අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තෙල් ආනයනය කිරීම සදහා පක්ෂ නායකවරුන්ගේ අනුමැතිය ඉල්ලා සිටීම හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව අගමැතිවරයා මෙම ඉල්ලීම කිරීමත් සමග පක්ෂ නායකයන් දැඩිව පෙන්වා දී ඇත්තේ එය කැබිනට් මණ්ඩලය විසින් සිදු කළ යුතු එකක් බවත්, වංචනික කටයුතුවලට මැදිහත් වීමට පක්ෂ නායකයන් සූදානම් නැති බවත්ය.
විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, සුමන්තිරන් වැනි පක්ෂ නායකයන් මෙහිදී දැඩිව අදහස් පළ කොට ඇති බවක්ද දැනගන්නට ඇත.










