• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

COP 28 සමුලුව අමතමින් ජනපතිගෙන් යෝජනා රැසක්! I Sri Lanka Latest News

December 2, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ මහ සභාවට රනිල් යයි! බංකොලොත් බවෙන් මිදෙන්න සහාය ඉල්ලයි!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් ඊට නායකත්වය ගැනීමට සූදානම්ද නැද්ද යන තීරණාත්මක එකඟතාවට මෙවර COP28 සමුළුවේ දී එළැඹිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

මෙය කිසිසේත් කල් මරමින් සිටිය නොහැකි අතර සතුරා සිටින්නේ දොරටුව අභියස බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණ විපර්යාස සමුළුව හෙවත් COP 28 ප්‍රධාන සමුළුව රටවල් 54ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඩුබායිහි එක්ස්පෝ සිටිහිදී ආරම්භ කෙරුණු අතර සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

පස්වැනි ආසියා පැසිෆික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදයේදී එකඟ වූ පරිදි, දේශගුණික යුක්ති සංසදය පිහිටුවීම සඳහා 2024 පෙබරවාරි 6 වන දින පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට ශ්‍රී ලංකාව යෝජනාවක් ඉදිරිපත් කරන බවත් එම දේශගුණ යුක්ති සංසදය දේශගුණික විපර්යාස අවම කර ගැනීම පිළිබඳ නිර්මාණාත්මක සහ ක්‍රියාශීලී මැදිහත්වීම් සඳහා වේදිකාවක් සපයනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

22 වැනි සියවස වන විට නිවර්තන වැසි තීරය සමකයෙන් ඉවතට මාරු විය හැකි බවට ඇතැම් විද්‍යාඥයන් විසින් අනාවැකි පළ කර තිබෙන අතර පුනර්ජනනීය බලශක්තිය, පරිසර දූෂණය පාලනය සහ ස්වභාවික විසඳුම් සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීම අවශ්‍ය බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් දේශගුණික විපර්යාස සම්බන්ධ මුලපිරීම් පිළිබඳ වාර්තා කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් කැඳවීමට අපේක්ෂා කරන අතර එමගින් සම්පූර්ණ නිවර්තන කලාපය පුරා පමණක් නොව සමස්ත ලෝකය පුරා බහු ආංශික සැලැස්මක් බෙදා හැරීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

COP28 සමුළුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ කථාව පහත පරිදි වේ.
පළමුවෙන් COP28 සඳහා සත්කාරකත්වය ලබාදීම වෙනුවෙන් සහ දක්වන ලද ආගන්තුක සත්කාර වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජතුමාටත්, රජයටත් මගේ සුභපැතුම් සහ කෘතවේදීත්වය පළ කරනවා.
2023 වසරේදී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි වාර්තාව තුළ “කඩවුණු පොරොන්දු” ලෙස දක්වමින් අනතුරු ඇඟවූයේ මේ සියවසේ අවසානය වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් ඉහළ යාමේ අර්බුදයට මුහුණ දෙන බවයි.
මූල්‍ය, තාක්‍ෂණය සහ දේශගුණය සඳහා වන ආයෝජන සම්බන්ධයෙන් පවතින අඩු අනුවර්තන ධාරිතාව හේතුවෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවල් වන අප, මෙම තත්ත්වයන් මඟින් අසමානුපාතික ලෙස අවධානමට ලක්විය හැකි අතර එමඟින් අප රටවලට අසමාන බලපෑමක් ඇති කරනවා.
දේශගුණික මූල්‍යකරණය පිළිබඳ ඉහළ මට්ටමේ ස්වාධීන විශේෂඥ කණ්ඩායමේ වාර්තාව මඟින්, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා අවම වශයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් අවශ්‍ය බව අවධාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, අරමුදල් සැපයීමේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම පිළිබඳ කමිටුව විසින් සිය 2023 නොවැම්බර් මස 4 දිනැති වාර්තාව මඟින් “අලාභ සහ පාඩු පිළිබඳ අරමුදල” සඳහා ස්වේච්ඡා දායකත්වයන් පමණක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.
එම වාර්තාව මගින් මීට අවශ්‍ය අරමුදල් පිළිබඳ හෝ එහි දායකයින් කවුද යන්න පිළිබඳ සඳහන් කරන්නේ නැහැ. එම වාර්තාව ගෝලීය ණය සහනකරණය පිළිබඳ ප්‍රශ්නය හමුවේ ද නිහඬව සිටින අතර මේවා එකිනෙකට බැඳී පවතිනවා.
කෙසේ වෙතත්, එයින් දින හතරකට පසුව නිකුත් වූ, ගෝලීය තක්සේරුව පිළිබඳ පළමු තාක්ෂණික සංවාදයේ වාර්තාව මඟින් මේ සඳහා වාර්ෂිකව අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන ගණනක් අවශ්‍ය බව අවධාරණය කර තිබෙනවා.
මතභේදාත්මක තත්ත්වයක් ඇති නොවීම සඳහා සම්මුතියකට පැමිණීම විසඳුමක් නොවෙයි.අපි කාවද රවට්ටන්නේ? දේශගුණික යුක්තිය සෑම රටකටම සහ සෑම පුද්ගලයෙකුටම හිමි විය යුතුයි.
මෙම පසුබිම තුළ, පස්වැනි ආසියා පැසිෆික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදයේදී එකඟ වූ පරිදි, 2024 පෙබරවාරි 6 වන දින පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව සඳහා “දේශගුණික යුක්ති සංසදය” පිහිටුවීම වෙනුවෙන් වන යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරනවා.
දේශගුණ යුක්ති සංසදය මඟින් අපට නිර්මාණාත්මක සහ ක්‍රියාශීලී මැදිහත්වීම් සඳහා වේදිකාවක් සපයනු ඇතියි.
එසේම “ගෝලීය ජ්වලන යුගය පැමිණ තිබෙනවා.” යනුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කළා.
සතුරා සිටින්නේ අපගේ දොරටුව අභියසයි. නමුත් අප තවමත් කල්මරමින් සතුරන්ට එරෙහිව සටන් කිරීම සඳහා අපගේ සේනාංක සූදානම් කරමින් සිටිනවා.

ඒ නිසා ඉදිරි දෙසතිය තීරණාත්මකයි.අපට නායකත්වයක් ලබාදීම සඳහා හැකියාවක් තිබේ ද නැද්ද යන්න පිළිබඳ එයින් තීරණය වනු ඇතියි. ක්‍රියාවෙන් අපට එය හැකි බව අපි තහවුරු කළ යුතුයි.
ශ්‍රී ලංකාව ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 කින් පහත හෙළීම සඳහා කැපවී සිටිනවා. අප පවතින රාමුවෙන් පිටත සිතිය යුතුයි.අපි ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට මුහුණ දීම සඳහා නිවර්තන කලාපය තුළ ආයෝජන සිදු කළ යුතුයි.
නිවර්තන කලාපය තුළ පිහිටා ඇති රටවල් 134 මගින් පෘථිවි පෘෂ්ඨයේ 44% ක් ආවරණය කරනු ලබන අතර, 2030 වන විට ලෝක ජනගහනයෙන් 50% ක් පමණ එහි වාසය කරනු ඇතියි. ලෝකයේ ඉතිරිව ඇති ප්‍රාථමික වනාන්තර බොහොමයක් නිවර්තන කලාපය තුළ පිහිටා ඇති අතර එම කලාපය තුළ කොරල්පර පද්ධති ද පිහිටා තිබෙනවා.
නිවර්තන කලාපය සතුව පවතින පොහොසත් ජෛව විවිධත්වය මගින් ජීව විද්‍යාත්මක කාබන් අනුක්‍රමණය වැඩි දියුණු කරන අතර, එමඟින් කාලගුණ අස්ථාවරත්වයන්ගෙන් ලෝකය ආරක්ෂා කළ හැකියි.
එමෙන්ම, සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ මගින් බලශක්ති උත්පාදනය කිරීමේ හැකියාව පෘථිවියේ අනෙකුත් ප්‍රදේශවලට වඩා නිවර්තන කලාපය තුළ සැලකිය යුතු මට්ටමක තිබෙනවා. එහෙත් නිවර්තන කලාපයේ මානව ක්‍රියාකාරකම්, මෙම කලාපයේ පවතින සමතුලිතතාවය අසමතුලිත කිරීම සඳහා පහසුවෙන් හේතු විය හැකියි.
එසේම 22 වැනි සියවස වන විට නිවර්තන වැසි තීරය සමකයෙන් ඉවතට මාරු විය හැකි බවට ඇතැම් විද්‍යාඥයන් විසින් අනාවැකි පළ කර තිබෙනවා.
පුනර්ජනනීය බලශක්තිය, පරිසර දූෂණය පාලනය සහ ස්වභාව ධර්මය මත පදනම් වූ විසඳුම් සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීම මඟින් කාබන් අනුක්‍රමණය වැඩිදියුණු කිරීම හරහා සමස්ත ලෝකය තුළ සැලකිය යුතු පරිවර්තනීය වෙනස්කම් ඇති වනු ඇතියි.
එබැවින්, ශ්‍රී ලංකාව සහ අදාළ රටවල් නිවර්තන කලාපයේ දේශගුණික විපර්යාස සම්බන්ධ මුලපිරීම පිළිබඳ වාර්තා කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් කැඳවනු ලබනවා.එමඟින් මුළු නිවර්තන කලාපය පුරා පමණක් නොව සමස්ත ලෝකය පුරා බහු ආංශික සැලැස්මක් බෙදා හැරීමට ද කටයුතු කරනවා.
ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) වත්මන් සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරය සහ දේශගුණික විපර්යාස අතර පවතින අන්තර් රඳා පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරනවා.
නිරුපද්‍රිත සාගරයක් විසින් ඔක්සිජන් නිපදවන අතර ගෝලීය උණුසුමෙන් නිපදවන කාබන් හා තාපය එමගින් අවශෝෂණය කරනවා. ගොඩබිම් වනාන්තර වලට සාපේක්ෂව, කඩොලාන සහ මුහුදු තණකොළ මඟින් කාබන් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගනු ලබනවා.
කෙසේ වෙතත්, වේගවත් දේශගුණික විපර්යාස නිසා සමුද්‍රීය පරිසරය වෙනස් වෙමින් පවතින අතර මුහුදු මට්ටම හා උෂ්ණත්වය ඉහළ යාම, සාගරය ආම්ලිකකරණය වීම, කොරල් පර විනාශ වීම, සමුද්‍රීය ජීවීන්ගේ වාසස්ථාන විනාශ වීම සහ ආන්තික කාලගුණික රටාවන් ද ඇතිවීම සිදු වෙනවා.
මෙම සංසිද්ධි තුළින් සාගර ජෛව විවිධත්වය, සාගර මත රඳා පවතින ආහාර රටාවන් සහ වෙරළ ආශ්‍රිත ජීවනෝපායන් කඩාකප්පල් කිරීම මගින් සෘජුවම මිනිස් ජීවිත වලට බලපෑම් ඇති කරනවා.

තිරසර බවින් යුතු ඉන්දියන් සාගරයත් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම සඳහා ඉන්දියානු සාගර කලාපයේ වටද්දර රටවල සංගමයෙහි සාමාජික රටවල් සහ හවුල්කරුවන් කටයුතු කරනු ඇතියි.
නිවර්තන කලාපීය මුලපිරීම සහ ඉන්දියානු සාගරය වෙනුවෙන් ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ වැඩසටහන ඒකාබද්ධ කිරීම මඟින් කාබන් අනුක්‍රමණය සඳහා වන විශාලතම ගෝලීය එකතුව නිර්මාණය කරනු ඇතියි.
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නවීන විද්‍යාත්මක දැනුම සහ සොයාගැනීම් ඵලදායී ලෙස භාවිතා කිරීම අවශ්‍යයි.එම නිසා, COP27 හි දී, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 අවම කිරීමේ තීරණාත්මක ප්‍රයත්නයන්ට දායක වීමට අවශ්‍ය ධාරිතා ගොඩනැගීම සහ පර්යේෂණ කටයුතු දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් (ICCU) පිහිටුවීමට ද මම යෝජනා කළා. ලබන වසරේ අප ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය (ICCU) පිහිටුවීම සඳහා මුලපුරනවා.
ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, කෙහෙළිය රඹුක්වැල්ල, කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන යන මහත්වරන් ද, විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක, අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් ද දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, මුදල් අමාත්‍යාංශයේ උපදේශක දේශාල් ද මෙල්, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-12-01

SendShareShare
Previous Post

හොරු නසන කෙනෙක් වේ නම් ඒ ඔබයි උපුල් මිනිසා I Sri Lanka Latest News

Next Post

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් ඇන්දවූ අමරානන්ද පළමුවරට මාධ්‍යයට කතා කරයි! ‘මම දන්නේ නෑ’ කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.