ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා නවදිල්ලියේ දී ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට්ගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට අපේක්ෂා කෙරේ.
ආදාහන පූජෝත්සවය පූර්ණ හමුදා ගෞරව සහිතව සිකුරාදා දිල්ලිහිදී සිදු කෙරේ.
අවමංගල්‍ය පෙරහැර Kamraj Marg වෙතින් ආරම්භ වී දිල්ලි කැන්ටන්මන්ට් හි Brar Square ආදාහනාගාරය දක්වා ගමන් කිරීමට නියමිත බව ANI වාර්තා කරයි.
IAF හි Mi-17V5 හෙලිකොප්ටරයේ සිටි ජනරාල් Bipin Rawat, ඔහුගේ බිරිඳ මධූෂිකා රාවට් සහ තවත් 11 දෙනෙක් බදාදා තමිල්නාඩුවේ කූනූර් අසලදී අනතුරට ලක්ව මිය ගියහ.











