බැංකු විසින් එක්වරක් පමණක් ලබාදෙන මුරපද (OTP) කිසිදු හේතුවක් මත හුවමාරු කර නොගන්නා ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.Sri Lanka Latest News
රටපුරා වාර්තාවන විවිධ බරපතල මූල්‍ය වංචා පිළිබඳ මහජනතාව දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළා.
ඒ අනුව බැංකු විසින් ලබා දී ඇති එක්වර මුරපද (OTP) කිසිවකු සමඟ බෙදා නොගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.










