ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායක මහතා මාස 6කට වරක් රාජ්‍ය සේවක වැටුප ගණනය කර ලබාදීමට කටයුතු කරන බව පැවැසුවද රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන සලකා බැලිය හැක්කේ ඉදිරියේදී පත්වන නව ආණ්ඩුවක අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව බව අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරනවා. (Sri Lanka Latest News)
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හේරත් මහතා මේ බව සඳහන් කර සිටියා.









