ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 150 වගන්තිය අනුව රජය විසින් වාර්ෂිකව ඒකාබද්ධ අරමුදලින් මුදල් භාවිත කිරීමට විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බවත් එම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගෙන එහි අයවැය යෝජනා ක්‍රියාත්මක කිරිම සහ එහි ප්‍රගතිය පිළිබඳ වගකීම රජයට සහ අදාළ රාජ්‍ය ආයතනවලට අයත් වන බවත් 2025 අයවැය යෝජනා ප්‍රායෝගිකව ඉටු වූ ප්‍රමාණයත් අනුමත ප්‍රතිපාදන භාවිත කළ ආකාරයත් ඒ මගින් ප්‍රතිඵල ලබා ගෙන ඇති ආකාරය කෙබදුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ තුළින් රජයේ ආර්ථික කළමනාකරණය මුදල් පරිහරණයේ පාරදෘෂ්‍යභාවය සහ අයවැය ක්‍රියාත්මක කිරීමේ සාර්ථකත්වය නිවැරදිව ඇගයීමට ලක් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දි ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
රජය 2025 වසරට ඉදිරිපත් කළ අයවැය යෝජනා ප්‍රමාණයත් ඒ සඳහා අනුමත මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයත් එම අයවැය යෝජනාවල ප්‍රගතිය මනිනු ලබන වගකීම සහිත නිශ්චිත රාජ්‍ය ආයතනයත් 2025 අයවැය යෝජනාවල මේ වන විට ප්‍රගතිය මූල්‍ය සහ භෞතික ලෙස වගකීම දරන අමාත්‍යාංශ ලෙස අයවැයට පෙර සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
2025 අයවැය ඉලක්ක කීයක් සපුරා ගත්තාද?
2025 වසර සදහා වූ අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා තුළින් මේ වන විට ඉලක්ක සපුරා ඇති යෝජනා ප්‍රමාණයත් ඒ වෙනුවෙන් වැය වූ මුදල් ප්‍රමාණයත් එය සමස්ත අයවැයෙන් කොපමණ ප්‍රතිශතයක් ද කියා ඉදිරිපත් කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රශ්න කර සිටියේ දැනට කිසිදු අයුරකින් ක්‍රියාත්මක කළ නොහැකි වූ යෝජනා ප්‍රමාණයත් ඒවා ආරම්භ නොකිරීමට හේතුත් ඉදිරිපත් කරන ලෙසයි.
2026ට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගන්න රජයට ඇති ඉලක්ක කවරේද?
මෙරට ජංගම ගිණුමේ හිගය මූල්‍ය හිගය සහ වෙළෙද හිගය ඉදිරිපත් කර එය පසුගිය වසරකට සාපේක්ෂව අඩුද වැඩිද කියා මෙන්ම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වෙන් වෙන්ව ඉදිරිපත් කරන ලෙසත් මේ වසර සදහා විදේශ ආධාර හෝ/සහ ණය යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය වෙන් වෙන්ව සභාගත කරන ලෙසත් රජය අපේක්ෂා කළ ආකාරයට සෘජු විදේශ ප්‍රමාණය ලැබුනේ ද කියා සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන ලෙසත් 2026 වසරට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරන වැඩපිළිවෙළ ද ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
මේවට පිළිතුරු දෙන්න බැරි නම් අයවැයක් හදන්නේ කොහොමද?
මේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට කල් ඉල්ලීම අනුමත කළ නොහැකි බවත් මේ සරල ප්‍රශ්නවලට පිළිතුරු ඉදිරිපත් කරන ලෙසත් මේවාට පිළිතුරු මුදල් අමාත්‍යාංශය සතුව තිබිය යුතු බවත් මේ දත්තවත් නොමැති නම් අයවැයක් හදන්න නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










