මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂ බව පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.
අද දහවල් අප මේ සම්බන්ධයෙන් විශේෂ පුවතක් පළ කරමින් කියා සිටියේ පොහොට්ටුව නියෝජනය කරන ස්වාධීන මන්ත්‍රීවරු තිදෙනෙකුට මෙම යෝජනාවට පක්ෂ වන ලෙසට ආණ්ඩුවෙන් පණිවුඩයක් පැමිණ ඇති බවකි.










