යම් හදිසි තත්ත්වයක් පැන නැගුණහොත් ජනක රත්නායක මහතාට එරෙහි ඡන්ද විමසීමේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දෙන ලෙසට විපක්ෂයේ ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් තිදෙනකුට ආණ්ඩුව පැත්තෙන් පණිවඩුයක් එවා ඇති බව වාර්තා වේ.
මෙම මන්ත්‍රීවරුන් තුන්දෙනා පොහොට්ටු පක්ෂයෙන් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට පැමිණ දැනට විපක්ෂයේ ස්වාධීනව අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන් තිදෙනෙකි.
ඒ අනුව ඊයේ දින ආණ්ඩුව පැත්තෙන් ලැබී තිබූ පණිවුඩයකින් කියවී තිබුණේ යම් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් සභාගැබ ඇතුළේදී යම් සංඥාවක් ලබා දෙනු ඇති බවත්, ඉන් අනතුරුව ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දෙන ලෙසත්ය.
කෙසේවෙතත් මෙම මන්ත්‍රීවරුන් තිදෙනාම ආණ්ඩුවේ යෝජනාව ප්‍රතික්ෂේප කොට ඇති බව දැනගන්නට ඇත.










