උදරාබාධයකට ප්‍රතිකාර ගැනීම සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව සිටියදී හදිසියේ මියගිය 21 හැවිරිදි තරුණියගේ මරණයට හේතුව අසාත්මිකතාවක් බවත්, ඇයට ලබාදුන් එන්නතේ කිසිදු ගැටලුවක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. (Sri Lanka Latest News)
එහෙත් ඇයගේ දෙමාපියන් ඊයේ චෝදනා කළේ රෝහලේදී තම දියණියට ලබාදුන් එන්නතක් හේතුවෙන් මෙම මරණය සිදුවූ බවටයි.
දෙමාපියන් එල්ලකරන මෙම චෝදනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ අදාළ තරුණියට සෙෆ්ටි්‍රඇක්සෝන් නැමති ප්‍රතිජීවක ඖෂධය ලබාදී ඇති බවයි.
එහෙත් එම ප්‍රතිජීවක ඖෂධයේ ගැටලුවක් හේතුවෙන් ඇය මියගොස් නොමැති බවට තහවුරු වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත් පසුගිය කාලසීමාවේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ ළමා රෝහලේ සිදුවූ මරණ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ සොයාබැලීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් අනිද්දා අදාළ රෝහල් වෙත යාමට නියමිත බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
hirunews










