ජනාධිපති අරමුදලේ කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන වෛද්‍යාධාර අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගත ක්‍රමවේද (Online System) පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වී තිබේ.Sri Lanka Latest News
එහි එක් පියවරක් ලෙස උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම්වරු හා ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක් 2025.06.21 දින කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම වැඩසටහන මඟින්, උතුරු පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වා දීම හා වඩාත් කඩිනම් සේවාවන් සැපයීම පිණිස අදාළ දැනුම හා පුහුණුව ලබා දීමට අපේක්ෂිතය.
කොළඹ කේන්ද්‍රීයව සීමිත පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබා දුන් ජනාධිපති අරමුදල රට පුරා වෙසෙන ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දෙන ජනතාවගේ අරමුදලක් ලෙස ක්‍රියාත්මක කිරීම වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලක මණ්ඩලයේ මූලික අරමුණක් වී ඇති අතර එම අරමුණ ඉටු කර ගැනීම සඳහා මෙවැනි පුහුණු වැඩසටහන් අනෙකුත් පළාත්වල ද ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය
2025-06-04










