ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් උපදෙස් පතන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය පිළිබඳව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.
මුදල් අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති සාර්ව මූල්‍ය ඒකක සඳහා තාක්ෂණික වැඩසටහනක් ගොඩනැගීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බවත්. ඊට වඩා වෙන කිසිවක් එහි නොමැති බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියි.
එය සාමාන්‍යයෙන් සිදු කෙරෙන තාක්ෂණික උපකාරී වැඩසටහනක් බවද ඒ මහතා කියා සිටී.
එම ට්විටර් පණිවුඩය මෙසේය.
Finance Minister's comment yesterday (2) re."#SriLanka informing @IMFNews to provide #expert advice on #economic situation" is about a routine Technical Assistance Program on Macro-Fiscal capacity building for MOF's new Macro-Fiscal Unit. Nothing else. @RealBRajapaksa @CBSL #lka
— Ajith Nivard Cabraal (@an_cabraal) February 3, 2022









