අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පෙරවීම සම්බන්ධයෙන් තමා සමාව අයැද සිටින බව ඊට සම්බන්ධ වූ ලියෝ අමරානන්ද පවසයි.Sri Lanka Latest News
පසුගිය ඉල් පුර පසළොස්වක පොහොය දිනය දා මොහු ඇතුළු පිරිසක් ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පොරවා අමුතු ආකාරයේ ආමිස පූජාවක නිරත වූ අතර එම ක්‍රියාව සමාජ මාධ්‍ය පුරා බොහෝ විවේචනයට ලක් වුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා විද්වතුන් ඇතුළු පාර්ශව රැසකගේ විරෝධය පළ වූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කළා.










