ජන අරගලය හමුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්වුවහොත් රටට නායකත්වය දීමට තමන් සූදානම බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) සඳහන් කළේ රට ගොඩගැනීමේ වගකීම තමන් භාරගැනීමට සූදානම් බවත්, එම වගකීම කිසි ලෙසකින්වත් පැහැර හරින්නේ නැති බවයි.










