ජනාධිපති කාර්යාලය යන පුවරුව ප්‍රදර්ශනය කරමින් යම් වාහනයක් ධාවනය කරන්නේ නම් එම වාහන ජනතාව රැවටීම සඳහා එසේ කරන බවවැඩ බලන ජනාධිපති ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය පවසයි. (Sri Lanka Latest News)
ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට සහ රියැදුරන්ට තම වාහනවල ජනාධිපති ලේකම් කාර්යාල නාමපුවරුව ප්‍රදර්ශනය නොකරන ලෙසට දැනුම් දී ඇති බවද වැඩබලන ජනාධිපති ලේකම්වරිය කියයි.
එවැනි නාමපුවරු ප්‍රදර්ශනය කරන ඕනෑම වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ නොවන අතර මහජනතාව රැවටීමට උත්සාහ කරන ව්‍යාජයන් බව වැඩබලන ජනාධිපති ලේකම්වරිය සඳහන් කරයි.
lankadeepa.










