• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමලිංගික කතා අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය නෙමෙයි! ළමයින්ගේ දණ්ඩ නීති පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරලා නෑ! අවශ්‍ය නම් තවත් සංශෝධන කරමු! නැත්නම් තියෙන විදිහටම තියමු! ආණ්ඩුව අමාරුවේ දමමින් විපක්ෂය අතට ගත් මාතෘකා දෙකම අනුර නුවරදී අවසන් කරයි! VIDEO I Sri Lanka Latest News

October 3, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
කළු පාලනය අවසන් කරනවා! ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී මහා සංඝරත්නය ඉදිරියේ ජනාධිපතිගෙන් පොරොන්දුවක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනඟන අතරම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීමද රජය භාරගෙන තිබෙන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි බලය සමඟ සමාජය දැවැන්ත විනාශයකට ඇඳ දමා තිබෙන කළු පාලනය අවසන් කිරීමට රජය තැබූ පියවර කිසිසේත් ආපසු හැරවීමට කටයුතු නොකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

එම සමාජ පුනරුදය ඇති කිරීමේදී මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අතීතයේදී රාජ්‍යය අභියෝගයට පත් වූ සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් ඉදිරියට පැමිණියේ මහා සංඝරත්නය බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනුනායක අතිපූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (03) පස්වරුවේ මහනුවර ඓතිහාසික මඟුල් මඬුවේ පැවති පූජෝත්සවය අමතමිනි.

ධර්මධර, විනයධර, සුපේෂල ශික්ෂාකාමී මහා යතිවරයාණන් වහන්සේ නමක් වන අතිපූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ ජාතික, ආගමික, සමාජයීය සහ අධ්‍යාපනික වශයෙන් ඉටු කරන සේවාව මෙහිදී අගය කළ ජනාධිපතිවරයා මෙම යුගය පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් වහන්සේ වැනි යතිවරයාණන් වහන්සේලා දහස් ගණනක් අවශ්‍ය වන යුගයක් බවද පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කිරීම රජයේ අරමුණ බවත්, එහිදී ගම්දනව් සිසාරා වැඩම කරමින් ජනතාව අවදි කිරීමේදී මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී රටට අහිතකර කිසිවක් නොකිරීම රජයේ ප්‍රතිපත්තිය බවත්, මෙරට ඓතිහාසික උරුමය, සොබා සෞන්දර්ය, වනජීවි කලාප සහ ශ්‍රී ලාංකීය ජනතාවගේ ආගන්තුක සත්කාර පිළිබඳ ලෝක ඇගයුම වැනි සාධක පදනම් කර ගනිමින් සංචාරක කර්මාන්තය ගොඩනැංවීම රජයේ ඉලක්කය බවද පැවසීය.

අභිනව අනුනායක හිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර, අභිනව අනුනායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිළිගන්වන ලදී.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අපේ නාරන්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ අනුනායක පදවියට පත්වන්නේ අපේ සමාජයත්, ශාසනයත් විශාල අභියෝගයකට මුහුණ දී තිබෙන අවස්ථාවකයි. උන්වහන්සේ සතුව තිබෙන ඉවසීම, කරුණාව, ධෛර්යය යන සුවිශේෂී ගුණාංග අපගේ මෙම ගමන් මඟ සාර්ථක කර ගැනීම සඳහා විශාල පිටුබලයක් වනු ඇතැ’යි මම විශ්වාස කරනවා.

අපේ සමාජය විශාල ලෙස අතුරු-අන්තරා ගණනාවකට මුහුණ දී තිබෙනවා. අපිට බිඳවැටුණු ආර්ථිකයක් ගොඩනැගිය හැකියි. එහෙත් සමාජයක් මහා විශාල විනාශයකට මුහුණ දුන් විට, ඒ සමාජය නඟාසිටුවීම අසීරුයි. අපේ සමාජය පැති ගණනාවකින් මේ බිඳ වැටීමට ලක්ව තිබෙනවා. අනෙකාගේ දුක වේදනාව හමුවේ සහකම්පනයක් නැති වියැළුණු මිනිසුන් බවට පත්ව තිබෙනවා. හොඳ-නරක මනින නිර්ණායකය බවට එක්රැස් කරගන්නා ධනය සහ බලය පත්ව තිබෙනවා. ඒ නිසා අපේ සමාජයට යළි අලුත් හර පද්ධතියක් අවශ්‍ය වී තිබෙනවා.

බුදු දහමේ අපට උගන්වා තිබෙන්නේ වටිනාකම් සහිත හර පද්ධතියක්. අද ඒ සියල්ල සුනුවිසිනු කර විකෘති හර පද්ධතියක් සමාජයේ මතුව තිබෙනවා. ඒ නිසා යළි මෙම සමාජය තුළ යහපත් දේ කුමක්ද කියන හර පද්ධතිය ස්ථාපිත කළ යුතුව තිබෙනවා. එහිදී රාජ්‍යයක් ලෙස අපිට පැවරී තිබෙන කාර්යභාරය අප මැනවින් තේරුම්ගෙන වැඩ කරමින් සිටිනවා. හැබැයි, මේ සමාජය සුවපත් කිරීමේ කාරයභාරයේදී විශාලතම පංගුව පැවරෙන්නේ මහා සංඝරත්නයටයි.

අද අපේ රටේ ව්‍යවස්ථාවෙන් පිහිටවනු ලැබූ ආණ්ඩුවක් තිබෙනවා. ඒ හා සමානවම, එතරම් බලවත් නොවුණු, එහෙත් මතුපිට තිබෙන ආණ්ඩුවේ තිබෙන සියලු අංගෝපාංග සහිත අවි බලය මත ගොඩනැගුණු කළු පාලනයක් අපේ රට තුළ තිබෙනවා. ඒනිසා නීත්‍යානුකූල, ව්‍යවස්ථානුකූල පාලනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් අපි මේ කළු පාලනය අවසන් කළ යුතුව තිබෙනවා. අපේ ආණ්ඩුව එම මාවත තෝරාගෙන තිබෙනවා. ඒ සඳහා තබන ලද පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බව මම මෙහිදී ශපථ කර ප්‍රකාශ කරනවා.

එම කළු පාලනය හරහා අපේ රට මොන තරම් විනාශකාරී අන්තයක් කරා තල්ලු වී තිබෙනවාද කියන එක පසුගිය දිනවල දක්නට ලැබුණු ප්‍රවෘත්තිවලින් සනාථ වෙනවා. මත්ද්‍රව්‍ය, අවිආයුධ, නීත්‍යානුකූල නොවන දේපළ, එක්රැස් කරගත් ධනය, ඒ වෙනුවෙන් අවි ආයුධ හැසිරවිය හැකි ප්‍රජාවක්, එම ආයුධවලින් තැන තැන වෙඩි තබා මිනිසුන් මරා දැමිය හැකි මානසිකත්වයක් සහිත තරුණයන් සහ මෙවැනි සමාජයක් නිර්මාණය වී තිබෙනවා. මේ සමාජය යහපත් කිරීමට නම් කළු පාලනය අවසන් කළ යුතුයි. ඒ සඳහා අපි රජයක් ලෙස අපේ කාර්යභාරය ඉතාමත් ශක්තිමත්ව ඉටු කරනවා.

හැබැයි, නැවත නැවත ඇති වන එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සමාජය පවිත්‍රකරණය සහ නව පුනරුදයකට සමාජය කැඳවාගෙන යාමේදී අපේ මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඒ නිසා මේ සමාජය යහපත් කරන කාර්යයේදී අපේ නායක ස්වාමින් වහන්සේගේ උපදෙස්, ඔවදන් ඉතාමත් වැදගත් වෙනවා.

දෙවනුව, සමාජයක් ලෙස අපිට යම් අධ්‍යාත්මයක් අවශ්‍යයි. අපේ මේ අධ්‍යාත්මික ජීවිතය පෝෂණය කිරීමේදී එහි පදනම වන්නේ බෞද්ධ සංස්කෘතියයි. බෞද්ධ සංස්කෘතිය සමඟ අපගේ අධ්‍යාත්මයට ලැබෙන යහපත් දේ නීති අණපනත්වලින් මකා දැමිය හැකි දෙයක් නොවෙයි. එය ඓතිහාසික බැඳීමක්.

අපේ මෙම බෞද්ධ සංස්කෘතිය නොනැසී වසර ගණනාවක් පැවතීමේ රහස වන්නේ මේ සංස්කෘතිය ජන ජීවිතය සමඟ එකට ගැට ගැසී තිබීමයි. අපේ මේ අභිමානවත් දහම සහ සංස්කෘතිය ආරක්ෂා කළේ මහා සංඝරත්නයයි. එහෙත්, මේ දහමේ ආරක්ෂකයන් වන අපේ හාමුදුරුවන් වහන්සේලා පිළිබඳ දකින ඇතැම් ප්‍රවෘත්ති සහ සිදුවීම් මේ දහමේ පැවැත්මට සුදුසු නැහැ කියා මම විශ්වාස කරනවා.

අපේ මහා නායක ස්වාමින් වහන්සේලා සෑම විටම ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය නීතිමය පදනම සකස් කර දෙන ලෙසයි. විශේෂයෙන්ම, විහාර දේවාලගම් පනතේ 41 වන වගන්තිය සහ 42 වන වගන්තියේ අවශ්‍ය සංශෝධන සහිත බලය ලබා දෙන ලෙස අපෙන් ඉල්ලා සිටියා. ඒ සංශෝධන සකස් කර, නැවත මහා නායක ස්වාමින් වහන්සේ වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. උන් වහන්සේලාගෙන් ලද අදහස් සහිතව නැවත සංශෝධනය කර දැන් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තිබෙනවා. ඉතා ඉක්මනින් අපි එම නීතිය සම්පාදනය කර ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් එම පවත්වාගත යුතු විනය කර්ම පවත්වා ගැනීමට අවශ්‍ය වන නීතිමය රැකවරණය ලබා දීමට කටයුතු කරනවා. එය රජයක් ලෙස අපෙන් ඉටු විය යුතු කාර්යභාරයක් ලෙස සලකනවා.

එය පමණක් ප්‍රමාණවත් නැහැ. මෙය අපේ නාරන්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් වහන්සේ වැනි යතිවරයාණන් වහන්සේලා දහස් ගණනක් අවශ්‍ය වන යුගයක්. උන් වහන්සේ පුළුල් අධ්‍යාපනයක් සහ දැනුමක් තිබෙන නායක ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම, උන් වහන්සේගේ දශක හතරකට ආසන්න පැවිදි ජිවිතය තුළ ජනතාව වෙනුවෙන්, ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සහ මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් උත්තුංග මෙහෙවරක් ඉටු කළා. ඒ වගේම, ඉතාමත් අසීරු අභියෝග භාරගෙන ඉටු කර තිබෙනවා. මේ ශාසනික චිරස්ථිතිය වෙනුවෙන් සහ සමාජය යහපත් කිරීම වෙනුවෙන් අද එවැනි යතිවරයාණන් වහන්සේලා අවශ්‍යයි.

අපේ රටේ සමාජයේ ඕනෑම කැළඹිල්ලක් ඇති වන අවස්ථාවක අපේ මහා නායක ස්වාමින් වහන්සේලා ඊට සක්‍රීයව මැදිහත් වී අනුශාසනා සහ මඟපෙන්වීම ලබා දීම අවශ්‍යයි. එසේ නොමැතිව විධායක බලය තිබෙන ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ 2/3ක් තිබෙනවා ඕනෑම දෙයක් කළ හැකියි කියන මනෝභාවයකින් ආණ්ඩුවකට ඉදිරියට යන්න බැහැ. ආණ්ඩුවක් යනු මුළු සමාජයේම විවිධ පැතිකඩවල නියෝජනයක් බවට පත් විය යුතුයි.

ආණ්ඩුවකට විශේෂයෙන් විධායක ජනාධිපතිවරයාට යම් සීමා නොමැති වූවාට, අපිට සීමාවක් තිබෙනවා. ඒ නිසා අපි උත්සාහ කරමින් සිටිනවා ඇතැම් ඒවාට ප්‍රායෝගිකව සීමා පවතින බව ඔප්පු කරන්න සහ ඇතැම් ඒවාට නීතියෙන් සීමා පවතින බව ඔප්පු කිරීමට. ඒ නිසා ආණ්ඩුවක් යනු සීමා රහිතව තමන්ට සිතු දේ කළ හැකි ස්ථානයක් නොවෙයි.

අපේ ඓතිහාසික උරුම සහිත අපේ නායක ස්වාමින් වහන්සේලාගේ උපදෙස්, ඔවදන් ඉතිහාසය පුරා මේ රාජ්‍යය ගොඩනැගීම සඳහා ලබා දී තිබෙනවා. රාජ්‍යය තර්ජනයට මුහුණ දූන් සෑම අවස්ථාවකම එහි ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වී තිබෙනවා. එවැනි භික්ෂු උරුමයක් තිබෙනවා. එම උරුම ඒ විදියටම පිළිගැනීමට අපි සූදානම්.

සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ගොඩනැගුණු සාකච්ඡාවේදී අපේ ඓතිහාසික උරුම මත මේ සංචාරක කර්මාන්තය ගොඩනැගීමේ විභවතාවක් තිබෙන බව සාකච්ඡාවට ගැනුණා. ඒ වගේම අපේ රටේ සොබා සෞන්දර්ය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධානතම ප්‍රභවයක්. ඒ වගේම අපේ වන ජීවි කලාප, අපේ ජනතාවගේ ආගන්තුක සත්කාර පිළිබඳ තිබෙන ලෝකයේ ඇගයුම ඉතා වැදගත්. එසේ නොමැතිව වෙනත් දේවල් අපේ සංචාරක කර්මාන්තයේ ප්‍රවණතා නොවෙයි.

ඒ වගේම, මම දුටුවා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයක් පිළිබඳ කතා බහක් ඇති වී තිබෙනවා. ඊට අදාළව කළින් සකස් කළ සංශෝධනයක් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත්, එය පාර්ලිමේන්තුවේ සම්මත වී නැහැ. දැන් අපිට අවස්ථාව තිබෙනවා අවශ්‍ය නම් ඊට තවත් සංශෝධන ගෙන ඒමට, නැත්නම් තිබෙන විදියට තැබීමට. මේ කිසිදු නීතියක් සම්පාදනය කර තිබෙන්නේ අපේ පෞද්ගලික වුවමනා වෙනුවෙන් නොවෙයි. මෙම නීති සම්පාදනයේදී අවධානය යොමු කර තිබෙන්නේ පොදු යහපත පිළිබඳවයි. මීට වඩා යහපත් රාජ්‍යයක් ගොඩනැගීමේ සිහිනයක් අපිට තිබෙනවා. ඒ සිහිනය ඉටු කර ගත හැක්කේ පාලක කණ්ඩායම ලෙස අපි අපට පැවරී තිබෙන කාර්යභාරය නිසි ලෙස හඳුනාගෙන කටයුතු කිරීමෙන්. එහි විශාල පංගුවක් අපේ මහා නායක ස්වාමින් වහන්සේලාට පැවරී තිබෙනවා.

ඒ වගේම, ලක්ෂ ගණනක් තරුණ ජිවිත බිලි ගන්නා මත්ද්‍රව්‍ය ව්‍යසනය අවසන් කිරීම සඳහා මහා ජාතික ව්‍යාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව අපිට තිබෙනවා. ඒ නිසා ඊට ලොල් වූ සහ අළෙවි කරන අයටද ඉන් ඉවත්වන ලෙස අපි දැනුම් දෙනවා. ඒ සඳහා මේ සමාජයම අවදි විය යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ගම් නියම්ගම් පුබුදු කරමින් ජනතාව අවදි කිරීමට පෙරමුණ ගන්නා ලෙසද මම මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා.

මල්වතු – අස්ගිරි උභය මහා විහාරයීය අතිපූජ්‍ය අනුනායක ස්වාමීන් වහන්සේ සහ කාරක මහා සංඝ සභික ස්වාමින් වහන්සේලාද, අන්‍යාගමික පූජකවරුද, මැති ඇමතිවරුන්, විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරාධිත පිරිසක්ද , මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමා, දේවාලවල බස්නායක නිලමේවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-10-03

SendShareShare
Previous Post

මාලිමා ඇමැතිවරු දෙන්නෙක් බේරෙට බහී!Sri Lanka Latest News

Next Post

පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර පෝලිම දික්වෙයි! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.