දේශීය ණය ප්‍රශස්තකරණය සිදුවූයේ, පාර්ලිමේන්තු අනුමැතියකින් බැවින්, ඊට එරෙහිව අධිකරණ තීන්දුවක් ලබාදීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි නියෝගයක් බව විපක්ෂයේ නායකයන් අද දින ඒකාබද්ධව සදහන් කර සිටියහ.Sri Lanka Latest News
එහිදී ඔවුන් පෙන්වා දුන්නේ මෙය වැරදි පූර්වාදර්ශයක් බවත්, කතානායකවරයා විසින්ම ස්ථාවර නියෝග කඩ කොට ඇති බවත්ය.
ජනාධිපතිවරයාගේ අතකොළුවක්, ඒජන්තයෙක් ලෙස කටයුතු නොකරන ලෙසද මෙහිදී විපක්ෂ නියෝජිතයෝ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.










