මාස දෙකකට අධික කාලයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වාසය කළ බැසිල් රාජපක්ෂ මහතා මාර්තු මස මුල සතියේදී යළිත් ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
එසේ පැමිණි පසු පොහොට්ටුව ප්‍රතිසංවිධාන කිරීමේ කටයුතු සක්‍රීය කොට පක්ෂය ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා පෙළගැස්වීම බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම වී ඇති බවක් දැනගන්නට තිබේ.
බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පසුගිය දෙසැම්බර් මාසයේදී පිටත්ව ගිය අතර, හෙතෙම නැවත ලංකාවට පැමිණෙන බවට තොරතුරු වාර්තා වී තිබුණේ ලබන අප්‍රේල් මාසයේදීය.
නමුත් මේ වන විට රට ඇතුළේ මතුව ඇති දේශපාලන තත්ත්වය හමුවේ සිය ගමන කෙටි කොට ලබන මස මුලදී නැවත ලංකාවට පැමිණීමට ඒ මහතා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ ඥාතියකු වන උදයංග වීරතුංග මහතාද ෆේස්බුක් සටහනක් තබමින් කියා තිබුණේ, ‘පැය විසිහතරේ දුවන ඔරලෝසුක් මෙන් නොනැවතී බැසිල් වැඩකරන්නේ නැවත රනිල්ව රජ කරවීමට නොව පොහොට්ටුව දිනවීමටය’ යැයි කියාය.
‘සිංහල අලුත් අවුරුදු උදාවට පසුව පැවැත්වන මහමැතිවරණයට නායකත්වය ලබාදීමට, පොදුජන පෙරමුණේ මහ මොළකරු බැසිල් රාජපක්ෂයන් ළඟදීම දිවයිනට..
පැය විසිහතරේ දුවන ඔරලෝසුක් මෙන් නොනැවතී බැසිල් වැඩකරන්නේ නැවත රනිල්ව රජ කරවීමට නොව පොහොට්ටුව දිනවීමටය..’