හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.Sri Lanka Latest News
ඒ, 2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8 ක මුදලක් භාවිතා කර ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරන කටයුතු කිරීමට අදාළව එවකට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, එහි සභාපති භාෂ්වර ගුණරත්න , කළමනාකාර අධ්‍යක්ෂක රූමි ජව්ෆර්, ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
නීතිපති උපදෙස් මත පොදුදේපොළ පනත යටතේ සැකකරුවන් ලෙස නම්කරන බව අද (29) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මොසමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකළේය.










