රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේට සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුව සහ වරප්‍රසාද කමිටුව යන දෙකෙහිම චමල් රාජපක්ෂ මහතා සාමාජිකත්වය දැරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කතානායකවයරයාට චෝදනාවක් එල්ල විය.
එහිදී සිද්ධියට සම්බන්ධ වී සිටි රෝහණ බණ්ඩාර මහතා සිය විරෝධය පළකරමින් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ අතර විපක්ෂයේ ස්වාධින මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා කියා සිටියේ ‘නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.. කැකිල්ලේ තීන්දුවක්’ යැයි කියාය.
Sri Lanka Latest News










