මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. (Sri Lanka Latest News)
මහ මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ තේරීම් භාර නිලධාරීන් නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතර හමුවක් ඊයේ(28) පස්වරුවේ පැවැත්විණ. මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම පිළිබඳ මූලික කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම ලබන 4 වැනිදා සිට 11 වැනිදා දහවල් 12.00 දක්වා පැවැත්වේ.
තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම අනිද්දා (01) සිට 8 වැනිදා දක්වා සිදු කෙරේ.
lankadeepa










