• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අඩු මිලට තෙල් ගන්න අනුර මැදපෙරදිග රටවල් 3ක් එක්ක සාකච්ඡා පටන් ගනී! හරි ගියොත් රටම ගොඩ! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

November 17, 2024
in Exclusive, Rajya Rahas
Reading Time: 21 mins read
A A
Share on WhatsAppShare on Facebook

රෙකෝඩ් පිට රෙකෝඩ් තියපු අනුර!

පන්නපු සෙට් එක මෙන්න!

අනුර විජෙයිට උත්තර දෙයි!

අනුර සලකුණ

මහ මැතිවරණයේදී් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වූ අවසන් රැලියේදී රැස්ව සිටි සියලු දෙනාම සිනහාගන්වමින් අතිවිශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට හෙතෙම කටයුතු කළේය. ඒ, ‘මේපාර දිනන්න ඕනේ ඔක්කොටම ඇඬෙන්න…’ යනුවෙන් කියමිනි. ජනාධිපතිවරයා කී ලෙසටම බ්‍රහස්පතින්දා පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵල ආවේ මෙතෙක් තනි පක්ෂයක් ලංකාවේ නොලැබූ ඓතිහාසික ජයග්‍රහණයක් මාලිමාව වෙත රටේ ජනතාව විසින් ලබාදෙමිනි. ඒ අනුව මහ මැතිවරණයෙන් මාලිමාව ආසන 159ක් ලබාගෙන තුනෙන් දෙකක ජයග්‍රහණයක් ලබාගනිද්දී ප්‍රධාන විපක්ෂය ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය කළේ ආසන 40ක් ලබා ගත්තේය. පසුගිය වතාවේ මෙන්ම මේ වතාවේදීත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට තේරී පත්නොවුණු අතර රනිල් නායකත්වය දුන් සිලින්ඩරයෙන්ද පාර්ලිමේන්තුවට පැමිණියේ තුන්දෙනකු පමණි. ඔවුන්ද වෙනත් පක්ෂවල නියෝජිතයන් වීම විශේෂ සිදුවීමකි.

අනෙක් අතට මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීමක් වූයේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමෙන් අනතුරුව තනි පක්ෂයක් විසින් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තුනෙන් දෙකක බලයක් ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වීමය. ජේ.ආර්. ජයවර්ධන මහතා 1977දී හයෙන් පහක බලයක් ලබාගත්තත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට ඔහුට හෝ නොහැකි විය. එමෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිවෙළින් 2010 සහ 2019 මහ මැතිවරණවලදී විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර තුනෙන් දෙකක ආණ්ඩුවක් සකස් කරගත්තද ඔවුන් ඒ සකස් කරගත්තේ අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීම හරහාය. ඒ අනුව ජනාධිපතිවරයා මේ මැතිවරණ ඉතිහාසය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළීමට මෙවර මැතිවරණයෙන් සමත් වී තිබේ.

වාර්තා රැසක් බිහිකරයි

මෙහි ඇති විශේෂත්වය වන්නේ අතීත මහ මැතිවරණ වාර්තා ගණනාවක්ම මාලිමාව විසින් මෙවර බිඳහෙළා තිබීමය.

ඉන් පළමු වාර්තාව වන්නේ මහ මැතිවරණයක පක්ෂයක් ලබාගත් වැඩිම ප්‍රතිශතය මෙවර වාර්තා වීමය. එය 61.56%කි. මීට පෙර 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 60.33%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ අතර, මෙවර එය මාලිමාව විසින් බිඳහෙළනු ලැබීය.

එමෙන්ම මහ මැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාස ගණන වාර්තා කරමින් 152ක් මාලිමාව ජයගත් අතර, මීට පෙර 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාස 136ක්ජයග්‍රහණය කොට තිබිණි.

මීට අමතරව දිස්ත්‍රික්ක 21ක් ජයග්‍රහණය කරමින් මහ මැතිවරණයකදී ජයග්‍රහණය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන මාලිමාව විසින් වාර්තා කළේය. මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19ක් ජයග්‍රහණය කොට තිබිණි.

එමෙන්ම මහ මැතිවරණයක පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන්නේද මෙයය. ඒ, 6,863,186කි. මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ඡන්ද 6,853,960ක් ලබාගෙන තිබිණි.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ආසන ගණනක් දිනාගත්තේද මාලිමාවය. ඒ, ආසන 141කි. මීට පෙර වැඩිම ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කර තිබුණේ 2020 වසරේදී පොදුජන පෙරමුණය. එය 128කි.
මහ මැතිවරණයක ලබාගත් වැඩිම ජාතික ලැයිස්තු ආසන ගණන වූ 18ක ප්‍රමාණය මෙවර මාලිමාව විසින් හිමිකර ගෙන තිබේ. මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු ආසන 17ක් හිමිකරගෙන තිබිණි.

මහ මැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන සංඛ්‍යාව දිනාගත්තේද මෙවර මාලිමාව විසිනි. එය 159ක් වන අතර, මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 145 ජයග්‍රහණය කර තිබිණි.
සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක ආසන ප්‍රමාණයක් තනි පක්ෂයක් විසින් දිනාගැනීමේ වාර්තාවද හිමිවන්නේ මාලිමාවටය.

එමෙන්ම මීට පෙර මහ මැතිවරණයේ 3%ක ඡන්ද ප්‍රතිශතයේ සිට 61% ඉක්මවූ ජයග්‍රහණයක් වාර්තා කළ ලංකාවේ පළමු පක්ෂය වන්නේද මාලිමාවය.

පන්නපු සෙට් එක

එමෙන්ම මෙවර මැතිවරණයේදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙතෙක් පාර්ලිමේන්තුවේ රැඳී සිටි මැති ඇමැතිවරුන් රැසක්ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කොට තිබීමය. එය ප්‍රමාණාත්මකව ගත් කල 60කට ආසන්නය. එම ලැයිස්තුව මෙසේය.

මහින්දානන්ද අලුත්ගමගේ – සිලින්ඩරය – මහනුවර
ජොන්ස්ටන් ප්‍රනාන්දු – පොහොට්ටුව – කුරුණෑගල
පවිත්‍රා වන්නිආරච්චි – සිලින්ඩරය – රත්නපුර
රංජිත් සියඹලාපිටිය – සිලින්ඩරය – කෑගල්ල
එස්.එම්. චන්ද්‍රසේන – සිලින්ඩරය – අනුරාධපුර
ජානක වක්කුඹුර – සිලින්ඩරය – රත්නපුර
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – සිලින්ඩරය – මාතලේ
දුමින්ද දිසානායක – සිලින්ඩරය – අනුරාධපුර
සංජීව එදිරිමාන්න – පොහොට්ටුව – කළුතර
අනුර ප්‍රියදර්ශන යාපා – සිලින්ඩරය – කුරුණෑගල
ශෂීන්ද්‍ර රාජපක්ෂ – පෙ‍ාහොට්ටුව – මොනරාගල
තේනුක විදානගමගේ – පොහොට්ටුව – බදුල්ල
තාරක බාලසූරිය – සිලින්ඩරය – කෑගල්ල
සාරතී දුෂ්මන්ත මිත්‍රපාල – සිලින්ඩරය – කෑගල්ල
අසංක නවරත්න – සිලින්ඩරය – කුරුණෑගල
ශාන්ත බණ්ඩාර – සිලින්ඩරය – කුරුණෑගල
කංචන විජේසේකර – සිලින්ඩරය – මාතර
නිපුන රණවක – පොහ‍ාට්ටුව – මාතර
මහින්ද අමරවීර – සිලින්ඩරය – හම්බන්තොට
මනුෂ නානායක්කාර – සිලින්ඩරය – ගාල්ල
රමේෂ් පතිරණ – සිලින්ඩරය – ගාල්ල
ජගත් ප්‍රියංකර – සිලින්ඩරය – පුත්තලම
අරුන්දික ප්‍රනාන්දු – සිලින්ඩරය – පුත්තලම
රංජිත් බණ්ඩාර – පොහොට්ටුව – මහනුවර
දිලුම් අමුණුගම – සර්වජන බලය – මහනුවර
ජගත් පුෂ්පකුමාර – සර්වජන බලය – ගාල්ල
රොෂාන් රණසිංහ – සර්වජන බලය – කළුතර
අජිත් රාජපක්ෂ – සිලින්ඩරය – හම්බන්තොට
ප්‍රේමලාල් ජයසේකර – පොහොට්ටුව – රත්නපුර
මුදිතා ප්‍රිශාන්ති – සිලින්ඩරය – රත්නපුර
චන්න ජයසුමන – සර්වජන බලය – ගම්පහ
දිලිත් ජයවීර – සර්වජන බලය – ගම්පහ
ලසන්ත අලගියවන්න – සිලින්ඩරය – ගම්පහ
කෝකිලා ගුණවර්ධන – සිලින්ඩරය – ගම්පහ
නිමල් ලන්සා – සිලින්ඩරය – ගම්පහ
සරණ ගුණවර්ධන – පොහොට්ටුව – ගම්පහ
ඉන්දික අනුරුද්ධ – පොහොට්ටුව – ගම්පහ
ප්‍රසන්න රණවීර – පොහොට්ටුව – ගම්පහ
රන්ජන් රාමනායක – මයික්‍රෆොනය – ගම්පහ
උපුල් ගලප්පත්ති – ටෙලිෆෝනය – හම්බන්තොට
සුසිල් ප්‍රේමජයන්ත – සිලින්ඩරය – කොළඹ
ජගත් කුමාර – සිලින්ඩරය – කොළඹ
ප්‍රේමනාත් දොලවත්ත – සිලින්ඩරය – කොළඹ
මධුර විතානගේ – සිලින්ඩරය – කොළඹ
සාගල රත්නායක – සිලින්ඩරය – කොළඹ
සරත් වීරසේකර – පොහොට්ටුව – කොළඹ
උදය ගම්මන්පිල – සර්වජන බලය – කොළඹ
තේනුක විදානගමගේ – පොහොට්ටුව – බදුල්ල
නිමල් සිරිපාල ද සිල්වා – සිලින්ඩරය – බදුල්ල
හරින් ප්‍රනාන්දු – සිලින්ඩරය – බදුල්ල
බුද්ධික පතිරණ – දුරකතනය – මාතර
උදයන කිරිඳිගොඩ – සිලින්ඩරය – මහනුවර
තිස්ස අත්තනායක – දුරකතනය – මහනුවර
අර්ල් ගුණසේකර – දුරකතනය – මහනුවර
ඩබ්.ඩී. වීරසිංහ – පොහොට්ටුව – අම්පාර
ඩග්ලස් දේවානන්දා – සිලින්ඩරය – යාපනය
ධර්මලිංගම් සිද්ධාර්තන් – යාපනය
සෙල්වරාසා ගජේන්ද්‍රන් – යාපනය
කුලසිංහම් දීලීපන්
පියල් නිශාන්ත – සිලින්ඩරය – කළුතර

විජෙයිගේ අභියෝගය

පසුගිය සතියේ අප ‘මව්රට’ මුල් පුවත මගින් අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් තමිල්නාඩුවේ අතිශය ජනප්‍රිය නළුවකු වන තලපති විජේ දේශපාලනයට පිවිසීමට සූදානමින් සිටින බවටත්, ඔහුගේ පළමු රැස්වීමට ලක්ෂ 3කට අධික ද්‍රවිඩ ජනතාවක් සහභාගි වී සිටි බවටත්, මෙහිදී ලංකාවේ දමිළ ජනතාව සම්බන්ධයෙන් හෙතෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවටත් අප අනාවරණ කර සිටියෙමු.
අප පළකළ එම පුවත මෙසේය…‍

‘ලක්ෂසංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසෙන බව සහතික කළ තමිල්නාඩුවේ ප්‍රකට නළු තලපති විජේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අතිශය ආන්දෝලනාත්මක යෝජනාවක් සම්මත කරගැනීමට පියවර ගෙන ඇත.

ඒ, ශ්‍රී ලංකාවේ ඊළාම් දෙමළ ජනතාවට ස්ථිර දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා ස්වාධීන ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් සම්මත කරගැනීම හරහාය.
තලපති විජේගේ නායකත්වයෙන් යුත් තමිලග වෙටි්‍ර කසාගම් පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී මෙම ජනමත විචාරණ යෝජනාව ඇතුළත් තවත් යෝජනා 26ක් සම්මත කරගැනීමට පියවර ගෙන තිබිණි.

ඒ, පසුගිය ඉරිදා දිනයේදීය.මෙම යෝජනා අතර ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී තමිල්නාඩු රජය සමග සාකච්ඡා කොට එය සකස් කිරීම, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස දෙමළ ජාතිකයකු පත්කළ යුතු වීම, ඉන්දීය ධීවරයන්ට උතුරු මුහුදේ මසුන් ඇල්ලීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම සහ ඔවුන්ව අත්අඩංගුවට නොගැනීම යනාදියද විය.

තලපති විජේ යනු අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ දෙමළ ඊළම වෙනුවෙන් පෙනීසිටි තමිල්නාඩු නළුවෙකි.

ශ්‍රී ලංකාවේ උතුරේ යුද්ධය පැවැති සමයේදීද ඍජුවම එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් පෙනීසිටි විජේ, එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ට පක්ෂපාතීව අදහස් දැක්වූවා පමණක් නොව, යුද්ධයට එරෙහිවද අදහස් දැක්වූ අයකු ලෙස ප්‍රකටය.

යුද්ධය පැවැති සමයේදී යුද්ධය නවත්වන ලෙස ඉල්ලා තමිල්නාඩුවේ පැවැති විරෝධතාවල ඉදිරියෙන් සිටි නළුවකු ලෙසද එවකදී තලපති විජේ ප්‍රකටව සිටියේය.

ඒ අනුව, තලපති විජේ විසින් මෙම යෝජනා සම්මත කරගැනීමත්, ඔහුට තමිල්නාඩුවේ දැවැන්ත ජනතා ආකර්ෂණයක් හිමිවීමත් සමග ඉදිරියේදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට උතුරේ ප්‍රශ්නය මුල්කරගෙන අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.’

එදා ඉඳන් මෙහෙමයි

තමිල්නාඩුව යනු එදා සිටම ලංකාවේ දේශපාලනය සමග අතිශයින්ම බද්ධව තිබුණු ඉන්දීය ප්‍රාන්තයකි. අතීතයේ සිටම තමිල්නාඩු මහ ඇමැතිවරුන් තමිල්නාඩුවේ දේශපාලනය කළේ ලංකාවේ උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිය සහ ඔවුන්ගේ නිජබිම පිළිබඳ ප්‍රකාශ කරමින්ය. තමිල්නාඩුවේ බලය අත්පත් කරගත් එම්.ජී.ආර්. නොහොත් එම්.ජී. රාමචන්ද්‍රන්, ජයලලිතා වැනි මහ ඇමැතිවරුන් එදා සිටම නළුකම සහ සිය ජනප්‍රියත්වය උපයෝගී කරගෙන තමිල්නාඩුවේ බලය අත්පත් කරගැනීමට කටයුතු කළහ. එසේ බලය අත්පත් කරගත් එම්.ජී.ආර්. සහ ජයලලිතා එදා ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් බිහිවූ කොටි සංවිධානයට විශාල ලෙස සහාය දැක්වූහ. උදව් උපකාර කළහ. කොටි සාමාජිකයන් තමිල්නාඩුවට ගෙන්වාගෙන ඔවුන්ට යුද පුහුණුව ලබාදුන්හ. මූල්‍යාධාර කළහ. තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ. කඳවුරු විවෘත කිරීමට අවස්ථාව දුන්හ.

ඒ අනුව, එදා සිටම නළුකමෙන් ඉහළට පැමිණ දේශපාලන බලය අත්පත් කරගත් තමිල්නාඩු මහ ඇමැතිවරු උතුරේ දෙමළ ජනතාව පිළිබඳ කතාකරමින් කොටි මතවාදයට සහාය දැක්වූයේ ඒ ආකාරයටය. මේ වනවිට පහළ වී ඇති ලකුණු අනුව තලපති විජේ සූදානම් වන්නේද එම්.ජී.ආර්.ගෙන්, ජයලලිතාගෙන් ගිලිහුණු එම යෂ්ටිය රැගෙන තමිල්නාඩුවේ දේශපාලන බලය අල්ලන්නටය. පසුගිය සතියේ ‘මව්රට’ මුල් පුවත මගින්ම තලපති විජේගේ මෙම දේශපාලන අභිෂේකය පිළිබඳ අප තොරතුරු හෙළිදරව් කළේ එය සුළුකොට තැකිය නොහැකි තැනකට පත්වන ලකුණු පහළ කොට තිබීම නිසාය. එසේ නැතහොත් මේ සම්බන්ධයෙන් ආණ්ඩු කරවන බලවතුන්ගේ ඇස් අරවන්නටය.

අනුරත් බලලා

අපගේ එම උත්සාහය සාර්ථක වී ඇති ආකාරයක් වාර්තා වූයේ ජනාධිපතිවරයාද අප හෙළිකළ මුල් පුවත දැක ඒ සම්බන්ධයෙන් වහාම සොයාබලන ලෙසට ඔහුගේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබීම නිසාය. එමෙන්ම ජනාධිපතිවරයාද ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකවම තොරතුරු සොයාබැලීමක නිරත වී තිබිණි. එහිදී ජනාධිපතිවරයාට දැනගන්නට ලැබී තිබුණේද තමිල්නාඩුවේ විජේ හරහා ගොඩනැගෙමින් පවතින දේශපාලන වාතාවරණය ලංකාවට එතරම් හිතකර නොමැති යැයි කියාය. දුරකතනයෙන් කතාකළ බොහෝ දෙනකුද ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ තමිල්නාඩුවේ වර්ධනය වන සිදුවීම් ඉදිරියේදී ලංකාවට අහිතකර ලෙස බලපානු ඇති බවකි.

එමෙන්ම අප එම පුවත හෙළිකර පැය 24ක් යෑමට මත්තෙන් උතුරු මුහුදේ තවත් සිදුවීමක් සිදුවිය. ඒ, අනවසරයෙන් උතුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පැමිණි ඉන්දීය ධීවරයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කිරීමත් සමගය. මෙම සිදුවීමත් සමග තමිල්නාඩුවේ දේශපාලනය නැවත වරක් ඇවිස්සී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී පළමුවෙන්ම මේ දෙබරයට ගල ගැහුවේ එදා ප්‍රභාකරන්ට තමිල්නාඩුවේ ලොකුම හයිය ලබාදුන් දේශපාලන පක්ෂය ලෙස සැලකෙන සීමන්ගේ පක්ෂය විසිනි. සීමන් යනු තමිල්නාඩු සිනමාවට නෑකම් කියන අතිශය ජනප්‍රිය චරිතයකි. මෙවර සීමන්ද සහාය දක්වන්නේ විජේගේ නව දේශපාලන පක්ෂයටය. ඒ අනුව වහාම ඉන්දීය අගමැති මෝදි වෙත ලිපියක් ලියූ සීමන් කියා සිටියේ ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්නය මුල් කරගෙන වහාම ලංකාවට සම්බාධක පැනවීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කළයුතු යැයි කියාය. එමෙන්ම කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගැනීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කළ යුතු බවද එහිදී සීමන් සිය ලිපියේ අවධාරණය කර තිබිණි.

තවත් ලියුමක්

සීමන් විසින් මෝදිට එම ලිපිය ලියා පැය කිහිපයක් යෑමට මත්තෙන් තමිල්නාඩුවේ වත්මන් මහ ඇමැතිවරයා වන එම්.කේ. ස්ටාලින්ද ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයශංකර් මහතා වෙත ලිපියක් යොමුකරමින් තමිල්නාඩු ධීවරයන්ගේ ප්‍රශ්නයට වහාම විසඳුම් ලබාදිය යුතු බව අවධාරණය කොට තිබිණි.

ඒ අනුව, මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප ආණ්ඩුවට තවත් අනතුරු ඇඟවීමක් සිදුකිරීමට සූදානම්ය. ඒ, තලපති විජේ ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට ඇතුළු වීම ඉදිරි දේශපාලනයේ අතිශය භයානක සලකුණක් බවය.

ජනපති මැදපෙරදිගට

මේ වනවිට සියලු දෙනාම බලා සිටින්නේ නව ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය කවරාකාරයේ එකක් වනු ඇද්ද යන්න පිළිබඳවය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා පළමුව සංචාරය කරන රට සම්බන්ධයෙන්ද මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ. සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු පත්වූ විට පළමුවෙන්ම කලාපයේ බලවතා මෙන්ම අසල්වැසියාද වන ඉන්දියාවේ සංචාරය කිරීමය. ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ඉන්දිය විදේශ අමාත්‍ය ජෙයශංකර් මහතා ලංකාවට පැමිණ ජනාධිපතිවරයාට ඉන්දියාවට පැමිණෙන ලෙසට නිල ආරාධනාවක් සිදුකළේද ඒ අනුවය. ජනාධිපතිවරයාද ජෙයශංකර්ගේ එම ආරාධනාව පිළිගැනීමට පියවර ගෙන තිබිණි.

නමුත් ඒ සියල්ල අතරවාරයේ ජනාධිපතිවරයා බලයට පැමිණි දින සිටම මැදපෙරදිග රටවල් කිහිපයක් සමග විශේෂ සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වීමට කටයුතු කොට තිබිණි. ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මැදපෙරදිග රටවල් කිහිපයක් සමග මාලිමා ආණ්ඩුව පවත්වන මෙම සාකච්ඡාවල ප්‍රධාන මැදිහත්කරු ලෙස කටයුතු කරන්නේ බටහිර රටක වාසය කරන මාලිමාවට ළැදි ලොව පිළිගත් ඉහළ පෙළේ ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු බවය. බටහිර රටක වාසය කළද මෙම ශ්‍රී ලාංකික මහාචාර්යවරයාට මැදපෙරදිග රටවල් සමග විශේෂ සම්බන්ධතා පවතින බව පැවැසේ. ඒ අනුව මෙම මහාචාර්යවරයාගේ මැදිහත් වීමෙන් මැදපෙරදිග රටවල් සමග ආණ්ඩුවේ ප්‍රධානීන් සාකච්ඡා කරන්නේ අඩු මිලට තෙල් ලබාගැනීම පිළිබඳවය.
පසුගිය දිනකදී ජනාධිපතිවරයා කළ කතාවකින්ද කියැවී තිබුණේ ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ලංකාව හා රාජ්‍යයන් අතර ඉහළ පෙළේ සාකච්ඡා ආරම්භ වී ඇති බවකි. ඒ අනුව මෙම මහාචාර්යවරයාගේ මැදිහත් වීමෙන් ලංකාවට අඩු මිලට ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වී තිබේ. යම් හෙයකින් මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් එය ලංකාව පැත්තෙන් ලොකු ජයග්‍රහණයක් වනවා පමණක් නොව, අඩු මිලට ඉන්ධන ලබාදීම හරහා ආණ්ඩුවටද විශාල ජයග්‍රහණයක් ලබාගත හැකි තත්ත්වයකි.

ඒ අනුව, දැනට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන නිල නොවන ආරංචියකින් කියැවෙන්නේ නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු මෙම තෙල් ගනුදෙනුව සාර්ථක කරගැනීම සඳහා බොහෝ දුරට ජනාධිපතිවරයා සිය පළමු සංචාරය ලෙස මැදපෙරදිගට යනු ඇතැයි කියාය. දැනට මෙම සාකච්ඡා මැදපෙරදිග රටවල් තුනක් සමග පැවැත්වෙන අතර, ඉන් එක් රටකට ජනාධිපතිවරයා බොහෝ දුරට පළමුව සංචාරය කරනු ඇති බව එම මතයෙන් පැවැසේ. එසේ වුවහොත් ජනාධිපතිවරයා සිය පළමු සංචාරය ලෙස මැදපෙරදිග තෝරාගැනීමට නියමිත අතර, දෙවැනි සංචාරය ලෙස ඉන්දියාව තෝරාගනු ඇති බව නිල නොවන මාර්ගවලින් ආරංචිය. එසේ වුවහොත් ජනධිපතිවරයා සිය පළමු ගිවිසුම ලෙස මැදපෙරදිගදී මෙම තෙල් ආනයන ගිවිසුමට අස්සන් තබනු ඇත. අනෙක් අතට එවැන්නක් සිදුවුවහොත් මෙතෙක් ලංකාවේ ජනාධිපතිවරුන් හා අගමැතිවරුන් ඉදිරියට ගෙන ආ සම්ප්‍රදායක් වන ඉන්දීය වන්දනාව අවසන් වන ආකාරයක්ද දැකගැනීමට හැකිවනු ඇත.

අයි.එම්.එෆ්. පස්සට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට තුන්වැනි වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් වන සමාලෝචනය සිදුකිරීම සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබුණේ මහ මැතිවරණය පැවැති පසුගිය 14 වැනි දිනය. ඔවුන් මෙම දිනය තීන්දු කරන විට ලංකාවේ මහ මැතිවරණය පැවැත්වීමට දින නියම වී තිබුණේ නැත. නමුත් මැතිවරණ කොමිසම මගින් මහ මැතිවරණය නොවැම්බර් 14 වැනි දින පැවැත්වීමට තීන්දු කිරීමෙන් පසු මූල්‍ය අරමුදල තීන්දු කළේ තවත් දෙදිනකින් සිය ලංකා ගමන ප්‍රමාද කිරීමටය. ඒ, සාමාන්‍යයෙන් මැතිවරණයක් පැවැත්වෙන දිනකදී මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට එම රටට සංචාරය නොකිරීම රීතියක් බවට පත්ව තිබීම ඊට හේතුවය. ඒ අනුව, අයි.එම්.එෆ්. නියෝජිතයන් ලංකාවට පැමිණෙන්නේ සෙනසුරාදා (16) දිනයේදීය. එසේ පැමිණෙන අයි.එම්.එෆ්. නියෝජිතයන් මූල්‍ය අරමුදල මගින් ලබාදුන් ණය වාරිකයේ දෙවැනි සමාලෝචනය සිදුකිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් අයි.එම්.එෆ්. නියෝජිතයන් ලංකාවට පැමිණීමට පෙර මෙරට නියෝජිතයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීය. එහිදී අයි.එම්.එෆ්. නියෝජිතයන් ප්‍රධාන වශයෙන්ම ආණ්ඩුවේ නියෝජිතයන්ගෙන් විමසා තිබුණේ ඉදිරි වසරේදී ආදායම් උත්පාදනය කරන ආකාරය පිළිබඳවය. එහිදී ආණ්ඩුව් නියෝජිතයන්ද ඉදිරි වසරේදී ආණ්ඩුව සැලසුම් කර ඇති නව ආදායම් ඉපැයීමේ මාර්ග පිළිබඳ දීර්ඝ විස්තරයක් මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට වාර්තා කිරීමට පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් උපයන විට ගෙවීමේ බද්ද සහ වැට් බදු අඩුකිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු වුවත් ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාවන්ට එහිදී මූල්‍ය අරමුදල පැත්තෙන් යම් යම් සංශෝධන සිදුකොට ඇති ආකාරයක් දැනගන්නට ලැබිණි. මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවට පැමිණෙන්නේ මේ සූම් සාකච්ඡාවේදී ඇතිකරගත් එකඟතා ලියැවිල්ලද සකස් කරගෙනම බව ආරංචිය.

ආරුගම්බේ අලුත්ම කතාව

මහ මැතිවරණය කටමුල තියා රටම හෙල්ලී ගිය සිදුවීමක් වූයේ ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවමින් ඇමෙරිකාව ප්‍රමුඛ ලොව ප්‍රධාන රටවල් ලංකාව ඉලක්ක සංචාරක නිවේදනයක් නිකුත් කිරීමය. එහිදී විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ ඊශ්‍රායලය් මොසාඩ් ඔත්තු සේවය මගින් මෙම අනාවරණය ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනයට ලබාදීමෙන් අනතුරුව ඒ හරහා ලංකාවට මෙම පුවත දැනුම් දුන් බවය. කෙසේ වෙතත් ලංකාවේ සංචාරක සමය ආරම්භ වීමට ඔන්න මෙන්න තියා ජාත්‍යන්තරයෙන් නිකුත් වූ මෙම නිවේදනය හේතුවෙන් බොහෝ දෙනා සිතා සිටියේ මෙවර සංචාරක සමයට පාස්කු ප්‍රහාරයේදී වූවාක් මෙන්ම කණකොකා හඬනු ඇතැයි කියාය. නමුත් ආණ්ඩුව වහ වහා ඊට අවශ්‍ය පිළියම් යොදමින් ආරක්ෂක ක්‍රියාමාර්ග ගනිමින් එම තත්ත්වය වළක්වාලීමට කටයුතු කොට තිබිණි. විශේෂයෙන්ම සිද්ධිය මුල්කරගෙන කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගැනීමටද කටයුතු කෙරිණි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාර සැලසුම පිළිබඳ අනාවරණ කොට දින කිහිපයක් ඉක්ම යද්දී සී.එන්.එන්. රූපවාහිනී සේවය තවත් විශාල හෙළිදරව්වක් සිදුකළේය. ඒ, ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන සැලැස්ම සහ ආරුගම්බේ ප්‍රහාර සැලසුම සකස් කරන ලද්දේ එකම කණ්ඩායමක් විසින් යැයි කියාය. ඒ, ෆර්හාඩ් ෂකේරි නම් පුද්ගලයකු බවත්, ඔහු ඉරාන ජාතිකයකු බවත් කියමිනි. මේ වනවිට ඔහු ඉරානයේ රැඳී සිටින බවද ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කොට තිබිණි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ ට්‍රම්ප් ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් නිව්යෝක් නුවරදී සැකපිට අත්අඩංගුවට ගත් කාල්ස්ලි රිවේරා සහ ජොනත් ලෝඩ්හෝල් නමැති පුද්ගලයන් දෙදෙනකු මෙම තොරතුරු අනාවරණ වූ බවය. මුලින් මේ පිරිස ට්‍රම්ප් ජයග්‍රහණය කරනු ඇතැයි සිතා ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර ඇති බවත්, නමුත් පසුව ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් පරාජය වනු ඇතැයි සිතා මැතිවරණයෙන් පසුව ඔහුව වෙඩිතබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව මගින් අනාවරණ කර තිබිණි.

කවුද මේ බිලාල්

ආරුගම්බේ ප්‍රහාර සැලසුම සකස් වී ඇත්තේ ඉන් අනතුරුවය. විශේෂයෙන්ම ඊශ්‍රායල් ජාතිකයන් ඝාතනය කිරීමේ පහසුම තැන ලෙස මම ඉරාන කණ්ඩායම විසින් ආරුගම්බේ ප්‍රදේශය හඳුනාගෙන ඇති බවත්, ඉන් අනතුරුව සැලැස්ම ක්‍රියාත්මක කොට ඇති බවත් එහිදී අනාවරණ කොට ඇති බවත් එහිදී අනාවරණය කොට තිබිණ.

මෙම තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව තවත් විශේෂ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමත් වූහ. ඒ, මාලදිවයිනේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සහිත බිලාල් මොහොමඩ් නමැත්තෙකි. මාලදිවයිනේ ප්‍රකට මාධ්‍යයක් වන ‘ද එඩිෂන්’ නමැති වෙබ් අඩවිය අනාවරණ කොට තිබුණේ මෙම පුද්ගලයා සමග එක් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් නිතර ලංකාවට එන යන පිරිස් ලෙස අනාවරණ කොටගෙන ඇති බවත්ය. 2017 වසරේදීද මෙම බිලාල් නමැත්තා පුද්ගල ඝාතනයක් මුල්කරගෙන අත්අඩංගුවට ගෙන ඇති අයකු බවද අනාවරණ කොට තිබිණ.

කෙසේ වෙතත් මේ සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ආණ්ඩුව ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ ඉල්ලීමක් කරමින් කියා සිටියේ මේ වනවිට ආරක්ෂාව තහවුරු කොට ඇති බැවින් ලංකාවට පනවා ඇති සංචාරක තහනම ඉවත් කරන ලෙසටය. ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ලිඛිතවම ඇමෙරිකානු තානාපති කාර්යාලයට දැනුම් දීමක් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව, ඡන්දය කට ළඟ තියා ඇමෙරිකානු තානාපති කාර්යාලය ලංකාව සම්බන්ධයෙන් පනවා තිබූ මෙම සංචාරක තහනම ඉවත් කරගැනීමට පියවර ගත්තේය. එය බොහෝ දෙනා විග්‍රහ කොට තිබුණේ ඡන්දය කට මුල තියා ඇමෙරිකාවෙන් ආණ්ඩුවට ලැබුණු තෑග්ගක් ලෙස මෙය සැලකිය හැකිය කියාය. කෙසේ වෙතත් ඇමෙරිකානු රජය මෙම සංචාරක තහනම ඉවත් කිරීමට පියවර ගත්තේ වෙන මොනවාටත් වඩා ලංකාවේ ආණ්ඩුව ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගැනීමෙන් පසුවය.

පැන්ඩෝරා සහ පැනමා

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මකව මාතෘකාවක් වූයේ පැන්ඩෝරා පේපර්ස්, ඕෆ්ෂෝ ලීක්ස්, බහමා පේපර්ස්, පැනමා පේපර්ස් සහ පැරඩයිස් පේපර්ස් නමින් ලෝකයේ සිටින කෝටිපතියන් වෙනත් රටවල සඟවා ඇති ධනය සම්බන්ධයෙන් හෙළිදරව් කළ නම් ලැයිස්තුවය. එය ලංකාවට සම්බන්ධ වූයේ මෙරට ප්‍රධාන පෙළේ කෝටිපතියන් සහ ව්‍යාපාරිකයන් රැසක්ද මේ ආකාරයට විදෙස් රටවල හෙළිදරව් නොකළ ආයෝජන රැසක්ම සිදුකර ඇති බවට එමගින් වාර්තා කොට තිබීම නිසාය. ඒ කාලයේ මෙම වාර්තා හෙළිදරව් වීමත් සමග එවක සිටි විපක්ෂය එය දේශපාලන මාතෘකාවක් කරගැනීම නිසා එවක පැවැති ආණ්ඩුවද අකැමැත්තෙන් හෝ මේ සම්බන්ධයෙන් සොයාබැලීමට පියවර ගත්හ. ඇතැමුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිණ. ඒ අනුව රටේ ජනතාව මෙම මුදල් සොයාගත් ආකාරය හෙළිදරව් වනු ඇති බව සිතා සිටියද ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඉන් ඉදිරියට කිසිවක් සිදුවූයේ නැත. මාධ්‍යද පසුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අත්හැර දැමීම නිසා ඒ පැනමා පේපර්ස්, පැන්ඩෝරා පේපර්ස් සිද්ධීන් යටපත් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග බොහෝ දෙනා ඒ මහතාගෙන් ඉල්ලා සිටි කාරණාවක් වූයේ හොරුන්ට දඬුවම් දිය යුතු බවත්, මෙරටින් සොරාගෙන විදෙස් රටවල සඟවා ඇති කෝටි ප්‍රකෝටි ගණන් ධනය යළි මෙරටට රැගෙන ආ යුතු බවත්ය. ඒ අනුව පසුගිය සතියේ මේ ආකාරයට විදේශයන්හි මුදල් ආයෝජනය කර ඇති ශ්‍රී ලාංකිකයන් කවුරුන්ද යන්න පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් වී තිබිණි. එමෙන්ම ඔවුන් සම්බන්ධයෙන් සොයන ලෙස ලැබුණු ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සොයාබැලීමටද තීන්දු කර ඇති බවක් ආරංචිය.

මෙන්න නම් ලිස්ට් එක

ජනාධිපතිවරයා අතට මෙසේ පත්වී තිබුණේ ‘ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ එකමුතුව’ විසින් අනාවරණ කර තිබූ කෝටිපති ශ්‍රී ලාංකිකයන් විසින් විදෙස්ගතව සඟවා ඇති ධනයට හිමිකම් කියන පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවය. ඒ අනුව, රටේ නමගිය මේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් මෙම මුදල් ඉපැයූවේ කෙසේද, ඒවා රටින් පිටමං කළේ කෙසේද, ඒවා ආයෝජනය කර ඇත්තේ කුමන රටවලද යනාදිය පිළිබඳ සොයාබැලීම ආණ්ඩුවේ වගකීමය. එම මුදල් නීත්‍යනුකූල නොවන ආකාරයට උපයා ඇත්නම්, නීත්‍යනුකූල නොවන ආකාරයට රටින් පිටමං කර ඇත්නම්, නීත්‍යනුකූල නොවන ආකාරයට වෙනත් රටවල සඟවා ඇත්නම් ඊට අදාළ වැරැදිකරුවන් සොයා තරාතිරම හෝ යාළු මිත්‍රකම් නොබලා දඬුවම් කිරීමද ආණ්ඩුවේ වගකීමය.
පහත පළවන්නේ පැනමා පේපර්ස්, පැන්ඩෝරා පේපර්ස් ආදිය මගින් හෙළිකළ විදෙස්රටවල මුදල් ආයෝජනය කර ඇති පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවය.

ජයකොඩි ආරච්චිගේ දෝන මේරියන් ශ්‍රීනි පමෙලා ජයකොඩි – පැනමා පේපර්ස්
පාලවින්නගේ සුමිත් කුමාරතුංග – පැනමා පේපර්ස්
කෙනත් ජෝන් පෙන්ඩිග්‍රාස්ට් – පැනමා පේපර්ස්
ජයකොඩි ආරච්චිගේ දෝන මේරියන් ශ්‍රීනි පමෙලා ජයකොඩි – පැනමා පේපර්ස්
ප්‍රසන්න අතනසියුස් සිරිමෙවන් රාජරත්න – පැනමා පේපර්ස්
ටි්‍රස්ටන් ලෝරන්ස් බර්නාඩ් – පැනමා පේපර්ස්
නිකොලා ඩෝන් හකන්සන් – පැනමා පේපර්ස්
මයිකල් රොබට් නස්මිත් මැක්පර්සන් – පැනමා පේපර්ස්
අරූන් හයිඩ්‍රාමනි – පැනමා පේපර්ස්
මෝනා හයිඩ්‍රාමනි සහ අරූන් හයිඩ්‍රාමනි – පැනමා පේපර්ස්
අරුන් ප්‍රකාශ් මතානි – පැනමා පේපර්ස්
මුකේෂ් කුබ්චන්ඩ් – පැනමා පේපර්ස්
එන්.ජී. යිං පෙං – පැනමා පේපර්ස්
සිමන් ෆින්ච් – පැනමා පේපර්ස්
වයි.එච්.පී. කිත්සිරි – පැනමා පේපර්ස්
මන්ජුල කුමාර යාපා – පැනමා පේපර්ස්
ක්‍රිස්ටෝපර් රොහාන් මාටින් – පැනමා පේපර්ස්
කෙනත් ජෝන් පෙන්ඩිග්‍රාස්ට් – පැනමා පේපර්ස්
යාපා හෙට්ටි පතිරන්නැහැලාගේ නිස්සංක යාපා සේනාධිපති – පැනමා පේපර්ස්
මොහොමඩ් සිද්දික් මොහොමඩ් අලි – පැනමා පේපර්ස්
සේනාරත්න බණ්ඩාර දිසානායක – පැනමා පේපර්ස්
මින් සුආන් – පැනමා පේපර්ස්
සෝමසුන්දරම් මුකුන්තන් සහ ඈන් ක්‍රිස්ටීන් මුකුන්තන් – ඕෆ්ෂෝ ලීක්ස්
දුමින්ද මහාලි වීරසේකර – ඕෆ්ෂෝ ලීක්ස්
ජානකී ජගසියා – ඕෆ්ෂෝ ලීක්ස්
විද්‍යා දිල්රුක් අමරපාල – ඕෆ්ෂෝ ලීක්ස්
සුරේන්ද්‍ර එදිරිවීර – ඕෆ්ෂෝ ලීක්ස්
කන්දකර් මොයිනුල් අසන් – ඕෆ්ෂෝ ලීක්ස්
එජාස් චාතූර් – ඕෆ්ෂෝ ලීක්ස්
මුර්ටාසාලි අබිදුස්සන් හසන්අලි එසුෆලි – ඕෆ්ෂෝ ලීක්ස්
ඉම්රාන් අලිඅක්බාර් ජීවුන්ජී – ඕෆ්ෂෝ ලීක්ස්
අහමඩ් අස්මයිල් හොසින් – ඕෆ්ෂෝ ලීක්ස්
ජෙනිෆර් කැත්ලීන් සේනානායක – ඕෆ්ෂෝ ලීක්ස්
ශ්‍යාමලී චම්පිකා එදිරිවීර – ඕෆ්ෂෝ ලීක්ස්
එසුෆලි, ඉමිටියාස් අබිදුසන් හසන්අලි – ඕෆ්ෂෝ ලීක්ස්
සේනක දුනුවිල සේනානායක – ඕෆ්ෂෝ ලීක්ස්
ඔම්ප්‍රසදම් කනපතිපිල්ලේ – ඕෆ්ෂෝ ලීක්ස්
අක්තාර් මහමුද් – ඕෆ්ෂෝ ලීක්ස්
සුරේන්ද්‍ර එදිරිවීර සහ ශ්‍යාමලී චම්පිකා ඉදිරිවීර
සන්ජේ විජිත් අන්තනී පෙරේරා – ඕෆ්ෂෝ ලීක්ස්
අලිඅක්බාර් සයිෆුඩීන් ජීවුන්ජී – ඕෆ්ෂෝ ලීක්ස්
ශර්මිලා වහාබ් – ඕෆ්ෂෝ ලීක්ස්
ක්‍රිස්ටයන් ෆර්නෑන්ඩ් ෆහ්රර් – ඕෆ්ෂෝ ලීක්ස්
එසුෆලි, බිල්කුයිස් ඉම්ටියාස් – ඕෆ්ෂෝ ලීක්ස්
නිරන්ජන් සුනිල් ඔස්වල්ඩ් මෙන්ඩිස් – ඕෆ්ෂෝ ලීක්ස්
නිලාන් අබේවික්‍රම – ඕෆ්ෂෝ ලීක්ස්
තුෂාන් සහ ධම්මේස්වරී – ඕෆ්ෂෝ ලීක්ස්
ලසිත් ගාමිණී අට්ටියගල්ල – ඕෆ්ෂෝ ලීක්ස්
චන්ද්‍රජිත් සමන් කල්යාන ජයමහ ජයමහ හිටිහාමිලාගේ – ඕෆ්ෂෝ ලීක්ස්
දිමිත්‍රි ඩි වන්ස වික්‍රමරත්න – ඕෆ්ෂෝ ලීක්ස්
උඩු වතුවගේ ජගත් ප්‍රිය අනුර සුමතිපාල – ඕෆ්ෂෝ ලීක්ස්
ඩැනියෙල් ඕටිස් – ඕෆ්ෂෝ ලීක්ස්
තුෂාන් හර්ෂ මෙන්ඩිස් වික්‍රමසිංහ – ඕෆ්ෂෝ ලීක්ස්
බාලේන්ද්‍ර ක්‍රිෂාන් නිරාජ් ජයසේකර – ඕෆ්ෂෝ ලීක්ස්
ජයවර්ධන වේලාතන්ත්‍රීගේ ශිලන්ත් බොතේජු – ඕෆ්ෂෝ ලීක්ස්
රොහාන් ඇල්බට් ඉග්නේෂස් ගෝමිස් – ඕෆ්ෂෝ ලීක්ස්
ඇක්වා – පැකේජින් ලිමිටඩ් – ඕෆ්ෂෝ ලීක්ස්
චන්දෘ ස්වාමිදාස් ජගසියා – ඕෆ්ෂෝ ලීක්ස්
කළුඅච්චිගමගේ අවන්ති කුමාර ජයතිලක – ඕෆ්ෂෝ ලීක්ස්
ෆරීඩා ජීවුන්ජී – ඕෆ්ෂෝ ලීක්ස්
කිෂෝර් හසරම් සුර්තානි – ඕෆ්ෂෝ ලීක්ස්
ඩබ්. වනසිංහ මුදිහන්සේ රාළහාමිලාගේ නිහාල් ඩෙලා – පැරඩයිස් පේපර්ස්
ඩඩ්ලි පලිහවඩන ආරච්චිලාගේ – ඕෆ්ෂෝ ලීක්ස්
රන්ජිත් පරාක්‍රම ඩි අල්විස් – පැන්ඩෝරා පේපර්ස්
ක්‍රිස්ටි මහේන්ද්‍රන් තෝමස් – පැන්ඩෝරා පේපර්ස්
ඇඹුල්දෙණිය – හිරාන් චමින්ද – පැරඩයිස් පේපර්ස්
එන්ඩර්බි – ස්ටීවන් මාර්ක් – පැරඩයිස් පේපර්ස්
වික්‍රමසූරිය – චානක හිරාන් අබේසිංහ වීර – පැරඩයිස් පේපර්ස්
අතුකෝරල – ඩොනල්ඩ් නන්දසිරි – පැරඩයිස් පේපර්ස්
නිමල් කුක් – පැන්ඩෝරා පේපර්ස්
රාජේන්ද්‍රම් රාජාමහේන්ද්‍රන් – පැන්ඩෝරා පේපර්ස්
පෙරේරා ඕපාත කංකානමලාගේ ලහිරු දිනේෂ් – පැන්ඩෝරා පේපර්ස්
ආනන්ද මාපාතුංග – පැන්ඩෝරා පේපර්ස්
ඉම්රාන් මාකාර් – පැන්ඩෝරා පේපර්ස්
හමීඩ් ඉෆ්හාම් ජම්ෂෙඩ් අරීෆ් – පැන්ඩෝරා පේපර්ස්
නිරූපමා රාජපක්ෂ – පැන්ඩෝරා පේපර්ස්
ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝපර් අලස් – පැන්ඩෝරා පේපර්ස්
මෙරිල් ජෝෂප් ෆර්නෑන්ඩෝ – පැන්ඩෝරා පේපර්ස්
හසන් මහමූද් (රාජා) – ඕෆ්ෂෝර් ලීක්ස්
සනික් නෙට්වර්ක්ස් ලිමිටඩ් – ඕෆ්ෂෝර් ලීක්ස්
තෙවාසයාන් – ජූඩි ප්‍රියදර්ශිනි – පැරඩයිස් පේපර්ස්
ගුණවර්ධන – මීගහවත්තගේ චන්ද්‍රලාල් ද සිල්වා – පැරඩයිස් පේපර්ස්
එරික් ලෑන්ඩ්ස්පර්ජ් ලොග්ස්ට්‍රප් – පැරඩයිස් පේපර්ස්
ෆියොදෝරා ලෑන්ඩ්ස්පර්ජ් ලොග්ස්ට්‍රප් – පැරඩයිස් පේපර්ස්
සයුරු ජනදීප් දිසානායක – පැරඩයිස් පේපර්ස්
කාසිම් අටිල්ලා – පැරඩයිස් පේපර්ස්
ඉන්දික තිලාන් ස්වාමි මන්ඩිකෝරලාගේ පෙරේරා – පැරඩයිස් පේපර්ස්
සුන්තරේසන් පද්මනාතන් – පැරඩයිස් පේපර්ස්
එරික් ජොහාන් ඇන්ඩර්ස් විල්සන් – පැරඩයිස් පේපර්ස්
සුමිත්‍ර මුණසිංහ – පැන්ඩෝරා පේපර්ස්
අජිත් ඩේමන් ගුණවර්ධන – පැන්ඩෝරා පේපර්ස්
චාන්දනී අනෝමා ගුණවර්ධන – පැන්ඩෝරා පේපර්ස්
සෙයිඩ් මෝසෙන් ගිලානි – පැරඩයිස් පේපර්ස්
දේවනේසන් – අලගරත්නම් ජෝසප්
බණ්ඩාර – මේනකා කිරිඇල්ල – පැරඩයිස් පේපර්ස්
බ්ලැක්ලර් – ඩේවිඩ් ජෝන් මාර්ටන් – පැරඩයිස් පේපර්ස්
ජයමාන්න – දොන් ඇනටොල් නයිම්ස් – පැරඩයිස් පේපර්ස්
කුරුකුලසූරිය – ශ්‍යාමිකා – පැරඩයිස් පේපර්ස්
පේජ් – ලුයිස් රාජ්කුමාර් – පැරඩයිස් පේපර්ස්
පේජ් – ලුයිස් – පැරඩයිස් පේපර්ස්
පෝල් – ෆෙලික්ස් ශාමින් – පැරඩයිස් පේපර්ස්
පිටිගල – හිරාන් – පැරඩයිස් පේපර්ස්
සිවනේසන් – මිචෙල් මනෝජා – පැරඩයිස් පේපර්ස්
අර්ජවාලින්ගම් – ඥානලිංගම් – පැරඩයිස් පේපර්ස්
සුමිත්‍ර මුණසිංහ – පැන්ඩෝරා පේපර්ස්
සුදත් තිලකසිරි කොඩිකාර – පැන්ඩෝරා පේපර්ස්
ක්‍රිස්ටියන් ලීස් මාරියා ක්‍රිස්ටොෆර්සන් – පැන්ඩෝරා පේපර්ස්
රත්නසබාපති නරේන්ද්‍රන් – පැන්ඩෝරා පේපර්ස්
මොහාන්ලාල් – දොන් – පැරඩයිස් පේපර්ස්
කැන්සි ජසින්තා රාජාමහේන්ද්‍රන් – පැන්ඩෝරා පේපර්ස්
බින්දු දීපක් බක්ෂානි – පැන්ඩෝරා පේපර්ස්
ෂෙයාර්කෝර්ප් ලිමිටඩ් – ඕෆ්ෂෝර් ලීක්ස්

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

අපි කලින්ම කිව්වා! සිලින්ඩරේ ජාතික ලයිස්තුවෙන් ඇතුළට එන්නේ රවි-දිනේෂ්! I Sri Lanka Latest News

Next Post

සජිත්ව විශ්‍රාම යවනවා කිව්වා! විපක්ෂයේ බලය අල්ලනවා කිව්වා! එඩිතර විපක්ෂයක් බිහි කරනවා කිව්වා! දෙරණ TV-රේඩියෝ-පත්තරවලින් ලොකු කැම්පේන් එකක් කරලත් දිලිත් ගම්පහින් කුජීත වෙන්නම පැරදුණා! දැන් අලුත් සම්ප්‍රදායක් හදන්නද මන්දා ලැජ්ජා නැතිව දිලිත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිටිපස්ස දොරෙන් රිංගන්න යනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.