ඉන්දියාවේ මධ්‍යම රජයේ නිල ආරාධනයකට අනුව එහි සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස ඊයේ (07) ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය භූපෙන්ද්‍රභායි පටෙල් (Bhupendrabhai Patel) හමුව තිබුණා. ඔහුත් සමඟ ගාන්ධිනගර්හි විදාන සභාවේදී (ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව) හමුවක් පැවැත්වූ බවයි වාර්තා වන්නේ. ප්‍රාන්තය තුළ දිළිදුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපායමාර්ග හා ප්‍රාන්ත පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවයි කියන්නේ.Sri Lanka Latest News
අනුර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ දූත පිරිස හමුවූ ගුජරාට් ප්‍රාන්තයේ වත්මන් මහ ඇමතිවරයා වන භාරතීය ජනතා පක්ෂයේ භූපේන්ද්‍රබායි පටෙල් 2016 අගෝස්තු 7 සිට එම ධුරයේ කටයුතු කරනු ලබනවා. ඒ ඔහුට පෙර ධුරය දැරූ ප්‍රධාන අමාත්‍යවරිය වූ ප්‍රාන්තයේ ප්‍රථම කාන්තා මහ ඇමතිනිය බවට පත්වූ ආනන්දිබෙන් පටෙල් ගෙන් පසුවයි. ප්‍රාන්තයේ දීර්ඝතම කාලයක් ප්‍රධාන අමාත්‍ය ධුරය දරනු ලැබුවේ භාරතීය ජනතා පක්ෂයේ නායකත්වය දරන වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යි. ඔහුගේ ධුර කාලය වසර දොළහක් වෙනවා.
ඉන්දීය දේශපාලනයේ දී ගුජරාට් ප්‍රාන්තය හඳුන්වන්නේ වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන උපන් බිම ලෙසයි සලකන්නේ.










