රටම ආවරණය වන පරිදි සංචරණ නීති පනවා තිබියදී ප්‍රිය සාදයක් පැවැත්වීම සදහා ෂැංග්‍රිලා හෝටලය ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව කොටුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍රසේකර මහතා පැවසීය.
ඒ අනුව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ කළමනාකාරීත්වයෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව ඒ මහතා කීය.
ෂැංග්‍රීලා හෝටලයේ ඊයේ රාත්‍රියේ චන්දිමාල් ජයසිංහ ඇතුලු පිරිසක් ප්‍රිය සාදයක් පවත්වා ඇති අතර මේ වනවිට චන්දිමාල් සහ පියුමි හංසමාලි අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට ඇත.
ෂැංග්‍රිලා හෝටලයේ හිමිකරු වන්නේ පසුගියදා සීනි වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණු සජාඩ් මව්සූන් මහතාය.










