ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බැකෝ-ලොරි-ට්‍රැක්ටර්-බයික්-බස්-ත්‍රීවීල්-අත්ට්‍රැක්ටර් පෙරටු කොටගෙන අද (22) පාර්ලිමේන්තුවට පැමිණීමට පියවර ගෙන තිබිණ.
පක්ෂ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මුලිකත්වයෙන් එම විරෝධතාව අද උදෑසන පිටකොට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ මුලස්ථානය අසලින් ආරම්භ විය.
විරෝධතාව සඳහා සහභාගි වූ මන්ත්‍රීවරුන් බස් රථ, ත්‍රීරෝද රථ, යතුරුපැදි, බැකෝ යන්ත්‍රි සහ ට්‍රැක්ටර් රථවලින් පාර්ලිමේන්තුව වෙත පැමිණියහ.
රථ පෙළපාලිය පාර්ලිමේන්තු වටරවුම ආසන්නයට ගමන් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් එතැන් සිට පාර්ලිමේන්තු සංකිර්ණය වෙත පාගමනින් ගමන් කර පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වීමට කටයුතු කළහ.