කොළඹ මහ නගර සභා සීමාවේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් මර්දන එන්නත් බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙට (10) සිට ආරම්භ කිරීමට නියමිතය.
මේ සඳහා අදාල පුද්ගලයිනට කෙටි පණිවුඩයක් යොමුකරන බවත්, ඒ අනුව අදාළ මධ්‍යස්ථානයක් වෙත පැමිණ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත හැකි බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවාය.
කොවිඩ් මර්දන එන්නත් දෙවැනි මාත්‍රාව ලබාගෙන මාස තුනක් සම්පූර්ණ වූවන්ට බූස්ටර් මාත්‍රාව ලබාදෙන බවත් ඇය සඳහන් කළාය.
කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඔස්සේ ද මෙම එන්නත් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව වෛද්‍යවරිය කීවාය.











