දවස් 20ට බිලියන 172ක් අච්චු ගහලා! බඩු මිල කොහෙන් නවතියිද දන්නෙ නෑ! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.