රට පුරා සිටින ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා කොරෝනා එන්නත ලබා ගැනීමට සෞඛ්‍ය සේවා ජනරාල් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීම් කළ බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආයුර්වේද වෛද්‍ය ඉන්දික නුවන් මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් බලධාරීන් ආයුර්වේද වෛද්‍යවරුන්ට එන්නත ලබාදීම හිතාමතා ප්‍රමාද කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල සියලු දෙනාටම හා ඔවුන්ගේ පවුල්වල අයට කොරෝනා මර්ධන එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම කටයුතු කළ යුතු බවද එම සංගමය අවධාරණය කර සිටී.
ආයුර්වේද වෛද්‍යවරුන් කොරෝනා වෛරසය ආයුර්වේදයෙන් සුව කළ හැකි යයි ප‍්‍රසිද්ධියේම පවසමින් සිටියදී මෙසේ එන්නත් ඉල්ලා සිටීම විශේෂත්වයකි.










