තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ, පස්වන වරටත් Heart to Heart International ආයතනය ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ආසන්න වශයෙන් ඩොලර් 5,735,953 (එනම් රුපියල් බිලියන 1.87) වටිනා හදිසි වෛද්‍ය ආධාර තොගයක් පරිත්‍යාග කිරීම සඳහා අවශ්‍ය සියලුම රජයේ අනුමැතිය ලබාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තානාපති කාර්යාලය මගින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලද මෙම පස්වන පරිත්‍යාගය 2023 මැයි 08 වන දින ගුවනින් කොළඹට පැමිණ ඇත. නවතම පරිත්‍යාගයට අධි රුධිර පීඩනය සඳහා වන labetalol වැනි විශේෂිත ඖෂධ, දැවිල්ල, දරුණු අසාත්මිකතා සහ ඇදුම වැනි තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා වන prednisone සහ ඇදුම රෝග ලක්ෂණ සහ හුස්ම හිරවීම සඳහා දෙනු ලබන fluticasone salmeterol යන ඖෂධ වර්ග ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කරන ලද මෙම නොමසුරු පරිත්‍යාගයන් වෙනුවෙන් Heart to Heart International ආයතනය වෙත වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉමහත් ස්තුතිය පුදකර සිටී. Heart to Heart International ආයතනය විසින් සියළුම වියදම් දරා ඇති එම ඖෂධ තොගය ශ්‍රී ලංකාවාසී ජනතාවට කිසිදු වියදමකින් තොරව කඩිනමින් බෙදා හැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් භාරගනු ලබයි.
කන්සාස් ප්‍රාන්තයේ ලෙනෙක්සා නගරයේ මූලස්ථානය පිහිටා ඇති Heart to Heart International (HHI) ආයතනය, සෞඛ්‍යය ප්‍රවේශය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ගෝලීය මානුෂීය සංවිධානයකි. 1992 වර්ෂය ආරම්භයේ සිට, HHI ආයතනය එක්සත් ජනපදය ඇතුළුව රටවල් 130 කට වැඩි ගණනකට ඩොලර් බිලියන 2.5 ක් වටිනා වෛද්‍ය ආධාර සහ සැපයුම් ලබා දී ඇත. වෛද්‍ය සහන සැපයීමෙන් සහ ස්වේච්ඡා සේවකයන් බලමුලු ගැන්වීමෙන් HHI ආයතනය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ස්වභාවික විපත්වලට ප්‍රතිචාර දක්වනු ලබයි. මෙම සංවිධානය තරු 4 පුණ්‍යායතනයක් මෙන්ම BBB ප්‍රතීතනය ලත් පුණ්‍යායතනයක්ද වන අතර එය “Philanthropy 400” යටතේද නම්කර ඇත.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය Heart to Heart International
වොෂින්ටන් ඩී.සී. කන්සාස්
2023 මැයි 11