බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ දේහය තැන්පත් කර ඇති සොහොනෙහි මතුපිට ඇති ලෙජර් ගලෙහි පළමු පින්තූරය බකිංහැම් මාලිගය විසින් මාධ්‍යයට නිකුත් කර තිබේ.
එම සුසානය වින්සර් මාලිගය තුළ පිහිටි VI වන ජෝර්ජ් රජු අනුස්මරණ දේවස්ථානය පාමුල පිහිටුවා ඇත.
පසුගිය සඳුදා රැජිණගේ දේහය තුන්වන චාල්ස් රජතුමා සහ පවුලේ සමීපතමයන් පමණක් සහභාගිත්වයෙන් දේවස්ථානය පතුලේ තැන්පත් කරන ලද අතර එහිදී ඇය ඇයගේ දෙමව්පියන් සහෝදරිය හා සැමියා සමඟ එක් විය.
තැම්පත් කරන ලද නව ගලෙහි ජෝර්ජ් 1895-1952, එලිසබෙත් 1900-2002 පිලිප් 1921-2012 සහ එලිසබෙත් II 1926-2022 යනුවෙන් සටහන්ව ඇත.
තිලාන් ජයසේකර බ්‍රිතාන්‍යයේ සිට