නොදන්නා චරිත රටේ ජනාධිපති ධූරයට රැගෙන විත් අමාරුවේ නොවැටෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේය.
දේශපාලන විග්‍රහයක් කරමින් ඒ මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ, ආර්. ප්‍රේමදාස යන මහත්වරුන් පිළිබදව මේ රටේ ජනතාව දැන සිටි බවත්, චන්ද්‍රිකා කුමාරතුංග සහ ගෝඨාභය රාජපක්ෂ පිළිබදව කිසිවක් දැන නොසිටි බවත්ය.
එවැන්නන් බලයට ගෙන ආ යුතු නැති බව පෙන්වා දුන් ඒ මහතා නොදන්නා චරිත බලයට ගෙනැවිත් නැවත වළේ නොවැටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමටද පියවර ගත්තේය.










