කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුර රෝගියෙකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. Sri Lanka Latest News
එතෙක් එම ඖෂධය භාවිතය අත්හිටවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
මිය ගොස් ඇති රෝගීයා කැපුම් තුවාල සහිතව වරකාපොළ රෝහලෙන් ජාතික රෝහලට මාරුකර යැවුණු අයෙක් වන අතර ප්‍රතිජීවක ඖෂධයෙන් 50%ක් ලබාදෙන අතුරතුර ඔහු මියගොස් තිබුණි.
මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසුවේ ඔහුව රෝහලට රැගෙන ආවේ කැපුම් තුවාලයක් හේතුවෙන් බවත් ඔහුට වෙනත් කිසිදු රෝගයක් නොතිබුණ බවත්ය.
මිය ගිය පුද්ගලයාගේ පුත්‍රයා,
“අතේ තුවාලයක් තිබිලා ඉස්පිරිතාලේට එක්කරගෙන ආවේ. 1ටත් කෝල් කරා අමාරුවක් නෑ කියලා. ඔප්රේෂන් කරාට පස්සේ තමයි තාත්තා නැති වුණේ. වෙන ලෙඩ මුකුත් නෑ. අම්මා රට. මමයි මල්ලී නංගිලා දෙන්නයි තාත්තා තමයි මෙච්චර කාලයක් අපිව බලා ගත්තේ.”
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා,
“මෙම මරණය බොහෝ විට ඖෂධ ආසාත්මිකතාවයක් නිසා මිය ගිය බවට කරුණු තියෙනවා. මේ වන විට මේ ඖෂධ කාණ්ඩයේ ඖෂධ දිවයින පුරාම තියෙන රෝහල්වල රෝගීන්ට ලබා දීම නතර කරලා තියෙනවා.”










