• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

June 20, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1987 පාර්ලිමේන්තුවට එල්ල කරපු බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වුණේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාය. ඒ බෝම්බ ප්‍රහාරය කොයිතරම් සැලසුම් සහගතව කරපු එකක්ද කියල කියනවා නම් පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් දීලා තියෙද්දි තමයි ඒ බෝම්බය ඇතුළට අරගෙන ඇවිත් තියෙන්නේ. පාර්ලිමේන්තුවට ගෙනියන හැම දේම දැඩිව සෝදිසි කරලා තමයි ඇතුළට ගන්නේ. බාහිරින් පාර්ලිමේන්තුවට ඕනෙ ඕනෙ දේවල් ගෙනියන්න බෑ කාටවත්ම. විවිධ ආරක්ෂක විධිවිධාන පාර්ලිමේන්තුවෙ තියෙද්දි තමයි මේ බෝම්බය ඇතුළට ගෙනත් තියෙන්නේ.Sri Lanka Latest News

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉලක්ක කරලා බෝම්බය එල්ල කළත් එතුමට ඒකෙන් ලොකු හානියක් වුණේ නෑ. ඔහුට සුළු තුවාලයක් විතරයි වුණේ. අගමැති ප්‍රේමදාස මහත්තයටත් පොඩි තුවාලයක් වුණා. මේ බෝම්බ ප්‍රහාරයෙන් එවක ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලිට සැලකිය යුතු තරමේ හානියක් වුණා. ඒ එක්කම දෙණියායේ පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති අබේවික්‍රම ඒ බෝම්බ ප්‍රහාරයෙන් මියගියා. ඒ වගේම පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර කියන මහත්තයා මියගියා. තවත් කීපදෙනෙකුට මේ ප්‍රහාරයෙන් තුවාල සිද්ධ වුණා. මේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය රටම හොල්ලපු සිදුවීමක් වුණා.

බෝම්බ ප්‍රහාරයට පස්සේ මේ ගැන දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වුණා. මේ පරීක්ෂණවලින් අවසානයේ හෙළිදරව් කරගත්තා අජිත් කුමාර කියලා පාර්ලිමේන්තුවෙ වැඩ කරපු සේවකයෙක් මේකට සම්බන්ධයි කියලා. දිගින් දිගට මේ අජිත් කුමාර කවුද කියලා ආරක්ෂක අංශ විසින් හොයන්න පටන් ගත්තා. අජිත් කුමාර කියන්නේ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ ඉඳපු විමල් වීරවංශගේ ඥාති සහෝදරයෙක්. මේකෙන් තත්ත්වය තවත් බරපතළ වුණා. මොකද මේ පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණට ඍජු සම්බන්ධයක් තියෙනවා කියලා ආරක්ෂක අංශ කල්පනා කළේ. අජිත් කුමාරගෙ පසුබිම හොයන්න පටන් ගත්තා ඒ නිසා. අජිත් කුමාර කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරපු කෙනෙක්. ඒත් අජිත් කුමාර පාර්ලිමේන්තුවට සේවකයෙක් විදියට ඇතුළු වුණු ආකාරය ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුණා. මේක දීර්ඝකාලීන සැලසුමක ප්‍රතිඵලයක් කියලා ආරක්ෂක අංශ සැක පහළ කළා. බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ අජිත් කුමාර අතුරුදන් වුණා. ඔහුව හොයාගන්න බැරි වුණා.

අජිත් කුමාර ගැන පරීක්ෂණ පවත්වපු ආරක්ෂක අංශ අජිත් කුමාරට සම්බන්ධකම් තිබුණු අයගේ තොරතුරුත් හොයන්න පටන් ගත්තා. බෝම්බ ප්‍රහාරයෙන් වසර කීපයකට පස්සේ දඹුල්ල පැත්තෙ ගොවිපොළක ඉඳලා අජිත් කුමාර අත්අඩංගුවට පත්වුණා කියලා ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා. ඔහු ඒ නඩුවෙනුත් නිදහස් වුණා මං හිතන්නේ. කරුණු ඔප්පු කරගන්න බැරි වුණු නිසා.

මේ භීෂණකාරී තත්ත්වය තුළ වුණත් ජේ.ආර්. ජයවර්ධන ඉන්දු – ලංකා ගිවිසුම හරහා පළාත් සභා පනත ඉදිරිපත් කිරීම නැවැත්වුවෙත් නෑ.

කැරලිකරුවන්ගේ වැරදුණු කුරුමානම
සුන්දර වෙරළින් හා පලා පැහැයෙන් සමලංකෘත වූ සුපුරුදු ශ්‍රී ලංකාව වෙනුවට, 1987 වසර වනවිට ඉන්දියානු හා ජේ.ආර්. ජයවර්ධන විරෝධයෙන් ගිනියම් වූ රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබුණි. 1987 ජූලි මස 29දා එවක ශ්‍රී ලංකා ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමග ඉන්දු – ලංකා ගිවිසුම අස්සන් කළේය. ජේ.ආර්. ජයවර්ධනට ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කිරීමට සිදු වූයේද දැවැන්ත ජනතා විරෝධයක් මධ්‍යයේය. ජයවර්ධන පාලනය ඊට ප්‍රතිචාර දැක්වූයේ පොලිසිය ලවා වෙඩි තැබීමෙනි. මෙම ගිවිසුම රට පාවාදීමේ ගිවිසුමක් ලෙසත්, ජයවර්ධන ජනාධිපතිවරයා මවුබිමට ද්‍රෝහී වූවකු ලෙසත්, ඉන්දියානු හමුදාව ආක්‍රමණික හමුදාවක් ලෙසත්, හඳුන්වමින් ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව දැවැන්ත ජනමතයක් නිර්මාණය කළේය.

ඉන්දු – ලංකා ගිවිසුම මගින් ජයවර්ධන ආණ්ඩුව 13 වැනි සංශෝධනය ලෙස ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පළාත් සභා ව්‍යුහය එක් කරන ලදී. ගිවිසුම අස්සන් කරන දින ජයවර්ධන ජනාධිපතිවරයා විසින් රට පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබූව ද එය නොසලකා දස දහස් ගණනින් ජනතාව රට පුරා පෙළපාළි පවත්වමින්, මහාමාර්ග වසා දමමින් විරෝධතාවය පළකළහ. මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ මවුබිමේ ස්වාධීනත්වය ආරක්‍ෂා කොට තහවුරු කිරීම අරමුණු කර සිය අරගලය පෙරට ගෙන යන ලදී. ගුරුවරුන්, ශිෂ්‍යයන්, ලිපිකරුවන්, වෙළෙඳුන් හා භික්ෂුන් වහන්සේලා එකතුකොටගෙන සිය අරගලය දියත් කරන ලදී. රට පුරා කැරලි කෝලාහල ඇතිවූ අතර ජන විරෝධයට ආණ්ඩුවට මුහුණ දීමට සිදු විය. තවද රට පුරා ඈත ගම් නගර සෑම එකකම පාහේ මිනිසුන් බොහෝ දෙනෙකුට ජීවිතවලින් වන්දි ගෙවීමට ද සිදුවිය. ඒ අයුරින් මුළුමහත් ශ්‍රී ලංකාව පුරාම සිදුවූ මිනිස් ඝාතන සංඛ්‍යාව මෙතෙකැයි නිශ්චිතවම කීමට නොහැකි නමුත් ඒවා පිළිබඳ විවිධ සත්‍ය වාර්තා ප්‍රකාශයට පත්වූයේය. මේ අතර ඉන්දු ලංකා ගිවිසුමෙන් කෝපයට පත්වූ පිරිසක් එවක එක්සත් ජාතික පක්‍ෂයේ තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ මහතාට 1987 ජූලි මස විසිවැනිදාට නුදුරු දිනකදී වෙඩි තබා ඝාතනය කර තිබුණේය. තත්ත්වය මෙසේ තිබියදී පාර්ලිමේන්තුව 1987 අගෝස්තු මස 18 වැනිදා දක්වා කල් දැමීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කළ අතර, ඒ පිළිබඳ ආණ්ඩු පක්‍ෂය මගින් කල් තැබීමේ යෝජනාවක් ජූලි මස 24 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

උද්ඝෝෂණ ක්ෂේත්‍රයේද බහු ජන ක්ෂේත්‍රයේද සහ සන්නද්ධ ක්ෂේත්‍රයේද ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය වර්ධනය වී රටට ප්‍රබල බලපෑමක් කරන ව්‍යාපාරයක් බවට පත්විය. ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කළ අරගලයේ ප්‍රබලතම සිදුවීම වූයේ 1987 අගෝස්තු 18 දින කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාරක සභා ශාලාවක පැවති ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරුන්ගේ රැස්වීමකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයයි. මෙම බෝම්බ ප්‍රහාරය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන එල්ල කළත් ඔහු ගැලවී ලලිත් ඇතුලත්මුදලි මහතා බරපතළ තුවාල ලැබීය.

එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී 1987 අගෝස්තු මස 18 වැනිදා පෙරවරු 8.40 ට ඇරඹි අතර, සහභාගි වූයේ 120 දෙනෙකු පමණි. එදින රට පුරාත් විශේෂයෙන් පාර්ලිමේන්තුව හා එහි අවටත් ආරක්‍ෂක නිලධාරීන් යොදවා තිබිණි. ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස වීරසිංහ මහතා සැමරීම සඳහා විනාඩි දෙකක නිහැඬියාවක් මුලින්ම පැවැත්විණි. මෙම රැස්වීමේදී ප්‍රධාන වශයෙන් කතාබහ කිරීමට නියමිතව තිබුණේ ජේ.ආර්. ජයවර්ධන හා රජීව් ගාන්ධි අස්සන් තැබූ ඉන්දු – ලංකා ගිවිසුම පිළිබඳ රටේ උද්ගතව ඇති තත්ත්වයන් සමාලෝචනය කිරීමය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුලසුනේ සිටි අතර, මෙම රැස්වීමේ ප්‍රධාන අසුන්වල අගමැති ආර්. ප්‍රේමදාස, ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇම්. වින්සන්ට් පෙරේරා, රොනී ද මැල්, ඊ.එල්.බී. හුරුල්ලේ, මොන්ටේගු ජයවික්‍රම, ලලිත් ඇතුලත්මුදලි, යූ.බී. විජේකෝන් සහ කීර්ති අබේවික්‍රම යන මහත්වරු රැඳී සිටියහ.

ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී ජනාධිපතිවරයා මැති ඇමැතිවරු අමතමින් සිටි අවස්ථාවේ එතුමාගේ වම්පසින් කිසිවකු විසින් එල්ල කළ බෝම්බයක් ජනාධිපතිවරයාගේ මේසය අසල වැටී ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පුටුව අසල පුපුරා ගියේය. රැස්වීම් ශාලාව කළු දුමාරයෙන් වැසුණු අතර, ඒ සමගම එල්ලවූ තවත් බෝම්බයක් මාතර දිස්ත්‍රික් ඇමැති කීර්ති අබේවික්‍රම මහතා අසලදී පුපුරා ගියේය. එම අවස්ථාවේදී ‘අපි ඉවරයි හැම තැනම බෝම්බ බිම දිගාවෙයල්ලා’ මෙසේ කියමින් ඝෝෂා කළ මන්ත්‍රීවරුන් එක පොදියට ශාලාවෙන් පිටවීමට උත්සාහ දරන ලදී. ඒ වනවිට මූලාසනයේ සිටි ජනාධිපතිවරයාත්, ඒ සමග සිටි අගමැතිවරයා සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ක්‍රීඩා ඇමැති වින්සන්ට් පෙරේරාත් බෝම්බ ප්‍රහාරයෙන් බේරීමට මේසය යටට රිංගාගෙන තිබුණි. ජනාධිපතිවරයා මේසය යටට යැවුවේ අගමැති ප්‍රේමදාස මහතාය. පිපිරීම් හඬ නැවතුණු අතර, සභා ගර්භය තුළ ලේ ගංගාවක් වගුරුවමින් සියල්ල සුනුවිසුනු කරමින් ශාලාව දුම්වළාවක් බවට පත්ව තිබිණි. කළු දුමාරයෙන් වැසීගොස් තිබුණු ශාලාව තුළ පැවති අඳුරු පැහැය ක්‍රමයෙන් ඉවත් වුණු අතර, මේසය යටට රිංගාගෙන සිටි මැති ඇමැතිවරු බිම දිගේ බඩගාගෙන ශාලාවෙන් පිටතට පැමිණියහ.

තුවාල නොලබා සිටි මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමග එක්ව තුවාලකරුවන් ඔසවාගෙන මන්ත්‍රී පිවිසුම වෙත පැමිණියහ. ඒවන විට තුවාලකරුවන් රෝහල් කරා රැගෙන යාමට මැති ඇමැතිවරුන්ගේ වාහන මන්ත්‍රී පිවිසුම ඉදිරිපිට නවතා තිබිණි. ආරක්‍ෂකයෝ වහා ඔවුන් වාහනවල දමාගෙන පිටමං කළහ. ඒ අතර ගතවූ මිනිත්තු කිහිපයේදී පොලිස්පති හේරත් හා රහස් පොලිසියේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති ෆ්‍රෑන්ක් සිල්වා යන මහත්වරුද රහස් පොලිසියේ පොලිස් නිලධාරීන් පනස්දෙනකු පමණ ද පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වූහ. ඒ සමග කොමාන්ඩෝ පොලිස් කණ්ඩායම් හතරක්ද ප්‍රධාන පිවිසුම අබියස රැකවල්ලා ගත්හ. එකවර හතර පැත්තෙන් හෙලිකොප්ටර් හතරක් පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් පියාසර කරන ලද්දේද මේ අවස්ථාවේදීය.

බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි මාතර දිසා ඇමැති කීර්ති අබේවික්‍රම මහතා සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නෝබට් සේනාධීර මහතා කොළඹ ජාතික රෝහලටත්, ජාතික ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලටත් රැගෙන යන ලදී. තුවාල ලබා සිටි සෙසු තුවාලකරුවන් ද කොළඹ සහ ජයවර්ධනපුර රෝහල් කරා රැගෙන යන ලදී. මෙම සිද්ධියෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නෝබට් සේනාධීර මහතාගේ හිසට බරපතළ ලෙස තුවාල සිදුවී තිබිණි. එදින පෙරවරු 11ට පමණ ශල්‍යාගාරය තුළදීම කීර්ති අබේවික්‍රම මහතා ජීවිතක්‍ෂයට පත්විය. එමෙන්ම පසුව නෝබට් සේනාධීර මහතා ද ජීවිතක්‍ෂයට පත්විය. තුවාල ලැබූ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කලවා ප්‍රදේශයේ අවයව කිහිපයක් ශල්‍යකර්මයකින් ඉවත් කරන ලදී. ප්‍රහාරයෙන් අගමැති ප්‍රේමදාස මහතාට ද සුළු තුවාල සිදුවී තිබිණි. ‘ජනතා විමුක්ති පෙරමුණු ත්‍රස්තවාදීන් මීට වගකිවයුතුයි. සන්සුන් වන්න, මේ ප්‍රහාරය රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙත එල්ලවූ ප්‍රහාරයක්’ යැයි දිවි බේරාගත් ජනාධිපති ජයවර්ධන ජනතාවට පැවැසීය. එමෙන්ම ජනාධිපතිවරයා මෙම සිදුවීම හැඳින්වූයේ ‘ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට එරෙහිව දකුණේ ත්‍රස්තවාදීන් දියත් කළ ප්‍රහාරයක්’ බවය. ඒ හැර ඉන්දු ලංකා ගිවිසුමෙහි විරෝධතාකරුවන් දුටු එක් දුබලතාවයක් පිළිබඳවත් ඔහු වචනයකුදු කතා නොකළේය.

ප්‍රහාරයෙන් පසු එකී ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ‘ද්‍රෝහීනි අප තොපට බෝම්බ ගැසුවේ මේ නිසයි’ යනුවෙන් පත්‍රිකාවක් නිකුත් කරන ලදී. එමගින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා ගණනාවක් ඉදිරිපත් කරනු ලැබීය. එම පත්‍රිකාව තුළින් ජීවත්වීමට ආසා ඇති සියලු මන්ත්‍රීන්ට තම ආසනවලින් ඉල්ලා අස්වී තම වැරදි පාපෝච්චාරණය කළ යුතු බවත්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එරෙහිව නැගී සිටිය යුතු බවත් ප්‍රකාශ විණි. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම මත රට පුරා කළු කොඩි ඔසවා නොයෙක් ආකාරයේ රාජ්‍ය විරෝධී ක්‍රියා සිදුකරන ලදී. රාජ්‍ය දේපළ විනාශ කිරීම, රාජ්‍ය විරෝධී පෝස්ටර් හා පත්‍රිකා බෙදා හැරීම ආදී ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. මෙම ව්‍යාපාරවලදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, දේශප්‍රේමී භික්ෂු පෙරමුණ හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය යන විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධාන නායකත්වය ගෙන ක්‍රියා කරන ලදී.

පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය ගැන දීර්ඝ පරීක්‍ෂණයකින් පසුව ප්‍රහාරයේ සැකකරු ලෙස පාර්ලිමේන්තුවට ආහාර සැපයූ බාහිර සේවකයකු වූ අජිත් කුමාර නමැති අයව අත්අඩංගුවට ගන්නා ලදී. නමුත් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූයේ බෝම්බ සිද්ධියෙන් හඳුනාගනිමින් නොව මාතලේ නාඋල ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් වැටලීමකදී අහම්බයෙන් තවත් සිවු දෙනකු සමගය. කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඉන් ඉවත්ව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ ඔහුව අත්අඩංගුවට ගනු ලැබූයේ ප්‍රහාර සිද්ධියෙන් මාස 08කට පසුව 1988 අප්‍රේල් මාසයේදීය. රටේ විධායක ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඝාතතනය කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා දහයක් ඔහු වෙත එල්ල විය.

අජිත් කුමාරට එරෙහිව සාධාරණ නඩු විභාගයක් පැවැත්වුණි. නඩුවලදී අජිත් කුමාර වෙනුවෙන් පෙනී සිටියේ එකල ජ්‍යෙෂ්ඨ නීතිඥයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රබලයකු වූ සුසිල් මුණසිංහය. විනිසුරු ආනන්ද ග්‍රේරු සියලු සැකකරුවන් නිදහස් කළේ පැමිණිල්ල විසින් සැකයෙන් තොරව නඩුව ඔප්පු කර නැති බව කියමිනි. නීතිපති මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කළ ද එයත් ප්‍රතික්ෂේප විය. අවසානයේදී අධිකරණය අජිත් කුමාරව නිදොස් කොට නිදහස් කරන ලද අතර, එය දෛවෝපගත තීන්දුවක් විය.

එම්. තාරික්

SendShareShare
Previous Post

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

Next Post

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

MORE NEWS

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Exclusive

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News
Exclusive

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News
Exclusive

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

Load More
වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more
මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.